“ක්ලින්ටන් ගෝලීය සංසදයේ 2016 වාර්ෂික හමුව” සඳුදා (19) පස්වරුවේ නිව්යෝර්ක්හි ෂෙරටන් හෝටලයේදී ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක සැසියේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහභාගී විය.
“තිරසාර සංවර්ධනය සඳහා කාන්තාවන් බලගැන්වීමේ මෙහෙයුම” තේමාව යටතේ රටවල් 12 ක රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව පැවැත්විණි.මෙහි ආරම්භක දේශනය අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතාගේ දියණිය වන චෙල්සි ක්ලින්ටන් සිදු කළාය.
එම හමුවට එක්වූ රාජ්‍ය නායකයින් පිළිගැනීම බිල් ක්ලින්ටන් මහතා විසින් සිදු කළ අතර ගෝලීය එකමුතුව වර්ධනය සඳහා ශී‍්‍ර ලංකාවෙන් ලැබෙන දායකත්වය එහිදී ඇගයීමට ලක් කෙරිණි.
ඉතාලි අග‍්‍රාමාත්‍ය මැට්යුව් රෙන්සි , ස්වීඩන අග‍්‍රාමාත්‍ය ස්ටැෆන් ලොෆ්වේන් ඇතුළු රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ පිරිසක් ද සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ‘අපේ කාන්තාවෝත් දැන් බියර් බොන්න පුරුදුවෙලා‘ කියන කතාව මෙතනදී ඇදුනේ නැහැ නේද? (නි)
ඇයි මේ? “ක්ලින්ටන් ගෝලීය සංසදයේ 2016 වාර්ෂික හමුව” කියන්නේ ගොඩක් ලොකු උත්සවයක්ද? ඕනෑ කෙනෙකුට යන්න පුළුවන්නේ සමුළු වලට. සුසිල් සහ චතුරි හොඳයි ක්ලින්ටන්ට කඩේ යවන්න. මොකද ඇමරිකන් සුද්දාගේ හැමදේම හරිම අගෙයි. පවු! (නි)
ඕවා ඉතින් සමුළු වල කතාකළාට අපේ රටේ කාන්තාවන්ගේ සැබෑ ජීවිතයේ නම් දකින්න නැහැ (නි)
අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග ගිහින් අත පය පවා නැතිකර ගන්නවා. පුලුවන් නම් අන්න ඒවට මොනවාහරි කරන්න (නි)
මොනිකා එහෙමත් ඇවිල්ල කියල ආරංචියි. (අ)
මැටිපහන නමට ඔබින. කියමන ,ක්ලින්ටන්ටත් හිනා මේවා දැකල (අ)
හරියට හරි චතුරි, මැටිපහන හොඳයි ට්‍රම්ප්ගෙ චන්ද වැඩට යැව්වානම්. එක වල්ලෙ පොල්. (අ)
අපේ ජනපතිතුමා අපිට ආඩම්බරයක් (නි)