
(ලාල් එස් කුමාර)
කැලණි ගඟ ජලය ඉහළ යාමත් සමග කැලණි වේල්ල මතින් පිටාර ගැලීමට ආසන්නයේ පවතින බැවින් වේල්ල අවට පහත් බිම් වල සිටින ජනතාවට ඉන් ඉවත් වන ලෙස කැලණිය පොලිසිය අද අලුයම දැනුම් දුන්නේය.
කැලණි වේල්ලේ ස්ථාන කිහිපයකින් දියකාන්දු ඇතිවු බවත් එම දියකාන්දු පැවති ස්ථානවලට වැලි කොට්ට දමා සකස් කිරීමට කටයුතු කර ඇත.
මේ ලෙස දියකාන්දු ඇතිවන බවට ප්‍රදේශවාසියක් විසින් පෙන්වාදීමෙන් අනතුරුව කැලණිය පොලිසිය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ එම ස්ථාන පරීක්ෂා කර බලා නිසි පරිදි වැලි කොට්ට දමා මේ වන තුරුත් සකස් කරමින් පවතී.
ඊයේ රාත්‍රී 11.30 පමණ වන විට කැලණි ගඟේ ජල මට්ටම, කැලණි වේල්ලේ ඉහළ මට්ටමට අඩි දෙකක් පහළින් පවතින බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd