
(කේ. බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනකුට තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ වෑන් රථයේ සහ බස් රථයේ රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයන් දෙදෙනා ඊයේ (22) රාත්‍රි අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා ඩුබාහිර රටේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටියේ නැමැත්තාගේ දැනුම්දීම මත අතුරුගිරියේ ඝාතනය සිදුකිරීමෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනා මෝටර් රථයෙන් කොරතොට ප්‍රදේශයට පැමිණෙන තෙක් වෑන් රථයේ රැඳී සිට එතැන් සිට සැකකරුවන් දෙදෙනා බුලත්සිංහල ප්‍රදේශයට වෑන් රථයෙන් රැගෙන යාම සිදුකළ එහි රියදුරු සහ බුලත්සිංහල ප්‍රදේශයේ සිට අදාල වෙඩික්කරුවන් දෙදෙනා බස් රථයකින් අධිවේගී මාර්ගය ඔස්සේ දික්වැල්ල ප්‍රදේශයට රැගෙන ගොස් එම ප්‍රදේශයෙන් බස්සවා අදාල බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයට රැගෙන ගොස් අතහැර දමා සැඟව සිටි බස් රථයේ රියැදුරු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බස් රථයෙහි රියදුරු වන්නේ අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයකු වන අතර එම සැකකරු ලොකු පැටි නැමැති අපරාධකරුගේ ඥාති කාන්තාවක සමඟ විවාහ වී සිටින අයකු බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
COMMENTS