විශ්ව විද්‍යාල නේවාසික පහසුකම් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය මීට ටික වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹූහ.
දහසක් පමණ සිසුහු මහනුවර පාරේ කොළඹ දෙසට යමින් සිටිති.
පොලිස් හා කැරළි මර්දන පොලිසියද කැඳවා ඇත.
(වීඩියෝ හා ඡායාරූප ලාල් එස් කුමාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය පුරුදු වෙලා තියෙන්නේ තමන්ට හැම එකම අනුන් ගෙන් බලාපොරොත්තුවෙන්න.විශ්ව විද්‍යාල පුද්ගලික් කරණය කොලොත් මේ ප්‍රශ්න මුකුත් නැ.යමක් කාගෙන් හරි ඉල්ලනවා කියන්නේ තමන්ගේ අසරණ බාවය පිලිබුම් කිරීමක්.නමුත් හැසිරෙන්නේ සටන්කාමී, විප්ලවවාදී වගේ, ඒ වුනාට ටොෆි ඉල්ලලා අඩනවා(දී)
කොහොමත් මේක හොඳ ව්‍යායාමයක්. වෛද්‍යවරු උපදෙස් දෙන්නේ සතියකට තුන් වතාවක්වත් කිලෝමීටර් දෙක තුනක් ඇවිදින එක හොඳයි කියලා. හැබැයි ඉතින් පාරවල් අවහිර නොකර ඔය වැඩේ කරනවා නම් තමයි හොඳ. (නි)
මගේ මිතුරෙකුත් සමග පසු ගිය ඉරිදා උත්සවයකට සහභාගී වීමට කැලණිය සරසවියට ගියා. උදේ 8.30 ට පමණ අප දෙදෙනා තේ බීම සදහා අපට පුරුදු කැන්ටිමට සුපුරුදු පඩි පෙළ බැහැල ඇතුලට යන්න කියලා ගියා. ඒ දුටු දර්ශනය නම් සත්තකින්ම අදහා ගන්න බැරි උණා. අර කැන්ටිම තමයි මේ දරුවන්ගේ හොස්ටල් එක. කියන්න කණගාටුයි මේ දරුවෝ නිදාගෙන හිටියේ බිම තමන්ගේ ඇඳ ඇතිරිලි එලාගෙන . එකම මදුරු දැලක් වත් මේ දරුවන්ට තිබුනේ නැහැ . බිම හැම තැනම දරුවන්ගේ බෑග් දාපු දාපු තැන්වල. හරියට වැසිකිලි කැසිකිලි පහසු කමක් නැහැ. ඇත්තෙන්ම අප දෙදෙනාට එය ඉතාමත් අනුවේදනීය දර්ශනයක් උණා. අද්ධයාපන ඇමතිතුමනි, බලධාරිණි, මානුෂිකව සලකා බලාවත් මේ දරුවො දුක් විදින හැටිත් සොයාබලා මෙම ගැටලුව විසිදීම සදහා කඩිනම් පියවර ගන්නේනම් එයම මහගු පිනෙකි. අනාගතයේ රට භාර ගන්න ඉන්න මේ අංකුර ආරක්ෂා කිරීම රටේ යහපත පිණිස පවතිනවා ඇත.(දී)
උපාධි මල්ලියේ, නංගියේ, උඹලට නේවාසිකාගාර පහසුකම් මදි නම් ඒවා ලැබෙන්න ඕනෑ. ඒත් කියන තැනකට වඳින්නම් තියෙන ටික කාබාසිනියා කරන්න නම් එපා හොඳේ. (නි)
ඕවා ප්‍රශ්නද හලෝ? (නි)
මේ මහා ශිෂ්‍ය සංගමය අග්නිදිග විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක නැද්ද..? (නි)
ඇත්තම කතාව පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගන්න තීරණය ඒ අයගේ ඒජන්තයන් හරහා පොදු ප්‍රශ්නයක් හදාගන ක්‍රියාත්මක කරනවා. මේ ළමයි කඩේ යනවා. (දී)
හරි.. අද ගෙදර ගිහින් ඉවරයි (නි)
නීල් රනා දාන අදහස් දිහා බැලුවම එයාට සිව්පා වැඩ කරලා හොදට පුරුදු බව වැටහෙනවා (නි)
සිරි කියල තියෙනවා ඇසින්ම දුටු දේ. මිනිපේ, මේ ළමයි ටොපි ඉල්ලනවා කියල ඔයාට පෙන්නේ සරසවියකට යන්ට අවස්ථාව නොලබපු හින්ද. නිකම් ඉල්ලනවා කියන්නේ මොකද? මේක රජයක වගකීම. දියුණු රටවල දරුවන්ට මාසික ආධාර කොයි තරම් තියෙනවද? ලින් ගෙම්බෝ වෙන්ට එපා.(අ)
මේ හැම තැනකම තියෙන්නේ අසාදාරනය. ඒක නැති වුන ගමන් මේ ප්‍රශ්න හුඟක් දුරකට අඩු වෙයි. දරුවන්ගේත් යුතුකම වගේම තමා නොමිලේ ලැබෙන අධ්‍යාපනය දුක විඳගෙන සමාජයට යහපත් පුරවැසියෙක් වෙන එක. (නදී)
අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සාධාරණයි (නි)
ලංකාවේ සරසවියටතිය උසස් පෙළවත් සමත් වන්ට බැරි බොහෝ සල්ලිකරයින්ගේ දරුවෝ බටහිර උපාධියක් සල්ලි වලට අරන් යනවා. මම කියන්නේ මේ රටවල පාසල් වල ඉගෙන ගෙන සරසවි යන ළමයින් ගැන. ඒ අයට පලවෙනි පන්තියේ සිට සරසවිය නිම වනතුරු දිමනා දෙන්නේ අපහු ගන්ට බලා ගෙන නොවේ. ලංකාවේ ළමයි ඉගෙන ගන්ට විදින් දුක පෙන්නේ මේ රටවල දරුවන්ගේ නිදහස දැක්කම. (දී)
අපිට විශ්ව විද්‍යාල වල ඉන්නකොට විතරද ප්‍රශ්න තියෙන්නේ? අපිට ප්‍රශ්න තිබුනා කියලා මාර්ග හරස් කරලා මාර්ග තදබදය ඇති කරලා වෙනත් මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරන එක හරිද?. (නි)
අනේ සරසවියේ නේවාසිකාගාරයේ ඉඩනැති නම්,මගේ ගෙදර දෙන්නම් ඔනතරමක් ඉඩ(දී)
මේ සමහරක් අදහස් හා පාලකයන්ගේ අදහස් අතර වෙනසක් නැහැ. සරසවි ප්‍රශ්න ගැන තේරෙන්න ඒ පරසරය ගැන අවබෝදයක් තියෙන්න ඕනෑ. කවදාවත් සරසවියකට ගිහින් නැත්නම් කරුණාකර ප්‍රශ්නය අවබෝධ කරගන්න බලන්න. මේ එන්නේ රටේ හොදම දැනුම තියෙන පිරිසක්.. (නි)
පද්මිණි නෝනෝ,සිරි අයියා දැකලා තියෙන්නේ යසට හිටපු බෝඩිම අත්හැරලා කැම්පස් එක ඇතුලට රිංග ගන්න මේ මල්ලිලා දාන පොතේ එක පිටුවක්... (නි)
පද්මිණි, මම ඉගෙනගන්නේ පිටරටක. මම ඒ ලැබෙන හැම පහසුකමකටම මුදලින් ගෙවනවා.මාසික ආධාර නොවේ, ඒකට කියන්නේ ණය ආධාර.උපාධි ලැබුවට පස්සේ ඒ ණය ගෙවන්න,වසර ගණනක් යනවා.මම ඉන්නේ ළිදක නොවේ,බටහිර රටක සරසවියක. (නි)...
අපිත් ඉන්නවා නුඹලා සමග (නි)
පිස්සු වැඩ කරන්න එපා (නි)
නරකද තුන්, හතර දෙනෙක් එකතු වෙලා ගෙයක් කුලියට ගත්තොත්. නරකද, පන්ති වලින් පසුව , පොඩි රස්සාවක් කළොත්?එතකොට ඔය පද්මිණි කියන ලිං ගෙම්බෝ වෙන්න ඕනෑ නැහැ. (නි)
රජයේ හැම ආයතනයකම විෂය බාර නිලධරයෝ සිටිති. ඒ අය තරමක් දුරට හෝ විසදුම් දීමට ක්‍රියා කළ යුතුය. ඉගෙන ගන්නා කාලය මෙසේ අපතේ යෑමට ඉඩ දිය යුතු නොවේ. සාමකාමීව පටන් ගන්න උද්ඝෝෂණ අවසන් වන ආකාරය අපි දනිමු. බුද්ධිමත් සිසුදරු පිරිසක් හැටියට ලැබෙන දෙයකින් සතුටු වන්න (නි)
විශ්ව විද්‍යාල නේවාසිකාගාර අවශ්‍ය සමහර දේශපාලන පක්ෂ වලට මිසක් ඉගෙන ගන්න ශිෂ්‍යන්ට නෙමෙයි. ඉගෙන ගන්න අයට නේවාසිකාගාර අවස්ථා ලැබෙන්නේ කලාතුරකින්. දේශපාලනය කරන ශිෂ්‍යන්ටයි මේ නේවාසිකාගාර ඕනෑ. කොහොම වුනත් අද විශ්ව විද්‍යාල රටේ ආර්ථිකයට ගැලපෙන දැනුමක් ඇති උපාධිධාරීන් අනාගත සැළසුමකින් යුතුව එලියට දාන්නේ නැහැ. (නි)
විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න අයට කරන්න පුළුවන් පාර්ට් ටයිම් ජොබ් ටිකක් දුන්නොත් ඔය වගේ උද්ඝෝෂණයකට 10ක් හොයාගන්න පුලුවන්ද කියා බලන්න පුළුවන් (නි)
දැන් ඉතින් පොලිසිය නිරායුධ අසරණ ළමුන්ට ගහන්න බලාගෙන අැති හරියට ඊජීප්තුවේ වාගේ. (නි)
අපේ රටේ පාරට බහින්නෙ නැතුව කිසිදෙයක් ලබාගන්න බැරි තත්වයක් උදා වෙලා. එම හේතුවෙන් උද්ඝෝෂණ කිරීම ෆැෂන් එකක් බවට පත්වෙලා (නි)
මේ ළමයි ඔක්කොම නිකන් ඉල්ලනවා. රටේ ව්‍යාප්ත වන කුඩු, සමාජ විරෝධී වැඩ වලට එරෙහිව එකෙක්වත් උද්ඝෝෂණ නැහැ (නි)
පොලිසිය නොවෙයි මහජනයා එකතු වී මෙයාලට පාඩමක් උගන්වන්න ඕනෑ අපට පාරේ යන්න ඉඩ නොදෙනවට. අපිට පාරේ යන්න ඉඩ දීලා ඔහෙලා ඕනෑ දෙයක් කරගන්නවා (නි)
මිනිපේ, ප්‍රශ්නෙ ඇතිවෙන්නේ බලධාරියො නිසි විසඳුම් දෙන්න ප්‍රමාද නිසා.ඇතිවෙන ප්‍රශ්න නිසි විදියට කළමනාකරනය කරන්න පුලුවන් පිරිසක් විශ්ව විද්‍යාල පාලනය කරනවා නම් මේ ප්‍රශ්න මෙච්චර දුර යන්නෙ නැහැ.දැන් බහුතරයක් ඉන්නෙ කඩේ ගිහිල්ලා තනතුරු ගත්ත අය. ප්‍රශ්න ඔඩු දුවනකම් නිසි විසඳුම් නොදී ඉන්න එක තමයි දුර්වලකම (නි)
නිකං ඉල්ලනවා කියන්නෙ ඇයි ? ඒ ළමයි ඉපදුන දවසෙ ඉඳලා අම්මලා තාත්තලා ආණ්ඩුවට බදු ගෙවනවා.කාපු හැම බත්කටක් ගානෙම පාන් කෑල්ලක් ගානෙම බදු ගෙවලා තියෙනවා.දක්ෂතාවක් තියෙන තමුන්ගෙ දරුවට නිදහස් අධ්‍යාපනය ලබාගන්න ඒ අම්මට තාත්තට අයිතියක් තියෙනවා.පිටරට විදියට මෙහෙත් කරන්න කියලා මෝඩ කතාවක් කියන කුමාර , දුප්පත් අහිංසක දෙමවුපියන්ට තියෙන එකම බලාපොරොත්තුව නැතිකරන්න කියන්නෙ ඇයි ? (නි)
මිනිපේ ,නිකන් දෙන අධ්‍යාපනය කිව්ව කතාවට ඉහළින් ප්‍රතිචාරය දැක්වුවෙ.ළමයි කරන වැඩේ අසාධාරනයි කියන්න කලින් නිසි විසඳුම් නොදුන්න නිලධාරීන් අසාධාරන බව පෙනෙන්න ඕනෑ. ප්‍රශ්නයක් නැත්නම් කාටවත් පාරවල් ගානෙ හිහින් උද්ඝෝෂණ කරන්න ඔලුවෙ අමාරුවක් ඇතියි කියලා මම හිතන්නෙ නැහැ.ඒ නිසා ඒක මෙහෙම කිව්වා නම් හරි."ප්‍රශ්නය කළමනාකරනය නොකළ නිලධාරීන් නිසා මිනිසුන් රස්තියාදු වෙන එක සාධාරනද ?" (නි)
පළමු වසරට පමණක් නේවාසිකාගාර පහසුකම් දෙන්න.ඉතිරි වසර කිහිපය විශ්ව විද්‍යාලය අසලින් නවතැන් පහසුකම් සොයාගන්න පුළුවන්. විශ්ව විද්‍යාල අවට අයටත් අමතර ආදායමක්.රජයටත් සහනයක්.පිට රටවලත් මේ ආකාරයටයි සිද්ධ වෙන්නේ. (නි)
කෙසේ හෝ ඔබලාගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන්න. වර්තමාන පාලකයින්ගෙන් නම් ඔබලාගේ ඉල්ලීම් ඉටුවේවි කියා හිතන්න බැහැ (නි)
ඔන්න ඉතින් අපේ කට්ටියට හොද ප්‍රවෘත්තියක්. මොකුත් හොයන්නේ බලන්නේ නැතුව බනියි පලුයන්න.. (නි)
පාගමනින් බැරිනම් සිව් පා ගමනින් ගිහින් මහා මාර්ගත් හරස් කර අවහිර කරන්න. (නි)
නිසි විසදුම් ලබා දෙන්න. දේශපාලන වාසි තකා අද්‍යාපනය ආගාදයට ඇද දමා රට කාලකන්නි නොකරන්න. ප්‍රශ්නයට ප්‍රායෝගික විසදුම් මෙම දරුවන්ගෙන්ම අසමු.(නදී)
දැන් ලංකාවේ හැම තැනම උද්ඝෝෂණ.තව ටික දවසකින් පවුල් ප්‍රශ්ණ වලටත් ගෙවල් ඇතුලේ උද්ඝෝෂණ තියෙයි. හැම බාධකයක්ම ජය අරගෙන ඉගෙනගත් බුද්ධිමත් මිනිස්සුම ඇයි මේ හැමදේටම පිකටින් කරන්නේ? (නි)
ඔබලාගේ අයිතිවාසිකම් නොදෙන්නේ නම් කෙසේ හෝ ඒවා ලබා ගත යුතුයි.(නදී)
කපිල, ඉතින් කට්ටිය බනින්න ඉස්සෙල්ලා ඔයා කියන්නකෝ හරි විස්තරේ. (නි)
විශ්ව විද්‍යාල සිසුන්ට බනිනවා, පාරවල් අවහිර කරනවා කියලා. බලන්න එපැයි මැතිවරණ කාලයට අපේ කට්ටිය පාරවල් වල යන අපුරුව. විශ්ව විද්‍යාල වලට ඇවිල්ලා බලන්න ඔවුන්ගේ ප්‍රශ්න දිහා (නි)
උද්ගෝෂණ කරන්න පෙර අර ඔලුවිල් සරසවියේ සිංහල ළමයින්ට ගහපු එක ගෙන හොයන්න (නි)
මේ ප්‍රශ්න රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවල තියෙන්නේ ඉතාම පහළින්. ප්‍රාදේශීය සභා ඡන්ද, මැති ඇමතිවරු පත් කිරීම්, දිවුරුම් දීම් ආදිය තමා ලයිස්තුවේ උඩින්ම තියෙන්නේ. ඉතින් මොකටද මෙහෙම පා ගමන් ගිහිල්ලා. (නි)
විශ්ව විද්‍යාල නේවාසික පහසුකම් වැඩිකළ යුතු බව සැබෑවක් වුවද ඒ අරභයා ප්‍රධාන මාර්ගයක් අවහිර කිරිම සාමන්‍ය ජනතාවට කරන තවත් හිරිහැයකි. ඔබගේ වටිනා තරුණ කාලය විනාශකර ගැනිමෙන් වළකින්න (නි)
සරසවි වලට යනකොට මොලේ තියෙන තැන වෙනස්වෙලා වෙන තැනකට ගිහින්. අපි තමයි ලෝකෙට ලොක්කෝ කියලා හිතනවා........ අන්තිමේදී ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ...... (නි)
පින්වත් සිසුවනේ අපේ රට හරිම දුප්පත් , ඔබලාට අධයාපනය ලබල දෙන්නෙත් බොහොම අමාරුවෙන් , හැම දෙයක්ම රජයෙන්ම බලාපොරොත්තු වීම අනුවන කමක්නේද ? තරුණ වයසේ වීර්ය වඩාගෙන ප්‍රඥාව දියුනුකරගන්න ශ්‍රේෂ්ට පුරුෂයෙක් වන්න ,පාරවල් වල කෑකෝ ගැසීමෙන් ඔබලා පිරිහීමට පත්වෙනවා , විශ්ව විද්‍යාල ශිෂ්‍ය සමාජයේ අප්‍රසන්න කෙනෙක් නොවී ඉන්න ,සියලු දෙනාගේම අවිද්‍යාව දුරුවේවා! (නදී)
සුමනදාස.එතොකට පාරේ යන වාහන අයිතිකරුවන් බදු ගෙවන්නේ නැද්ද ?වැඩට යන ජනතාවට අවහිර කරන එක හරිද ?(නදී)
රටේ අධ්‍යාපනය වනසනවා මදිවට මහජනතාවටත් කරදරේ (නි)
ඔය අන්තර විශ්ව විද්‍යාල සංගමයට ඔලුවිල් සරසවිය අයිතිනේ. ඒකේ ප්‍රශ්න එයාලා ගණන් ගන්නේ නැහැ (නි)
කව්ද අනේ අර කොළ බබා ඉස්සරහින් යන්නේ?පළාත් සබා පිල්ලුවක්ද?(දී)
ඉගෙනගන්නද? පෙළපාලි යන්නද කැම්පස් ගියේ ? (දී)
මෙහෙම නේවාසික පහසුකම් නොමිලේ ලබාගෙන නොමිලේ ඉගෙනගෙන මෙයාලා රැකියා කරලා රටට සේවය කරනවද?? නැහැ. වැඩක් කරගන්න අපි පගා දෙන්න ඕනෑ. (නි)
දැන් අපට ගහකට යවන්න කෙනෙක් නැහැ පොල් ගෙඩියක් කඩ ගන්න කෙනෙක් නැහැ ඔක්කොම විශ්වවිද්‍යාලය ගිහිල්ල පාරවල් අවහිර කොරනවා.(දී)
[කවදාවත් සරසවියකට ගිහින් නැත්නම් කරුණාකර ප්‍රශ්නය අවබෝධ කරගන්න බලන්න. මේ එන්නේ රටේ හොදම දැනුම තියෙන පිරිසක්..] සරසවි යන්න ඕනෙද හොඳ රස්සාවක් කර ගෙන හොඳට සල්ලි බාගේ ඇතුව ජීවත් වෙන්න? විකාර! ඔය දැනුමෙන් රටට වැඩක් නැතිනිසා තමයි රැකියාවල් නැතුව විඳවන්නේ. (දී)
දැන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ හැමදාම මහපාරේ.නරකද ජංගම විශ්ව විද්‍යාලයක් අරම්භ කළොත්. (නි)
අනේ ළමයිනේ, දෙමාපියෝ මහන්සියෙන් හම්බකරලා දෙන සල්ලි වලින් හොදට ඉගෙන ගනිල්ලා. රජයේ සල්ලී සහ දෙමාපියන්ගේ සල්ලි සහ නුඹේ කාලය නාස්ති කරලා මේ රට කාලකන්නි කරන්න එපා. (නි)
විශ්ව විද්‍යාලවල ප්‍රශ්න තියෙන්නේ ඉගෙනගන්න ළමයින්ට.ඒවා එළියේ ඉන්න මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. (නි)
විශ්ව විද්‍යාල ගොඩනැගිලි ලොතරැයියක් ආරම්භ කරන්න. (නි)