(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘කලණ‘ හස්තියාට අවශ්‍ය පහසුකම් ලබා නොදී හිංසාවට පත් කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා අද (28) සැක පිට අත් අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි.
අදාල සත්වයා වසර තුනක පමණ කාලයක් තිස්සේ එක තැන ගැට ගසා අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබා නොදී යකඩ දම්වැලද මාරු නොකර පාදය තුවාල වන තත්වයට පත් වන තෙක් භාරකරුවන් බලා සිට ඇති බවට වන ජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු වන ජීවී නිලධාරීන් ඊයේ (27) පොලීසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කෙරිණි.
බස්නායක නිලමේවරයාගේ ලේකම් හා ඇත් ගොව්වා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි ලංකාවේ හැමදාම වෙන දේ. නිලමේ බේරිලා ඇත් ගොවුවයි කවුරුහරි හිරේ යන්න ලැස්ති දුප්පත් එකෙක් ලේකම් විදිහටයි අල්ලලා ලොකු කෙනා බේරෙනවා. හෝටලේක මුව මස් ගෝන මස් අහු වුනාම කෝකියා හිරේ යනවා. කුඩු මුදලාලි වෙනුවට වරායෙන් ඒවා නිදහස් කරගන්න යන ලිපිකරුවා හිරේ යනවා. අලියා උඩ උජාරුවෙන් යන්නෙත් අලියා වැඩට යවල හම්බවෙන සල්ලි ගන්නෙත්, අලියෙක් ඕනේ කියල බලපත්‍ර ගන්නෙත් නිලමේ.
මොනවා උනත් මේ අලුත් වන ජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා තම කාර්යය හොඳින් කරන බව පේනවා. ආදරයෙන් කරුණාවෙන් සලකන තැනකට යවන්න. තුවාල වලට ප්‍රතිකාර කරන්න. සත්ව අහිංසාව සඳහා දඬුවම් ලබා දෙන්න.
මේ වගේ වැඩ කරන මිනිස්සු නිසා තමයි පාරම්පරික පෙරහරකට අලියෙක් ගත්තාම අන්‍යාගමිකයෝ කිබුල් කදුළු හලන්නේ. ඇමති තුමාගේ හොද වැඩක්. ඔය මිනිස්සු දෙන්නව ගස් බැදලා තියන්න ඕනේ මාසයක්.
මිනිස් පරම්පරා ගණනක් ආයුෂ ඇති මේ අපුරු දැවැන්තයින් ගැන මීට වඩා කරුණාවක් දැක්වීමට අපේ රටේ මිනිස්සුන්ට සිත්වෙවා !
මොන අධිකරණයද? මේ දෙන්නව දම්වැල්වලින් ගැට ගහලා ගස් බැන්දම ඉවරනේ. වැසිකිලි කැසිකිලි ඔක්කොම එතනම කරගෙන එක මාස තුනක් තිබ්බනම් ලෝකේ ඉන්න කවුරුත් ඔයවගේ සතුන්ට හිංසා කරන එකක් නැහැ.
ඕක තමයි බොහොමයක් හීලෑ අලි ඇතුන්ගෙ තත්වය. පට රෙද්දෙන් වහලා පෙරහැරේ අරන් යද්දි වැන්දට පෙරහැරෙන් පස්සෙ උන් අපා දුක් විඳිනවා.
මේ අලියා 2010 වගේ ඉදලා ඔතන බැදලා ඉන්නේ දැන් කට්ටිය ඔක්කොම කියන්නේ අවුරුදු 3 ක් කියලා ඒක බොරුවක්, මේ අලියා දරුණුයි කියලා තමා මෙහෙම බැදලා ඉන්නේ, එකේ විදේශීය ජාතිකයන් කරපු වීඩියෝ තියෙනවා 2013 ඉදලා, මේ අලියව පින්නවලට යවන්නම ඕනේ,
පේනවානේද ලංකාවේ දේශපාලනය පිරිහුණු තරම. මෙම අලියා කොළපාට රජයෙන් දුන් කෙනෙක් නිල් ආණ්ඩුවෙන් දුන් ඇතින්නට රජසැප. ලංකාවේ පවතින මෙම පක්ෂ ක්‍රමය වහාම වෙනස් නොකළොත් රටම විනාශයි...
නීතිය සැමට එකසේ ක්‍රියාත්මක නොවන රටක ආණ්ඩුවක් හෝ පාලනයක් නොමැත. 2020 දීවත් මේ හොරු දෙගොල්ලන්ට ඔබේ ඡන්දය නොදෙන්න.