(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයට අයත් කලණ හස්තියා නේවාසික ප්‍රතිකාර කටයුතු සදහා රිදියගම සෆාරි උද්‍යානය වෙත රැගෙන ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ මිරිස්ස සමුද්‍රජීවී ඒකකයේ ස්ථාන භාර නිලධාරී ඒ.ටී.ආර්.රවීන්ද්‍ර මහතා පැවසීය.
එම දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ලේකම් එස්.කොළඹගේ මහතා හා ඇත්ගොව්වා ඇතුළු පිරිසක් කලණ හස්තියා සුරක්ෂිතව සෆාරි උද්‍යානය වෙත ගෙන ගොස් භාර දීමට කටයුතු කළේය.
රිදියගම සෆාරි උද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී නන්දන පෙරේරා මහතා ඇතුළු පශු වෛද්‍යවරුන් සය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කලණ නහවා පිරිසිදු කර තුවාල සඳහා ප්‍රතිකාර කළ අතර තුවාල පශු වෛද්‍යවරුන් විසින් පැය තුනකට වරක් පරීක්ෂා කිරීමට නියමිතව ඇත. ඊට අමතරව අවශ්‍ය පහසුකම් සැපයීමට වෙනමම කාර්ය මණ්ඩලයක් ද පත් කර තිබේ.
සති දෙකක පමණ නේවාසික ප්‍රතිකාර වලින් පසු කලණ හස්තියාට අනෙකුත් අලි ඇතුන් මෙන් නිදහසේ එම භූමිය තුළ ඇවිද යාමේ අවස්ථාව ද උදා වනු ඇත.
මෙම අවස්ථාවට වන ජීවී සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද සහභාගී වූහ.
වසර තුනක පමණ කාලයක් තිස්සේ එක තැන ගැට ගසා සිටි කලණ හස්තියාගේ ඉදිරිපස දකුණු පාදය යකඩ දම්වැලට කැපී මස් ලියලා දරුණු වේදනාවකින් පසු වන බවට මාධ්‍ය මගින් වාර්තා පළවීමත් සමග මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් කියන්නේ මේවට. පෙරහරේ බැලුබ් දාල අරන් යන එකට නෙවේ.
ලොකු පිනක් !!!
ලංකාවේ කුඩා ඉඩම්වල ගැටගසා තබාගෙන ඉන්නා සියලුම අලි ඇතුන් ඇතුළු අනෙකුත් සතුන් මේ ලෙසට නිදහස් කර ඉඩකඩ ඇති තැන්වල නිදැල්ලේ ජීවත්වීමට හැකිවන අන්දමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කල යුතුය. එමඟින් මේ සතුන්ට නිදහසක් ලැබෙනවා පමණක් නොව සංචාරක ආකර්ෂණයක් ඇතිකිරීමෙන් අවශ්‍ය විය පැහැදම්ද උපයාගත හැකිවෙනු ඇත.
මේ අහිංසක සතාට ප්‍රතිකාර කරන්නට කටයුතු කරපු සියලු දෙනාට බොහොම පිං. දේවාලේ ඉන්න මේ අහිංසක දැවැන්තයාට කරපු විනාශයට සත්ව හිංසාව යටතේ උපරිම දඬුවම් ලබාදිය යුතුයි...
සතා සිව්පාවා උනත් දයාව කරුණාව හොදින් දන්නවා. ප්‍රවෘති වල තිබුන හැටියට මෙම සතාට සලකලා නැත්තේ මදකිපිලා සැර පරුෂ වුන හින්දලු. මෙහි පලවන පින්තුර අනුවනම් එහෙම දෙයක් පෙනෙන්න නැහැ. පොඩි ළමයෙක් වගේ අපුරුවට වාහනේට නගින්නේ බෙහෙත් ගන්න යන්න. සතාගේ වේදනාවට සැර පරුෂ වුනබවක් තමා පෙනෙන්නේ. ඇතාගේ නඩත්තු මුදල පිල්ලි ගහලා වගේ.
මේ සම්බන්ධව ඉක්මනින් කටයුතු කල සියළුම අයට අපගේ උපහාරය.. නැවත මෙම සතා එහි ප්‍රදර්ශන භාණ්ඩයක් නොකර වනයට මුදාහරින්න. මෙම සතාගේ වේදනාව දැක දැකත් දෙවියන් වැඳීමට එසවූ දෑත් ඇති ජනතාව ලජ්ජාවිය යුතුය. නිළමේ මෙය නොදන්නවා විය නොහැක. නිළමෙටත් දඬුවම් දෙන්න..
මෙච්චර බරපතල තුවල තිබිලත් මේ සතා ගැන කිසිදු අවදානයක් කරලා නෑ.
මේ සතුන් ගැන කරුණාවක් දක්වල කටයුතු කරන හැම දෙනෙක්ම ඉතාමත් අගය කලයුතු සේවයක් කරන්නේ.
තෙවරප්පෙරුම ඇමතිතුමා ප්‍රායෝගික පුද්ගලයෙක් කියල පේනවා.
මට හිතෙන්නේ මේ අතාත් එයාට නියමිත අපලයක් ගෙව්වා........... විෂ්ණු දෙවියොත් අපලෙකට බටකොළ කෑවාලුනේ. අර ගොයියෝ දෙන්නත් නරක කර්මයක් කර ගත්තා.