කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කළමනාකාර අධ්‍යක්ෂක සුනිල් තිලකවර්ධන මහතා විසින් සාදවා කැලණිය රජමහා විහාරයට පරිත්‍යාග කරනු ලැබූ ධාතු මන්දිරය අගමැති රනිල් වික්‍රමසිංහ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හා ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණි.
විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා අනුව මෙම ධාතු මන්දිරය ඉදි කැරිණි.
මහනුවර යුගයට අයත් ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකළ මෙම ධාතු මන්දිරය ඵෛතිහාසික ලක්ෂණ අතින් සුවිශේෂී තැනක් ගනී. මෙවැනි ධාතු මන්දිරයක් දැකගැනීම දුර්ලභ බව වාස්තු විද්‍යාඥයෝ කියති.
ඡායාරූප - ලාල් එස්. කුමාර
ඡායාරූප - ඩික්සන් වසන්ත










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු!!! (නි)
කැලණිය පුදබිම ඵෙතිහාසිකයි (නි)