කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට සිදු කළ බව කියන ලිංගික බලහත්කාරකමක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සාකච්ඡා කිරීමට සිසුවියන් පිරිසක් නේවාසිකාගාරය තුළ රැස් වූ අවස්ථාවේ ඔවුන් නේවාසිකාගාරය තුළ සිර කර ඉබි යතුරු දමා ඇතැයි එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දන සුදේශ් අද (14) පැවැසීය.
පරිපාලනය විශ්ව විද්‍යාලය තුළට පොලිසිය ද කැඳවා අත්තනෝමතික අයුරින් ක්‍රියා කරන බව ද මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා කීවේය
විශ්ව විද්‍යාල සිසුන් අද රාත්‍රී වන තෙක් විශ්ව විද්‍යාල ඉදිරිපිටට රැස් වී විරෝධතාවයේ යෙදුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය විශ්ව විද්‍යාල ප්‍රශ්නය විසඳනවා කියන්නේ ශිෂ්‍යන්ට අවශ්‍ය දේ දෙනවා කියන එකයි. ඒ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒ විදිහට තමා. හැම දෙයකින්ම ඒගොල්ලෝ බලන්නේ නවකවද සිද්ධිය යටගහන්න. (නි)
විශ්ව විද්‍යාල විතරක් නෙමෙයි, ප්‍රශ්නයක් නැති කිසිම ආයතනයක් ලංකාවේ තියෙනවද? ඒවාට උද්ඝෝෂණත් කෙරෙනවා. හැබැයි, අනුන්ට ලිංගික වද දෙන්න අයිතිය ඉල්ලලා, තමන් කරන වැරදි වලට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියල ඉල්ලලා උද්ඝෝෂණය කරන විශ්ව විද්‍යාලවත් රටවල්වත් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති. (නි)
පිටින් ඇවිල්ලා ලිංගික අතවර කරන්නේ නැහැනේ. දැන් ඉතින් ස්ට්‍රයික් කරන්නකෝ, ඉගෙනගන්න අයටත් ඒක නැතිවෙන්න (නි)
අනේ පවු නේද? ඉගෙනගන්න ළමයිනේ. (නි)
සැම විශ්ව විද්‍යාලකටම, බලයක් ඇති විශ්ව විද්‍යාල පොලිසියක් දාන්න ඕනෑ, අපි විශ්ව විද්‍යාලයේ හිටිය හින්ද මෙහෙම කියන්නේ, අපි ලංකාවේ විශ්ව විද්‍යාල ගැනත් දන්නවා, පිටරටවල ගැනත් දන්නවා, ලංකාවේ කට්ටිය ඉගෙන ගන්නවට වඩා පෙළපාලිනේ යන්නේ, දුප්පත් දෙමාපියන්ගේ හා රටේ සල්ලි (ම)
කවුද මේ අතවරය කළ කෙනා? වීදි බැසලා විතරක් මදි. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මෙවැනි දෙයක් සිදුවීම හරිම අස්වාභාවිකයි (නි)
මමත් ජයම්පති මහතා සමඟයි. නොමිලේ දෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම නැවත මුදල් අයකරගන්නා ක්‍රමයක් කරන්න. නොමිලේ දෙන කිසිවක් අගය නැහැ (නි)
ළමයිනේ, ඉගෙනගන්නකො විකාර වැඩ නොකර (නි)
දැන් බලාගෙන ගියාම ඉගෙනගන්න වෙලාවක් නැහැනේ. නවකවදය වැනි වානර කාලේ වැඩ නොකර අහිංසක දෙමාපියන්ගේ පැතුම් ඉටුකලා නම් මීට වඩා වටිනවා නේද. (ම)
නවකවදය කරලා අහුවුණොත් අවම වශයෙන් වසර දහයක්වත් බරපතල වැඩ ඇතුව ඇතුළට යවන්න ඕනෑ. කුහකකම ඉහටත් වඩා ඉහළට ගිහින් (නි)
හැම දෙයකටම විරෝධයේ යෙදීම විසඳුමක් නොවෙයි. (නි)
මෙම සිසුන් තීරණ ගන්නා වයසක ඉන්න අය නොවන බවයි මගේ හැඟීම. අවුරුදු විසි ගණන්වල බුද්ධියට නොව ආවේගයට මුල් තැනදී ගත් බොහෝ තීරණ ඉක්මන් වැඩි බව දැන් වයස හතලිස් ගණන් වල සිටින පුද්ගලයෙක්ගෙන් ඇසුවොත් කියනු ඇත. මෙම ශිෂ්‍ය නායකයන්ගේ දෙමව්පියන් මෙම ප්‍රශ්න වලට මැදිහත් විය යුතුවෙනවා. (නි)
ඔය ළමයි මේ රටට හරි කරදරයක්. නුගත් අය ඉන්න තරමට රට පාලනය කරන්න ලේසියි. විශ්ව විද්‍යාල ටික වහලා දාලා කුකුල් කොටුවක් දැම්මා නම් හරි. මහින්ද මහත්තයාගේ අඩුව දැනෙනවා නේද? ඒ කාලේ ඔහොම නැටුවා නම් එහෙම...? (නි)
මෙයාලා ඉතින් දන්න ලොකුම දේ උද්ඝෝෂණ තමයි. (නි)
කැලණියේ තියන ප්‍රශ්න මොනවද කියලා දන්නෙ නැතුව ඇයි මේ මඩ ගහන්න හදන්නෙ? හැමෝම බලාගෙන ඉන්නෙ කැම්පස් වලට බනින්න. හැබැයි ඇත්ත ප්‍රශ්නෙ මොකක්ද කියන්න කවුරුවත් දන්නෙ නැහැ. (නි)