කැලණිය සරසවි සිසුන්ට නවක වදය දුන්නැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සිසු සිසුවියන්ට ඇප ලබා දෙනවාද නැද්ද යන්න ගැන තීන්දුව ලබන 20 වැනි දා ලබා දෙන බව ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද ප්‍රකාශ කළාය.
ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් ගොනු කැරුණු ඇප අයදුම්පත් සලකා බලද්දී සිසුන්ට ඇප දීමට රජයේ නීතීඥවරයා විරුද්ධ විය.
සිසුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ප්‍රසන්න ලාල් අල්විස් මහතා කීවේ මෙය නවක වද සිදුවීමක් නොව සිසු සිසුවියන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව ඈඳුණු සිදුවීමක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීගිරිය කුරුටුගාපු දෙමළ ළමයත් නිදහස් ජනපතිට බෝම්බ තිබ්බ එකත් නිදස් හැබැයි මේ මහින්ද ගෙදර යවලා මේ ආණ්ඩුව පත් කරන්න උදව් කළ කැම්පස් ළමයි හිරේ....(බ)
ලොකු මහත්වරු තමන්ගෙ තනතුරු රැකගනන්න ළමයි හිරේ තියන්න විතරක් නෙවේ 88/89 වගේ කරන්න වුනත් ලැහැස්තියි වගේ (බ)
අමතක නොවන පාඩම, තමන්ගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තරුණ අනාගතය කඩාකප්පල් කරන මෙවැනි අයට (බ)
ඇත්ත නේන්නං, ශිෂ්‍යාවකගේ ඇඳුම් ඉරල දැම්මොත් ඒක ඇඳුම් පැළඳුම් පිලිබඳ ප්‍රශ්නයක් මිසක් නවක වදයක් වෙන්නේ කොහොමද නේද? (බ)
මිනිමරපු පොලිස් ඒඑස්පී ඇඹිලිපිටියේ අැප පිට අනේ පව් කැම්පස් ළමයි ටික හිරේ (බ)