කැලණිය සරසවියේ තෙවන වසරේ කලා අංශයේ සුරේසිකා නානායක්කාර නම් සිසුවිය යෝග ව්‍යායාම කරමින් සිටියදී අසනීප වී කිරිබත්ගොඩ රෝහලටත් එතැනි කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි කියයි. එම සිසුවිය තෙල්දෙණියේ පදිංචි කාරියකි. මරණයට හේතුව සොයාගැනීමට මරණ පරීක්ෂණ අද සවස පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය තරුණිය හෘද රෝගයකට බෙහෙත් ගනිමින් සිටිය අයෙක් කියා ආරංචියක් තිබෙනවා නේද? (නි)
හොඳයි සංජු ඔච්චරම දන්නවා නම් අපිටත් දැන ගන්න කියන්නකෝ මේ ළමයා මැරුණ හේතුව. (නදී)
මට පේන්නේ සංජු හරිම රණ්ඩු කෙක්කක් වගේ. මෙතන ඕනෑම කෙනෙකුට තමන් කැමති ස්වාධින අදහසක් ලියන්න පුළුවන් තැනක්. මමත් වීඩියෝ එකක් බලා ශාරීරික අභ්‍යාසයක් කරන්න ගිහින් කොන්දේ අමාරුවක් හැදුනා. දොස්තර මහතා මට කීවෙත් මීට පසුව හරි හමන් උපදෙසක් නැතිව විශේෂ ව්‍යායාම කරන්න එපා කියලා. (නදී)
මමත් දැක්කා වාර්තාවක ඇගේ සරසවි මිතුරියක් කියලා තිබෙනවා , මියගිය තරුණිය හෘද රෝගයකට බෙහෙත් ගනිමින් සිටියා කියලා. රෝගී තත්වයට ඔරොත්තු නොදෙන අධික වෙහෙස මහන්සිය නිසා තත්ත්වය උත්සන්න වෙන්න ඇති. (නදී)
ජගත් මම හිතන විදියට මෙතන බහුතරයක් අදහස් කරන්නේ යෝග ප්‍රගුණ කල ගුරුවරයෙකුගෙන් උපදෙස් නැතිව හෝ තමන් ගේ ශරීර සෞක්‍යයට හරියනවා දයි නොදැන යෝග කිරීම සුදුසු නැහැ කියලා.(නදී)
මේ ළමයා නැතිවෙලා තියෙන්නේ මෙයාට පපුවේ අමාරුව තියෙන නිසා මිසක් යෝග නිසා නෙවෙයි (නදී)
සමහර යෝග ආසන අදික රුදිර පිඩනය හෝ හදවත් රෝගීන්ට හොඳ නැහැ. එ්ක පුහුණු යෝග ගුරුවරු දන්නවා. ඉන්දියානු ටී වී වැඩසටහන් වලින් මේක අපිට දකින්න පුළුවන්. නමුත් අපේ රටේ ටී වී වැඩසටහන් එහෙම හොද උපදේශකවරු අඩුයි. අනික තරුණ කෙනෙක් නිසා තමන් නිරෝගී කෙනෙක් කියලා හිතාගෙන හිටියා වෙන්නත් පුළුවන්.(නදී)
යෝග ව්‍යායාම කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් නිවැරදි උපදෙස් ගෙන ඒවා කල යුතුයි. හැම ආසනයක්ම හැමෝටම හරියන්නේ නැහැ. විශේෂයෙන් කාන්තා පක්ෂයට ඇතැම් අවස්ථා වල අනුමත නොවන ව්‍යායාමත් තිබෙනවා. මේ තරුණිය එහෙම දෙයක් කරන්න ගිහින් මේ විපත සිදු වුනාද කියල මට හිතෙනවා. (නදී)
කාන්තාවන් යෝග ව්‍යායාම කරන විට එය හිතුමතේට කරන්න හොඳ නැහැ. සමහර ක්‍රම බවලත් පක්ෂයට සුදුසු නැති අවස්ථාත් තිබෙනවා. මේ ළමයා කාගෙන් වත් නිවැරදි උපදෙස් එක්ක මේවා කලාද දන්නේ නැහැ. (නදී)
ඇයි වදේ මේගොල්ලෝ සන්ජුට ඒවා මේවා කියන්නේ. හරි නරකයි හොඳේ. (නදී)
එහෙම හෘද රෝගයක් තිබෙනවා නම් වෛද්‍ය නිර්දේශ මත නෙවෙයිද මේ ළමයා යෝග කරන්න ගිහින් තියෙන්නේ ? (නදී)
මැරතන් ක්‍රීඩා සහ විශේෂ ව්‍යායාම වලට සහභාගී වුන කිහිප දෙනෙක්ම පසුගියදා නැති වුනා නේද ? තමන්ට අසනීපයක් තිබෙනවා නම් මේ ඇඟ වෙහෙස කරන ව්‍යායාම ආදිය කරන්න කලින් සුදුසු කෙනෙක් ගෙන් උපදෙස් ගන්න තිබුනා. ඇයට නිවන් සුව පතමි. (නදී)
මේ හැම දෙයක්ම සල්ලි වලට විකිනෙනවා ඉතින් මිනිස්සු රවටල වැරදී දේවල් කියා දෙනවා. අපේ මිනිස්සුත් ලස්සන වෙන්න හරි වැඩි කල් ජීවත් වෙන්න හරි කියල මේවා කරනවා. යෝගාවලට යන කලේ ගත්තම ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙනවා කියලයි මට හිතෙන්නේ (නදී)
ඕකනේ කියන්නේ නොදන්නා යෝගා වලට වඩා දන්නා කැන්ඩියන් ඩාන්ස් පාරක් දාගෙන ගෙන ඉන්නේ නැතුව , දැන් ඉතින් ජීවිතෙත් අහිමි කරගත්තා (නදී)
මැරුණට පස්සේ තව මොන පරික්ෂනද ? (නදී)
මගේ පළාතට දැන් ගොඩක් ප්‍රශ්න වැඩි වෙලා ,මිනිස්සු මැරෙන ගණන වැඩිවෙලා , නියගය වැඩිවෙලා ,දුප්පත් කම වැඩිවෙලා , ගොවියෝ අසරණ වෙලා මොකද මේ වෙන්නේ ,රට ඉන්න අපිත් අසරණ වෙලා , නමුත් දේශපාලන ලොක්කෝ සැප විදිනවා , නිදන් හාරල හරි (නදී)
දැන් ඉතිං යෝග ව්‍යායාමත් නවත්තන්න කියලා නිලධාරී කියයි. (නදී)
භානු කියන දේවල් වල එක්තරා ඇත්තක් තිබෙනවා. මමත් කලකට පෙර යෝග ව්‍යායාම කරලා කොන්දේ කැක්කුමක් ආවා. දොස්තර මහතා ගේ උපදෙස් මත මම ඒවා නැවැත්තුවා. ඇත්තටම මම පොතක් බලාගෙන මිසක් ගුරුවරයෙකුගෙන් උපදෙස් ලබා ගෙන නෙවෙයි ඒ ව්‍යායාම කලේ. (නදී)
දැන් එතකොට සංජු දන්නවද හරියටම මේ ළමයා නැතිවුනේ කොහොමද කියලා. ඔබත් කරන්නේ අනුමාන ප්‍රකාශයක් නේ. අපි කවුරුවත් මෙතන කොරනෙල් රාලහාමි ගේ වැඩේ භාරගෙන නැහැනේ . (නදී)
දැන් ඔය ඉහත ලියූ ඔක්කොම කියන්නේ මේ ළමයා මැරුනේ යෝගී කරන්න ගිය නිසා කියලද? අනේ අම්මපා! දැන් යෝගී නැවැත්තුවහම මිනිසුන් මැරෙන්නේ නැතුව ඉඳීවිද? (නි)
නොදන්නා කෙහෙල් මල් කරන්නේ නැතිව පැය බාගයක් අවිද්දා නම් හොඳටම ඇති මැරෙන්නේ නැතිව (නදී)
මම කාලයක් ගුරුවරයෙක් නැතුවත් දැන් ඇතුවත් යෝග කරනවා. ගුරුවරයෙක් නැතුව පොතපතින් බලාගෙන කළේ යෝගද කියලා මට දැන් හිතෙනවා (නි)
මැරෙන්න වෙලාව අාවම මොන විදියකින් හරි මැරෙනවා එ්ක වලක්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ (නදී)
ව්‍යායාමයක් වුණත් කළ යුතු විදිහක් තිබෙනවා (නි)
සංජු, ඔයා දොස්තර කෙනෙක්ද? අනෙක් උදවිය මොනවත් දන්නේ නැහැ . ඔයා ඔක්කොම දන්නවා වගේ (නි)
අපි නොදන්න යෝග. නිකන් නොදන්න දේවල් දන්නවා වගේ කියන්නේ නැතිව ඉන්න භානු. යෝග කරද්දී මැරුණට හේතුව යෝග වෙන්න බැහැ. වෙන හේතුවක් අැත්තේ. අපේ මිනුස්සු හරිම පසු ගාමිනේ. (නදී)
මොනවා උනත් එ් මනුස්සයා දැන් මැරිලා ඉවරයිනේ. (නදී)
අද සුපිරි තරු වෙන්න දඟලන හුඟක් අය අනවශ්‍ය වෙහෙසක් ගන්නවා. (නි)