කැලණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුන්ට දේශන වලට සහභාගී වීමට ඉඩ නොදී නවක වදය ලබාදෙන බවත් ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන්ට දැන්වූ පසු තමනට තර්ජනය කළ බවත් කියමින් විශ්ව විද්‍යාලයේ සියලු ආචාර්යවරු නවක සිසුන්ට හැර අනෙක් සිසුන්ගේ සියලු දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරු කියති.
අද (14) දහවල් 12 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක අතර මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන මහා ශිෂ්‍ය සංගමය පැවසුයේ තමන් නවක සිසුන් හඳුනා ගැනීමේ සුහද හමුවක් පමණක් සිදුකරන බවත් අමානුෂික ලෙස නවක වදය දීමක් සිදු නොකරන බවත්ය.
නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කියා සිටියේ නවක සිසුන්ට දේශනවලට පවා සහභාගී වීමට ඉඩ නොදී අමානුෂික ලෙස නවක වදය ක්‍රියාත්මක කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සකුණි සේනාධිරගේ හා විවාහ වූ කෙනාට සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටයි. සකුණි සේනාධිරගේ රස්සාවට ගත් ආයතනයටත් එසේමයි. (නි)
රොෂාන්, ඔයා කී දෙනෙක්ව එකම තලයකට ගත්තද? අපිටත් දැනගන්න කියන්න බලන්න (නි)
රොෂාන් පව්. පින් අනුව උප්පත්තියෙන් ගෙනෙන දේවල් නවක වදයෙන් වෙනස් කළ නොහැකියි. මෙතෙක් වෙනස් කරද නැත. කරන්නටද බැරිය. (නි)
නවක වදය කියන දේ තේරුමක් නැති දෙයක් කියලයි මමත් හිතන්නේ. (නි)
සරලව කියනවා නම් වැඩක් නැති නිකන් රස්තියාදු ගගහා ඉන්න අය තමයි නවක වදය දෙන්නේ. ඒකනේ සමහර පිඨ වල මේක වැඩි සහ සමහර පීඨවල ඇත්තෙම නැත්තේ. (නි)
වැදගත් පවුල් වල, සල්ලිභාගය තිබෙන, ලස්සන ගැහැණු ළමයෙක් බඳින්න තෝරාගෙන ඉන්න ඉංග්‍රීසි කතා කළහැකි ඉගෙනීමට දක්ෂ කඩවසම් පිරිමි ළමයින් නම් කවදාවත් නවකවදය දෙන්න යන්නේ නැත. (නි)
වැදගත් පවුල්වල, චරිතවත් ළමයි කාටවත් නවක වදය දෙනනට එන්නේ නැත. මේ දේවල් නැති පිරිමි/ගැහැණු තමයි කාට හෝ වදයක් වෙන්නේ. වද දෙන්න එන්නේ. (නි)
උපාලි, කුමාර් වැස්සකටවත් කැම්පස් පැත්තෙන් ගිහිල්ලත් නැහැ . මහසෙන් ගැන දුකයි, එහෙත් ඩිලාන් හරියටම හරි. බෙන්තර මහේෂ් ජවිපෙ වගේ පෙනී හිටින්නට උත්සහ කරන අයෙක්. නවකවදය යනු හීන මාන කාරන්ගේ මානසික ලෙඩක්. ඒ අයට වීරයෝ වෙන්න පුළුවන් ඔය නවක වාදය කාලයට විතරයි, (ර)
සකුණි, ඔයාගෙන් කොහෙද යන්නේ ඇහුවහම මල්ලේ තියෙන්නේ වත්තෙන් කඩාගත්ත පොල්මයි කියලා කියනවා. ඔයා ඇත්තටම මොනවද කියන්න හැදුවේ කියලා දැනගන්න ආසයි. (නි)
මමත් නවක වදය විඳලා තියෙනවා. නමුත් ඒක ඇත්තටම නවක අනුරූපිතාවයක්. මොනවා වුණත් අමානුෂික නවක වදය තහනම් කළයුතු දෙයක්. (නි)
ගුරුවරුන්ගේ මෙම වර්ජනය සාධාරණයි. නවක වදය නවත්තන්න තියෙන හොඳම විදිහ මේක තමයි (බ)
නවක වදය දෙන සියලුම දෙනාට පහත ලක්ෂනවලින් එකක් හෝ කිහිපයක් ඇත. 1. දුප්පත් පවුල්වල අයවලුන් වීම 2. දුෂ්කර පලාත්වලින් පැමිනි අය වීම 3. අඩු ලකුණු ලබා විශ්ව විද්‍යාලයට පැමිනි අය වීම 4. දෙතුන් වර උසස් පෙල ලියා විශ්ව විද්‍යාලයට තේරුනු අය වීම 4. කිසියම් අඩු පාඩුවක් නිසා අවලස්සන හෝ කැපී නොපෙනෙන අයවලුන් වීම ඉහත සඳහන් කරුනු එකක් හෝ කිහිපයක් නිසා හටගත් හීනමානයෙන් සහ කුහකකමින් නවක වදය දෙන සියලු අයවලුන් පෙලේ. (බ)
උපාලි, අන්තරේ යනු ජවිපෙ යටතේ පවතින්නක් නොවෙයි. වර්තමානයේ එය පෙරටුගාමී පක්ෂයටයි සම්බන්ධ. ආචාර්යවරුන්ද ජවිපෙ සාමාජිකයන් නොවෙයි. ඩිලාන් යනු විශ්වවිද්‍යාලය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇත්තෙක් නොවේ. (බ)
රොෂාන් කිව්වා හරි. එයත් විශ්ව විද්‍යාලට තේරෙනකොට එයාගේ තිබුන නැට්ට කපල සම තත්වයකට අරගෙන තියෙන්නේ එයාට නවක වදය දීපු කට්ටිය. (බ)
නවක වදය සංවිධානය කරන්නේ ජේවීපී කාරයෝයි දේශපාලුවන්ගේ හෙන්චයියෝ තමා. (බ)
ටික දෙනෙක්ගේ මේ වගේ පහත් දේවල් නිසා ඉගෙන ගන්න එන උපාධි අපේක්ෂකයන්ටත් වන්දි ගෙවන්න වෙලා.එක තමා දරාගන්න බැරි එකම දෙය.(අ)
බොහොම හොඳ වැඩක්. (ර)
දිලාන් ඇත්තටම කැම්පස් පැත්තේ ගිහින් ඔය කියන ඒවා දැකල තියනවද??? නවක වදයට හැමෝම විරුද්දයි හැබැයි ඔය කියන තරම් නවක වධයක් කැම්පස් තුල තියෙනවද කියල හරියටම සොයා බලන්න. පිටින් පෙනෙන ඇහෙන දේ හැමතිස්සෙම ඇත්තම නෙවෙයි. ආචාර්යවරුන් මිට වඩා බුද්ධිමත්ව ක්‍රියා කරනවානම් හොදයි.(අ)
දිලාන් කියන විදියට නවක වධයට ලක් වන්නේ කොළඹින් පැමිණි සුන්දර ඉහල සමාජයේ වැඩි ලකුණු ලාභ ගත් අයද. ඔබ කියන ලක්ෂණ තියන අය විතරක් එම ක්‍රියාවට එකතු වෙන්නේ කියා ඔබට ඔප්පු කල හැකිද. ඔබගේ ඔලුවේ ඇතිවෙන අදහස් පොදු හෝ සත්‍ය මතයම නොවෙයි. මමද ඔය කියන නවක වධයට ලක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් මි. (ර)
බෙන්තර මහේෂ් නවක වදය දුන් කෙනෙක් බව කතාවෙන්ම පේනවා. මහේෂ් කියමු බලන්න මම කිව්ව ලක්ෂණ වලින් ඔයාට තියෙන්නේ මොන ලක්ෂණද? (නි)
බෙන්තර මහේෂ්, ජවිපෙයි, පෙරටුගාමී පක්ෂයි අතඇරලා උපාධිය ගන්න බලන්න. නැත්නම් අහිංසක දෙමාපියන්ගෙ සල්ලි බලාපොරොත්තු සේරම වතුරේ. (නි)
මේ සංගමේ අන්තරේ කොටසක් නේ. අන්තරේ ජ.වී.පෙ. කොටසක් නේ. ජ.වී.පෙ. ට උද්ඝෝෂණ එහෙම කරන්න තියෙන නිසා වෙලාවක් නැතුව ඇති නවක වදය වැනි තිරිසන් වැඩ නවත්වන්න කියල තමන්ගේ සංගමේට කියන්න, (බ)
ඉතාම අමානුෂික ලෙස නවක වදය දෙනවා, අපේ සරසවි සිසුන්. බොහොමයක් සරසවි සිසුන් මීට සම්පුර්ණයෙන් විරුද්ධයි. එහෙත් ඒ අය නිහඬව ඉන්නව බිය නිසා. ගිහි සිසුන් පමණක් නොවෙයි පැවිදි සිසුන් පවා මෙම පහත් ක්‍රියාව සිදුකරනවා. අපේ අලුත් උසස් අධ්‍යාපන ඇමතිතුමාවත් මීට මැදිහත්වෙලා සරසවි නවක වදය නවත්වන්න ක්‍රියා කළොත් ඉතාම අගෙයි.(බ)
ඩිලාන්ගේ හැඳින්වීම බොහෝදුරට හරි. නවකවදය දෙන්නට දැඩි ලෙස පෙළඹෙන අය කුමන හෝ මානසික අසහනයකින් පෙළෙන බව පේනවා. තමන්ගේ පාසලේදීත්, අසල්වැසියන් අතරෙත් කිසිම සැළකිල්ලක්, නම්බුවක් නොලද අය නවකවදය දෙන්නේ සියල්ලන්ම යටත් කරගන්නා දරුණු තත්වයකින්. මේ අයට කවුරුන් හෝ බයවෙන්නේ නවකවදය කාලයේදී පමණයි. (නි)
ලක්ෂී, ඔයා දන්නේ නැතුවාට නවකවදය හරිම සුන්දර අත්දැකීමක්. සැම දෙනාවම එකම තලයකට ගන්න එක තමයි ඕකේ පරමාර්ථය. ඔලුව උදුම්මවාගත් අය ඕකට අකමැතියි. (නි)
ආචර්යවරුන්ගේ ක්‍රියාවට අපේ ආශීර්වාදය. අමානුෂික වධ නවක වාදය කියන එකෙන් තුරන් කිරීම අනිවාර්යයි. මේවා අපේ ශිෂ්‍ය සමජයවත් ලෝකය මොනම විශ්‍වවිදලයකවත් තියන දේවල්වත් නොවෙයි. (අ)
අැත්තටම නවක වදය දෙන එකේ තේරුම මොකක්ද මම විශ්ව විද්‍යාලයට නොගිය කෙනෙක් නිසයි අහන්නේ.(අ)
මම නම් ඩිලාන්ගේ කතාවට එකඟයි. ඔය නවක වදය දෙන අය ළඟ ඔය ලක්ෂණ එකක්හරි තිබෙනවාමයි. මමත් කැළණියේ කෙනෙක්. (නි)
සකුණි, ඔයාගෙ තේරුම්ගැනීම බින්දුවයි. ඔයා කැම්පස් ආවෙ කොහොමද මන්දා? දිලාන් කිව්වෙ නවකවදය දෙන්නෙ එම ලක්ෂණ ඇති අය මිස ලක්වෙන අය ගැන නෙමෙයි. (නි)
සකුණි සේනාධීර ආසයිද නවක වදය දෙන්න සහ ලබන්න? ඔයා වගේ අය තමයි කසාද බැඳලා ගිහින් ස්වාමියාටත් වදක භාර්යාවෝ වෙන්නේ. ඔන්න මම අද කිව්වා කියලා ලියාගෙන තියාගන්න. කාටවතක් මොනම විදියකින් හරි වද දෙන්නේ මොකටද? (නි)
සකුණි සේනාධිරගේ, ඔයාට බාල සහෝදර සහෝදරියො ඉන්නවද? ඔයා ඒ අයටත් නවක වදය දෙනවද? අම්මා තාත්තාට නම් පුදුම වදයක් වෙන්න ඇති ඔයා නේද? කාන්තාවක් කියන්නේ ලද බොළඳ නිවුණ චරිතයකට. (නි)
මටත් නවක වදය දෙන්න ආවා කට්ටියක්. ඒ ආ ගැහැණු ළමයින්ගේ ඇස්වල ඊර්ෂ්‍යාව වැක්කෙරෙනවා (නි)
ඩිලාන් හරි. සෑහෙන පිරිසකට ඔය ලක්ෂණ එකක් හෝ දෙකක් තිබෙනවා. (නි)
රොෂාන්, නවක වදය දුන් අය එය අවසන්වූ පසු වැදගත් ළමයි ශත පහකට ගණන් ගන්නෙ නැත. නවක වදය කාලය අවසන් වූ පසු ගැහැණු ළමයින්ගේ පස්සෙන් එන ගමේ අයියලා ඕනෑම කැම්පස් එකක සුලබ දසුනකි. තිත්ත ඇත්ත මෙයයි. (නි)
අපිත් කැම්පස් යනවා. නවක වදය දුන් අය දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැහැ. ඒ ඒ අයගේ වැදගත්කම අපි ඒ කාලයේම මැනගත් නිසා. පියවි සිහියෙන් ඉන්න කෙනෙකුට කාටවත් වදයක් කරන්න බැහැ. (නි)
ගමේ පාසලෙන් කැම්පස් යන්නෙ එක්කෙනයි දෙන්නයි. පාසලේ ඒ අයට තැනක් තිබෙනවා. නමුත් මේ අය කොළඹ ආවහම කවුරුත් දන්නෙත් නැහැ. ඉංග්‍රිසිත් බැහැ. කවුරුත් නම්බු දීලා කතා කරන්නෙත් නැහැ. ඉතින් වෛරයක් එනවා. මෙය තමයි සත්‍යය. (නි)
මේ වගේ කට්ටිය තමයි උපාධි අරගෙන රස්සාවල් නැතිව වේලෙන්නේ අසරණ දරුවන්ට දෙන ගින්දර මුන්ට ලැබෙන්නේ උපාධිය අරගත්තම (බ)
හැම ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්ගෙම අතේ ස්මාර්ට් ෆෝන්, අඳින්නෙ ඩෙනිම්. ඒත් අනේ තාම නවක වදය දෙන්න එනවා. එතකොට ඉන්නෙ ක්‍රි. පූර්ව ගණන් වල. මේවා කාට කියන්නද? මේවා සේරම බොරු රගපෑම්. (නි)