බෙලිහුල්ඔය සිට ආගරපතන කන්ද තරණය කිරීමට සෙනසුරාදා (22) උදේ ගිය කැලණි විශ්ව විද්‍යාලයයේ සිසුහු පනහක් පමණ පාර වැරැදී අතරමං වී සිටියදී සබරගමු සරසවි සිසුන්,පොලීසිය හා යුද හමුදාව එක්ව බෙලිහුල්ඔය පඹහින්නට කැඳවාගෙන එනු ලැබුහ.
මීදුම හා මහ වැස්ස නිසා ඔවුන් අතරමංවන්නට ඇතැයි දැනගන්නට ඇත.
මෙයින් දෙසතියකට පෙර ජයවර්ධනපුර සිසුහු පිරිසක් ද කන්දක් තරණය කිරීමට ගොස් අතරමං වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල සිසුන් ගැන සමාජය හිතන විදිහ හරිම පුදුමාකාරයි. මෙය ඉරිසියාවක් ලෙස හැදින්වීමට මා අකමැතිය. සමාජය විශ්ව විද්‍යාල සිසුවා ගැන හොඳ ආකල්පයකින් බැලිය යුතුය (නදී)
මෙච්චර දියුණු තාක්ෂණය තියෙන කාලේ ජී.පී.එස්. තාක්ෂණය නොමිලේ තියෙන ජංගම දුරකතනයක්වත් තිබුනේ නැද්ද? දුරකතනයට සිග්නල් නැතත් ඒ පහසුකම නොමිලේ තියෙනවනේ. එහෙම නැත්නම් අඩුගානේ ගමේ මනුස්සයෙක්වත් අරන් යන්න තිබුනනේ.(දිල්)
ඇයි අන්තරේ ආවේ නැද්ද බේර ගන්න, කියන්නෙ නං කුලී මැර හමුදාව කියලා අන්තිමට ඉන්නෙ හමුදාවයි පොලීසියයි විතරයි.(දිල්)
අනේ මන්දා (දී)
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙක් විදියට මම මේ පුවත සම්පුරණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඊයේ කන්ද තරණය කර නැවත එන අවස්ථාවේ වර්ෂාව නිසා තරමක් ප්‍රමාද උවත් කිසිම ශිෂයෙක් අතරමන් වීමක් හෝ කිසිම අනතුරකට ලක්වීමක් උනේ නැති බව වගකීමෙන් කියා සිටිමි . ඒ අවස්ථාවේ කිසිම පොලිස් හෝ හමුදා නිලදරියෙකු නොපැමිණි අතර වගකීම් විරහිත අසත්‍ය ප්‍රකාශ ගැන කණගාටුව ප්‍රකාශ කරමි. (දී)
අනේ අපි දැන් මේවාට මොනවත් කියන්නේ නැහැ. අන්තිමේ නුගතුන් , විනෝද චාරිකාවක ජොලිය නොදන්නා වුන් ආදී වශයෙන් අහන්නේ මොනවටද ? අපි නම් දැන් මේගොල්ලන්ට මොනවා වුනත් ගණන් ගන්නේ නැහැ. (නදී)
මේ මොළ කාරයින්ට තේරෙන් නැද්ද මේ කාලේ කඳු තරණයට සුදුසු නැහැ කියල? (නදී)
මේ ගොල්ල සියල්ල දත් කට්ටිය නේද ? රටේ අනිත් මිනිස්සු නම් මේගොල්ලන්ගේ අදහසේ හැටියට මෝඩයෝ නේ. මොකද මේ පාර වැරදුනේ ? (නදී)
මෙතන ඇත්තටම පුවතක් තියෙනවද (දී)
අපිට ඔය කියන විදිහේ කරදරයක් නම් වුනේ නෑ,අපි කන්දෙන් බහිද්දී ටිකක් රෑ වුනා වැස්සට අහු වුනා පස්සේ සබරේ කට්ටිය ඇවිත් උදව් කළා ඔය කියන විදිහේ කිසිම පොලිස් හමුදා කිසිම සම්බන්දයක් නෑ,(හේ)
අපිට මොකද අනේ (දී)
අයියෝ සල්ලි (දී)
අපිටත් දවසක් ඔහොම උනා (දී)
මෙවන් ගමන් යනකොට මග පෙන්වන්න කෙනෙක් නැද්ද (දී)
මග දැන යන්න (දී)
විශ්ව විද්‍යාල සිසුන් සියල්ල දත් අය නොවේ. කදු නැගීමට අමාරු කාලයේ කඳු නැගීම ත්‍රාසය හා විනෝදය වැඩියි. ඔවුන් යම් කිසි අධ්‍යාපන මට්ටමක් ලැබුවා වගේම මෙහි කොමෙන්ට් කරන අයද යම් කිසි මට්ටමක අධ්‍යාපන මට්ටමක් නොමිලේ ලැබුවා වූ අය වෙති. ඔබද ඔබගේ දරුවට හෝ ඔබට වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීමට උත්සහ කරනවා ඇති. ඔබ එහෙම කලත් මෙහි කරන කොමෙන්ට් වලින් පැහැදිලි ඉරිසියාව නිරූපනය වේ. (නදී)
ඕනෑම කෙනෙකුට වරදින්නට පිළිවන. එහෙත් වරද ඇත්තේ තමනට වැරදුන බව කවදා කෙලෙස තේරුම් ගනීද යන්නයි. මෙම සිසුනට මග වැරදුන බව තේරුම් ගෙන ඔවුන් උදව් ඉල්ලු නිසාවෙන් අන් අය විසින් බේරා ගන්නට ඇත. නමුත් මේ ලංකාවේ අපි බොහෝ දෙනෙක් පාර වැරදුනු බව හරි හැටි නොදැන අන්ධයන් සේ තව කොපමණ දුර යන්නද? (ස)
මේ අයට පිහිටට ඉන්නේ. පොලිසියයි, හමුදාවයි විතරයි අන්තිමට.(හේ)
හැමදාම අභියෝග වලට මුණ දෙන පිරිසක්. (නදී)
ළමයි 50ක් නෙවෙයි 500ක් විතර ගියා. එද්දී ගිය කට්ටිය 500ම හොදින් අවා මිසක් 50ක් වුනේ නම් නැහැ.(අ)
හැමදාම අබියෝග වලට මුණ දෙන සහ නොසෙලන පිරිසක් (නදී)
රත්න හරියට වාර්තාව කියවන්න. සබරගමු සිසුනුත් සහභාගි උණා මෙයට. චන්දිමා හරියටම හරි තමන්ට හෝ තමන්ගේ ළමයෙකුට සරසවි යන්න බැරි වීමේ වේදනාව මේ තුලින් දැකගන්න පුළුවන්. (නදී)
චන්දිමා මෙතන අදහස් ලියන බොහෝ දෙනෙක් ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති වැඩිහිටියන්. නමුත් ඔවුන්ගේ උගත්කමේ පරිනත බව ඔබ වැනි උදවියට වැටහෙන්නේ නැහැ. ඔය ඉරිසියාව වැනි ප්‍රාථමික මට්ටමේ තර්ක වලින් පේන්නේ තවමත් ඔබ ඔය සම්ප්‍රදායික සරසවි දේශන සහ සටහන් වලින් ඔබ්බට යාමට තව අවුරුදු 10 ක් වත් ගත කල යුතු බවයි. (නදී)
තවම කැළණියට පාර වැරදුනේ නැහැ. වර්ෂාව නිසා ගමන ප්‍රමාද වුනා. අපට සබරගමු සරසවි සිසුන්ගේ උදව් ලැබුණා. පොළීසියවත් හමුදාවවත් අපි දැක්කේ නැහැ.මේකට පොලිස් හමුදා දායකත්වයක් ලැබුනේ නෑ. (ස)
අතරමන් වුනාම ඉරිසියා කරනවා කියල මම අදමයි ඇහුවේ. (ර)
කතාව ඇත්ත තමයි. සරසවි යන්නේ මෝඩයෝ. මොලේ නැති මිනිස්සු. හැබැයි දේශපාලනේ කරන්නේ නම් මහාචාර්යවරු. කන්දක් තරණය කරන්න මොන පොතේද දන්නේ නැහැ උගන්වන්නේ. මේක සාමාන්‍ය දෙයක් නේ. (නදී)
රුෂාන් ඔබ කීයේ පන්තියට ගියාද? (නදී)
පණ්ඩිතයන්ටත් ඒදන්ඩේ යන්න බැහැයි කියන කතාවෙත් අැත්තක් තියෙනවා බැලුවම. (නදී)
සුමේධ, හිතන්නේ මෙතන ලියන්නේ මළපොතේ අකුරක් දන්නේ නැති උදවිය කියලද ? (ර)
සුමේධගේ, හත් මුතු පරම්පරාවම පි.එච්.ඩි. අරගෙන වෙන්න ඇති නේද ? ඔයාගේ පන්තිය මොකද්ද කියල අහන ප්‍රශ්නයෙන්ම තේරෙනවා. (ර)
අපිත් ඊට කලින් දවසෙ (21) විශ්ව විද්‍යාල කණ්ඩායමක් විදිහට ඔය කන්දම නැගල ආවා. කිසිම ප්‍රශ්නයක් වුනෙ නෑ. වැස්ස, මීදුම දෙකම තිබ්බා. අපිට උපදෙස් දුන්න විදිහට අපි හැමෝම පරිස්සමෙන් ගිහින් ආවා. මේ ළමයින්ගෙ අවාසනාව මෙහෙම දෙයක් වෙච්ච එක. (ර)
ඉතාමත් හොද කාළගුණයක් යටතේ අපි කන්ද තරණය කළත් හොදාකාරවම අපි දැනගෙන හිටියා හවස් වෙද්දි වහිනවා කියලා. ඒ නිසා කන්ද නගිද්දි අමාරු වුනු පිරිස ඉස්සලේලාම බැස්සුවා. ඊට පස්සේ තමා අපි බැස්සේ. කාවවත්ම අපි දාලා ආවේ නෑ. කවුරුවත් ඉක්මනට යන් ඉක්මනට යන් කියලා කෑගැහුවෙත් නෑ. ඔක්කොම තැන් තැන් වල නැවති නැවති කන්ද බහින්න අමාරු අයව බැස්සුවා ඒ නිසා තමා අපි ගොඩක් රෑ වුණේ. ඒ වැඩේට සබරගමුව විශ්වවිද්‍යාලයේ අයියලත් පුදුමම දායකත්වයකුත් දුන්නා (අ)
මේකත් කලින් වගේ බොරුවක්ද දන්නේ නෑ. (ර)
මේ වගෙ නිව්ස් වලට අදහස් පලකරල සරසවි සිසුන්ව හෑල්ලුවට ලක්කරන්න තියෙන උනන්දුව දැක්කම මිනිස්සුන්ගෙ තියෙන ඉරිසියව. හීනමානය හිතාගත්තෑකි. තමන්ගෙ සරසවි සිහිනය බොඳ උනාට සරසවි වල ඉන්න දරුවො පලි නෑ. (ර)
මෙතන ලියන නියම උගතුන් තමන්ගේ උගත්කම ගැන පම්පෝරි ගහන්නේ වත් අනුන්ගේ උගත්කම් ප්‍රශ්නයක් කරගන්නේත් නැහැ. (ර)
මීට දශක කීපයකට කලින් සමාජය ගැන අවබෝධයක් ඇති උගතුන් තමයි සරසවි වලින් පිටවුනේ. දැන් නම් ඉතින් මුළු ලංකාවම ඒගොල්ලන්ට ඉරිසියයි කියල කියාගෙන සමාජයේ විවිධ අධ්‍යාපනික පසුබිම ඇති උදවිය සමග සහයෝගයෙන් ජීවත් වෙන්න කිසිම අයුරකින් නොදන්නා හිස උදුම්මාගත් කොට්ටාශයක්. (ර)
සිසුන් උගතුන් මෙවැනි අත්දැකීම් ලබා ගත යුතුය. අවශ්‍ය පසුකම් ජී පි එස් උපකරණ සුදුසු ආරක්ෂක ඇඳුම් ලබා දිය යුතුය (නදී)
මෙතන තියෙන්නේ වයස අනුව අපි සිතන පතන ක්‍රමයේ වෙනස. මම අලි සිටින වනෝද්‍යාන වල යලොවොත් එක්ක පයින් ගිහින් තියනවා. අලි කුළු හරක් ඉස්සරහට හම්බ වෙලා මෙලෝ සිහියක් නැතිව දුවලත් තියනවා. අර කතාවක් තියෙන්නේ අලි එනකොට වංගු දුවන්න කියලා එ වෙලාවට ඕව මතක් වෙන්නෙවත් නැත. දැන් තමයි තේරෙන්නේ ඒවායේ බයානක කම. නමුත් ඒ වයසේ ඕව කරන්නේ නැතිව දැන් වයසට ගිහිහිල්ල කරන්නද? (ර)
අපි ගියේ 21 වෙනිදා. කිසිම කරදරයක් නැතුව සබරගමුව විශ්වවිද්‍යාලයේ සහෝදරවරු අපිව කන්ද නැගලා එක්කගෙන ආවා. මිදුම වගේම මොරගෙඩි වගේ වැස්ස. නමුත් කිසිම කෙනෙක්ට කරදරයක් උනේ නෑ. ඒ සහෝදරවරු අන්තිම මොහොත වෙනකන්ම අපි එක්ක හිටියා. යන්නේ නොදන්න තැනකට නිසා ඒ සහෝදරවරු කියන විදියට ගිහින් එනවා නම් මුකුත් කරදරයක් වෙන්නේ නෑ. (ර)