සරසවි වසා අධ්‍යාපන වෙළෙද කලාප ඇති කිරීමට රජය උත්සාහ කරතියි පවසමින් ඊට විරෝදය දක්වා කැළණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹිය.
සරසවි වසා අධ්‍යාපන වෙළෙද කලාප ඇති කිරීමට රජය උත්සාහ කරතියි පවසමින් ඊට විරෝදය දක්වා කැළණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට කියන්නේ කරුමේ කියලා (දී)
මේ ළමයි අරගල කරනවා නම් ඔයිට වඩා වැදගත් හේතු තියෙනවා. ඔය ගොල්ලන්ට එළියට ආවාම රැකියා තියෙනවද? නැහැ නේද? ඇයි ඒ? රැකියාවකට යන්න ඔබේ උපාධිය රැකියාවට ගැළපෙන්නේ නැහැ. ඒ නිසාම පුද්ගලික අංශය ඔබ බාර ගන්නෙත් නැහැ. අනික, ඔබේ ඉංග්‍රීසි දැනුම පුද්ගලික අංශයේ රැකියාවලට තරම් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඔබ අරගල කළයුත්තේ රැකියා එල්ල කරගත් උපාධි පාඨමාලා පවත්වන්න කියලත්, හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා දෙන්න කියලත්. එහෙම කළොත් රටේම ජනතාවගේ ආශීර්වාදයත් ඔබට ලැබෙයි. හැබැයි, ඔබව ඉත්තන් කරගෙන ඉන්න කට්ටිය නම් කැමතිවෙන එකක් නැහැ. (නි)
බොහොම දෙනෙක් ප්‍රතිචාර දක්වා තියෙන්නේ මේ ප්‍රශ්නය උඩින් පල්ලෙන් හිතලා. පුද්ගලික විශ්ව විද්‍යාල අරින එකට වඩා ඒ මුවාවෙන් තිබෙන විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගන්න අපේ සිසුන් සංඛ්‍යාව අඩුකොට එම අඩුව පුරවන්න විදේශ සිසුන් ගන්න ක්‍රමයකුත් මේක ඇතුලේ තියෙනවා. ඒකයි බරපතල වැරැද්ද. (නි)
දුප්පත් පවුල් වලින් එන වැඩිය ලෝකය ගැන දැනුමක් නැති ළමයින්ව සල්ලිත් සටන් පාඨත් පෙන්නලා රවට්ටා ගන්න එක සරසවි වල හැමදාම තිබෙනවා. ආණ්ඩුවත් ගුරුවරුත් මේ අනතුර පෙන්නලා දීලා ළමයින්ව ප්‍රවේශම් කරන්න ඕනෑ. ළමයින්ට මග පෙන්නන්න හරි පාලකයෝත් ගුරුවරුත් නැහැ. ඒ වෙනුවට පොලිසිය දාලා මර්දනය කරන්න හදනකොට මෙහෙම වෙනවා. මෙච්චර ඇමතිලා ඉන්නවා. ළමයින්ගේ හිත දිනා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? (නි)
පෙළපාලි වේදී උපාදියක් ගන්න නේ මේ එන්නේ? පත්තරේ නම පින්තුර වැටුනම මොන තරම් ආසික්ද?(නදී)
අධ්‍යාපන වෙළෙද කලාප කියන්නේ මොනවද? (ස)
මොවුන්ට පිස්සු... (ස)
පාරටම වෙලා ඉන්න කිව්වා නම් හරි. (ස)
අනිත් ළමයි ඉගෙන ගන්නවට ඊර්ශියා කරන්නෙ ඇයි. ඔබලා නිකන් ඉගෙන ගන්නවා. අනිත් අය සල්ලි දීලා ඉගෙන ගන්න එක නරකද? අධ්‍යාපනයෙ අයිතිය ඔබලට විතරද? එහෙම නම් ළමයි රට ගිහින් ඉගෙන ගන්න එකත් නවත්වන්න. (ස)
දරුවනේ ටිකක් හිතන්න, මේ රටේ කොයි තරම් පිරිසක් විදේශ පුද්ගලික විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනේ හදාරනවද? ඒ වෙනුවෙන් වැය වෙන මුදල් කෝටි ප්‍රකෝටි ගණන්, ඒ මුදල් මේ රටේම නවත්ත ගන්න පුලුවන් නම් මොන තරම් හොඳද ? නිදහස් අධ්‍යාපනේ නැති කරන්න මේ රටේ දෙමුපියෝ කවදාවත් ඉඩ දෙන්නේ නැ. ඒ නිසා තමන්ලා තමන්ගේ පාඩුවේ ඉගෙන ගන්නයි තියෙන්නේ. මේ දරුවෝ වෙනුවෙන් තමන්ගේ දෙමවුපියෝ මොන තරම් වෙහස මහන්සි වෙනවද ? අඩු තරමේ තමන් හැදු වැඩු දෙමව්පියෝ ගැනවත් හිතල ඉගෙන ගනිල්ලා. ඊට පස්සේ පුළුවන් හර්තාල් කරන්න. (ස)
උසස් පෙලට පමණක් නිදහස් අධ්‍යාපනය සිමා කල යුතු අතර ඉන් පසුව කරන උපාදි සඳහා මුදල් ගෙවීම අනිවාර්ය කර යුතුය. මේ ක්‍රමය ක්‍රියාමත්මක කිරීමෙන් සිසු සංගම් අහෝසි වී විරෝදී වියාපාර නතරවේ. (නදී)
සමහර අදහස් බලනකොට හිතෙන්නේ මේ අය කොච්චර මෝඩද කියලා. මේ ළමයි කෑගහන්නේ , නිකන් නෙමෙයි. දුප්පත් දක්ෂ දරුවන්ට සිදුවෙන්නේ අන්තිමට මරණය හෝ වධකාගාර වල මියැදෙන්නයි. මේවා තේරුම් ගන්න උත්සාහ කළොත් හොඳයි. (නි)
මෙතන අදහස් දාන්නේ සරසවි ගිය අය වෙන්න බැහැ. මොවුන් මේ කෑ ගහන්නේ තමන් ගැන හිතලා නෙමෙයි.නිදහස් අධ්‍යාපනය සුරැකීමටයි.පෞද්ගලික විශ්වවිද්‍යාල දැම්මට කමක් නැහැ. රාජ්‍ය විශ්වවිද්‍යාල තව දියුණු කරලා. එහෙත් දැන් කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල තත්ත්වය අඩුකරලා ,ජනතාවට එපා කරවන එකයි. මේක කාලයක් තිස්සේ කළ දෙයක්. දැන් ඒකේ අන්තිම ටික. (නි)
පිටබැද්දර, ඔබ කියන්නේ පිටරට ඇදෙන සල්ලි නවත්වා ගත්තොත් දුප්පත් දරුවන්ට හරියයි කියලද? පිටරට ඇදෙන්නේ පොහොසත් මිනිසුන්ගේ සල්ලි. ඔවුන්‍ගේ දරුවන් කොහොමත් ඉගෙනගන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල (නි)
බොහොම හොඳයි. කෝටිගණන් වියදම්කර හදන පාරවල් වලින් ප්‍රයෝජන ගන්න ඕනෑ (නි)
විදේශ සිසුන් අරන් ආදායමක් ලබන එක ලෝකයේ හැම සරසවියකම කරනවා. ඒ වියදම් පිරිමහගන්නයි. මේක ළමයින්ට වටහලා දුන්නා නම් ළමයි මෙහෙම දේශපාලන අතකොලු වෙන්නේ නැහැ. ළමයි සමග කතාකරලා මේවා විසදන්න පුළුවන් අයට උසස් අධ්‍යාපනය බාර දියයුතුයි (නි)
ඔහොම බයේ වැඩ කරන්න බැහැ. පුද්ගලික අධ්‍යාපනය ගෙනෙනවා නම් ගෙනෙන්න, නැත්නම් සද්ද නැතුව ඉන්න. (නි)
මුකුත් නෙමෙයි ඔය අවල් මල්ලිලාගේ චෝගම් බයිලා.මේ ටිකේ කට්ටිය දන්නා වැඩ ඔක්කොම දමාවි චෝගම් එන රාජ්‍ය නායකයින්ට පෙන්නන්න.දෙමවුපියන් තම දරුවන් ගැන සැළකිලිමත් වුණොත් හොදයි (නි)
පුද්ගලික අධ්‍යාපනයට ඉඩ දීම ඉතා කාලෝචිතයි. එහෙත් අධ්‍යාපන වෙළඳ කලාප කියන සංකල්පය මොකක්ද? කරුණාකර පාර්ලිමේන්තු පනතක් මගින් අධ්‍යාපනය පුද්ගලික කරන්න. එම යෝජනාව ඉදිරිපත් කරන ඇමතිතුමාව ඊළග වර ජාතික ලැයිස්තුවෙන් පත් කරන්න. ප්‍රශ්නය අවසානයි. (නි)
පුලුවන්නම් ටියුෂන් වලට විරුද්ධව කටයුතු කරන්න. පිටරට උපාධියක් ගන්න මුදලට සමාන මුදලක් යනවා ටියුෂන් වලට මෙහෙ අධ්‍යාපන අවස්ථා අඩු නිසා. (නි)
ජනතාව පිහිටුවාගත් රජය ජනතාවගේ වැඩි කැමැත්ත ගැන අවධානය යොමුකළ යුතුයි. (නි)
හැමෝම දන්නවා මේවා කරන්නේ කවුද කියලා.බංකොලොත් දේශපාලුවන් එයාලගේ වැඩේ කරගන්න මේ අහිංසකයන් පාරට බස්සවනවා.එයාලා එන්නේ කැමැත්තකින් නෙමෙයි.නාවොත් වෙන ප්‍රශ්න.ඇත්ත ඒකනේ. (නි)