IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කල්පිටි ඩ්‍රැගන් පෘට් මාතලේ

කල්පිටිය  ඩ්‍රැගන් පෘට් මාතලේ අලෙවි වෙයි. වෙළෙද මහතකු වන  පි රත්නසිරි මහතා පැවසුයේ ඩ්‍රැගන් පෘට් කිලෝවක්  රුපියල් 400ක් ගණනේ අලෙවි වන බවයි. මේ පළතුරට හොඳ ඉල්ලුමක් පවතින බවද ඔහු කියයි.

mahesh1 mahesh-2 mahesh3

 



අදහස් (0)

කල්පිටි ඩ්‍රැගන් පෘට් මාතලේ

සුජිත් Thursday, 24 July 2014 11:54 AM

කටුව ඇද කරන්න ඕනෑ නැහැ. හැම තරාදියකම තියෙනවා බිංදුව නිවැරදි කිරීමේ ක්‍රමයක්. ඒකෙන් වෙනස් කරලා හොරට කිරන්න පුළුවන්. හදිසියේ නිලධාරීන් එනකොට නිවැරදි කරලා තියන්නත් පුළුවන් (නි)

:       0       0

චන්දි Thursday, 24 July 2014 12:26 PM

පිටින් නම් ලස්සනයි. රස කොහොමද දන්නේ නැහැ නේද...? (නි)

:       0       0

පද්මිනී Friday, 25 July 2014 05:05 AM

හරිම ලස්සනයි. මේ පලතුර ලංකාවේ සෑම පළාතකම වැවෙනවද? මමත් රස බලා නැහැ.(අ)

:       0       0

කසුන් Thursday, 24 July 2014 01:33 PM

දැන් සමහරු බලාගෙන ඇති නිකන් කන්න මේකත් (නි)

:       0       0

උදාර Friday, 25 July 2014 06:07 AM

නියමයි මං නම් කාලා තියනවා ටිකක් විතර දිය රහක් තියනවා. නමුත් රහයි.ගහක් අපේ ගෙදර තියනවා. (අ)

:       0       0

අචිනි Thursday, 24 July 2014 07:33 AM

බලාගෙන මේකටත් බද්දක් දමාවි (නදී)

:       0       0

සුසන්ත Thursday, 24 July 2014 07:43 AM

මට නම් මේ පලතුරු ජාතිය කන්න ලැබිලම නැහැ.(නදී)

:       0       0

ධම්ම Thursday, 24 July 2014 07:46 AM

ඩ්‍රැගන් පෘට් රුපියල් හාරසීය ගානේ කන්න මාතලේ මිනිසුන්ට හොඳට සල්ලි ඇති. එතකොට මොනවද මේ විටින් විට නගන අදෝනා මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ කියලා. (නදී)

:       0       0

ශීලා Thursday, 24 July 2014 07:57 AM

ඩ්‍රැගන් ෆ්රුට් වල උපත චීනය කියල මන් නම් අහල තියෙන්නේ. හරිද මන්දා. (නදී)

:       0       0

රසාක් Thursday, 24 July 2014 08:28 AM

සල්ලි තියන මිනිස්සුත් කනවා. සල්ලි නැති මිනිස්සුත් කනවා. කොයි දේ කන්නත් පින් කරලා තියෙන්න ඕනේ (නදී)

:       0       0

රසාක් Thursday, 24 July 2014 08:30 AM

සල්ලි තිබුනොත් හරි නොතිබුනොත් හරි කොහොමටත් පින් කරලා තියෙන්න ඕනේ මේ වගේ දේවල් කන්න (නදී)

:       0       0

උපුල් Thursday, 24 July 2014 04:42 PM

බර හරියට තියනවද දන්නේ නැහැ (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 24 July 2014 05:16 PM

ඩ්‍රැගන් පෘට් වලටත් බද්දක් එයිද දන්නේ නැහැ. (නි)

:       0       0

වරුණ Thursday, 24 July 2014 08:51 AM

දුප්පත් අය වගේම සල්ලි තියෙන අයත් ඉන්නවා කොහෙත් (නදී)

:       0       0

අභය Thursday, 24 July 2014 08:58 AM

ලංකාවේ මොන වෙළෙන්දා බඩු විකිනුවත් ඔය පේන්න තියන තරාදිය නම් හෙන හොර තරාදියක්. ඕවා තියාගෙන ඉන්න වෙළෙන්දන් ගෙන් මම බඩු ගන්නෙම නැහැ මොකද ඕක 100g විතර ඕනෙම වෙළෙන්දෙක් ඉස්සරහට කටුව පොඩ්ඩක් නවල ඇද කරලා තමයි තියෙන්නේ එය නිසා පොඩි ගානක් අඩුවට දෙනවා බඩුත් අඩුවෙන් ලැබෙන්නේ කියල අපිට හිතෙන්නේ නැහැ. බලන්න පිටකොටුවේ මිදී / පුහුල් දෝසි / කෙසෙල් වගේ ඔක්කොම කිරන්නේ ඔය වගේ තරාදි වලින් නේද (නදී)

:       0       0

ආනන්ද Thursday, 24 July 2014 09:07 AM

ඉල්ලුමට වඩා සැපයුම වැඩි වගෙයි පෙනෙන්නේ. (නදී)

:       0       0

ගාමිණී - සිරි Thursday, 24 July 2014 09:25 AM

ලංකාවේ වැවෙන ඩ්‍රැගන් පෘට් , දුරියන්, වල මිල ගණන් ඉහල නිසා අඩුවට දෙන්න ඒවත් පිටරටින් ගෙන්වන ක්‍රමයක්, පිට කොටුවේ පලතුරු වෙළෙන්දෝ නොකලොත් පුදුමයක් නෙවේ (නදී)

:       0       0

කුමාර් Thursday, 24 July 2014 10:15 AM

මේවා අරාබි කරයේ රුපියල් 1,500 - 2,000 විතර වෙනවා කිලෝ එකක්. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 24 July 2014 10:27 AM

සිරි ලක දේ සිරි සැප දේ කියන නිසා කට්ටියම සද්දේ වහල ගෙඩියක් දෙකක් කාල බලන්නකෝ (නදී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 24 July 2014 10:54 AM

අභයගේ අදහස හරි. ඩ්‍රැගන් පෘට් ගුණයිද දන්නේ නැහැ. රස නම් නැහැ (නදී)

:       0       0

අසංක ගුණසේකර Thursday, 24 July 2014 11:39 AM

ඩ්‍රැගන් පෘට් මාර ගුණයි. .ගාන වැඩි උනත් කමක් නැහැ කොලස්ටරෝල්, බ්ලඩ් ප්‍රේසර් ඔක්කොටම ගුණයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site