ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කැරුණු නව ආසන සංවිධායකවරු 04 දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.
කැලණිය ආසන සංවිධායක ලෙස කටයුතු මර්වින් සිල්වා මහතා ඉවත් කර කැලණියේ සංවිධායක ලෙස තිලක් වරාගොඩ මහතා පත් කර ඇත.
මුල්කිරිගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකාව ලෙස නිරුපමා රාජපක්ෂ මහත්මිය ද, පුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස වික්ටර් ඇන්තනී පෙරේරා මහතා ද, කැළණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත් තිලක් වරාගොඩ මහතා ද, බුලත්සිංහල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ආර්.පී. තුසිත කුලරත්න මහතාද පත්වීම් ලැබී ලැබූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු මොනවා කිව්වත් මර්වින්ට තැනක් දෙනවා ,පොඩි මිනිහගේ මිනිහ (ස)
අත්තෙන් අත්තට පනින කුරුල්ලා අන්තිමට... (ස)
බලාගෙන මර්වින් ගොයියාගේ වත්තේ වැටේ මිනී මරණ පොල්ගස් ඉන්නවලු ..? (අ)
මිනිසුන්ට එපා වුණ දේශපාලකයෝ අද දේශපාලකයන්ටත් එපා වෙලා.(ම)
අනේ පවු මර්වින් මහත්තයා. (අ)
මර්වින් කියන්නේ තමන්ගේ ස්වාමියාට බොහොම ගරු කරන කියන දේ ඊටත් වඩා හොඳට කරන සුවච කීකරු ගෝලයෙක් , එතුමා ගැන කණගාටු වෙනවා මොකද එතුමාව මෙතනට අැදල දැම්මේ රජ කරපු කට්ටියම තමයි , එතුමා ඉස්ට කලේ රජ අනයි , මර්වින්ට දුන්න බෙහෙතම අනිත් බවලත් අැත්තිටත් දුන්නනම් තමයි අපිට සතුටු වෙන්න තිබුනේ. (ස)
අලුත් සංවිධායකවරුන්ට අපෙන් සුබ පැතුම්! (නි)
අයියෝ! අපේ මර්වින්ට වෙච්ච දෙයක්? (නි)
මර්වින් ලොක්කා පෙන්ෂන් ගිහිල්ල වගේ. අපරාදේ කියලවත් ගියේ නැහැනේ. (ස)
මෛත්‍රී මහත්තයට හිතට එකඟව වැඩ කරන්න බැහැ වගේ. තව ටිකක් තදින් ඉන්න වෙයි නැත්නම් බැහැ (නදී)
එතකොට මර්වින්ගේ පුතාට මොකද උනේ? (නදී)
මර්වින්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
අහෝ රුහුණේ දුටුගැමුණු! පුතා අධ්‍යාපන අැමති කරන්න බලාගෙන හිටියේ. දැන්වත් පාඩමක් ඉගෙනගන්න. වාචාල කමට, චන්ඩි කමට, මැරබලයට හැමදාම ඉඩක් නැති වග. (නදී)
දැන් ඉතින් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ එක දෙයයි. ඒ තමයි තමා විසින් තමාම ගස් බැඳ ගැනීම.(නදී)
ඔබ හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කරන පමණි . ඔබ යු.එන්.පී කොන්ත්‍රාත් කරුවෙක් පමණි (නදී)
අපේ සුබ පැතුම්! ජය ජය ජය ජයවේවා! (නි)
අපොයි දෙයියනේ සිල්වාට වෙච්චදෙයක් දැන් වත් අම්බලන්ගොඩ රුකඩ සමාජයට බඳවා දෙන්න . (ස)
කැලණියේ හිටපු සංවිධායකතුමා ස්වාසිලන්තේ තානාපති ලෙස පත්කර යවන්න. (අ)
අයියෝ මර්වින්ට වෙච්ච දේ. (ස)
එයා වැදගත් විදියට හිටියානම් නාම යෝජනා ලැබෙනවා. (ස)
අර අරයව බැඳ ගත්තු කඹේ දෙන්ඩ මර්වින්ට එල්ලෙන්ට ! (අ)
අහිංසක මිනිස්සු ගස් බැඳලා ප්‍රස්ද්ධියේ වාචාල විදිහට හැසුරුණු නිසා තමා මේක වුණේ (අ)
මාළුවා නහින්නේ කට හින්දලු. (ස)
පක්ෂයට ටිකක් විතර ආදරෙයි වගේ (අ)
තිලක් වරාගොඩල පරම්පරාවෙන්ම කැලණියේ පදිංචි මිනිස්සු වගේම ගමම හඳුනන මිනිස්සු. මර්වින් වගේ පිටින් පාත්වෙලා රාජබලය පෙන්නපු චන්ඩි නෙමෙයි. ඔහුට මගේ සුබපැතුම්.(නදි)
කෑ දුමින්ද ඔතනත් මොකක් හරි රැවටිල්ලක් ඇති (අ)
දැන් ඔය නාමයෝජනා ලැබිලා තියෙන්නේ වැදගත් අයට විතරද? (නි)