IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘කැලණි කල්‍යාණි’ කිරුළ මාලිනීට

කැලණිය ගුරුකුලයේ ඉගෙන ගන්නා පුංචි මාලනී සතුව තම කැමැත්තෙන්ම  ඕනෑම දෙයකට ඉදිරිපත් වෙන ලක්‍ෂණයක් තිබුණි. පුංචි දඟකාරිය තුළ කුලෑටි ගතියක් දකින්නට ලැබුණේම නැත. ඇය කි‍්‍රයාශීලි උනන්දු දැරිවියක වූවාය. දිනක්  ගුරුකුලයේදී තිලකරත්න ටීචර් මාලිනියට ඉංගී‍්‍රසි  කවියක් කියන්නට දුන්නාය. Where are you going my pretty maid? දඟකාරිය තුළ කුලෑටි ගතියක් ගෑවිලාවත් නැත. දැරිවිය හඬ නගා කවිය කීවාය. තිලකරත්න ටීචර්ට හරිම සතුටුය.  තිලකරත්න  ටීචර් මාලිනි වසර අවසානයේ  පැවැත්වෙන විවිධ ප‍්‍රසංගයට තෝරා ගත්තාය. පි‍්‍රටි මේඞ් වූයේ දඟ කෙල්ල මාලිනිය. කේ‍්‍රප් කොලවලින් රැළි කළ ගවුමක් හැඳ පුංචි දැරිය තමාගේ මුල්ම වේදිකා රංගනයෙ යෙදුනාය. කොහෙද යන්නේ රුක්මණී? කිරිගේන්න යන්නේ මං තාත්තා මොනවද කරන්නේ? ගොවිතැන් බත් කරනවා මේ ළමයා බඳිනදාට දෑවැද්දට දෙන්නේ මොනවාද? මගෙ මූණ තමයි  දෑවැද්දට දෙන්නේ. ඉතින් ඊට පස්සේ ‘කොල්ලා යන්ට යනවා මාව එපා කියලා. රංගනය නම් මාවත දිගේ පුංචි පුංචි  අඩි තියමින් ලොකු ගමනක් පැමිණි මාලිනියගේ ප‍්‍රථම රංගාභිෂේකය එය විය. දඟ මල්ලගේ දඟකාර කම් කෙළවරක්  නැත. අයියලා, මල්ලිලා සහෝදර කැල පිරිවරාගෙන මේ දඟ මල්ල කජුවතු ගානේ ඇවිද්දාය. අඹ, වෙරළු, පලතුරු ගස් පාමුල නැවතී  අඹ ගෙඩියක්, වෙරළු ගෙඩියක් කඩා ගන්නට ගස්වලට පොලූ ගැසුවාය. බයිසිකල් පැද්දාය. වෙල්යායේ දුව පනිමින් නටමින් දඟලමින්, වැටෙමින් උපරිම  සතුටකින් ළමාවියේ සුන්දරත්වය ආස්වාදය කළාය. මේ දඟමල්ල මෙල්ල කරන්නට ඇගේ අම්මා වරෙක රිදෙන්නටම පහරක් ගැසුවාය. පිටුවකින් දෙකකින් ලියන්ට බැරි තරම් රසවත් සිදුවීම්වලින් මාලිනියගේ ළමාවිය පිරී තිබේ. කොල්ලන් සමඟ ගහගන්නට, බැනගන්ට පවා නොපැකිලිව  පෙරට ගිය මේ දඟ මල්ල 1962 වසරේ එක් දවසකදී මල්වර නැකතින් පිපුණු මලක් බවට පත්වූවාය. නැකැත් බලන්නට ගියවිට කියැවුනේ අනාගතය පිළිබඳව සුබ කතාන්දරයකි. කේන්දරයේ හැටියට රජ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේම ප‍්‍රසිද්ධ කෙනෙක් වෙයි. නැකත්කරුවෝ කීහ. අම්මාට, තාත්තාට සතුටුවිය හැකි අනාගත ශුභාරංචියකි. ලා කහ පාට අලූත් ගවුමකින් සැරසී පුංචි දඟකාරිය මුතු කිරිල්ලියක සේ දොරට වැඩියාය. කැලණිය ගුරුකුලයට පැමිණි අලූත් නැටුම්  ගුරුවරයාවූ  එස්. මලල් ගුරුතුමාගේ හොඳම  ගෝලයා  බවට පත්වෙන්නට මාලිනීට වැඩි කලක් ගත වුයේ නැත. ලියවැලක් සේ රිද්මායානුකූලව තාලයට අඩි තියමින්ද  අතපය හසුරුවමින් ඉඟ  සුඟ  නටවන හුරුබුහුටි ශිෂ්‍යාවගේ නර්තන හැකියාව ගුරුකුලයේ මලල් සර් ඉතා ඉක්මනින් අවබෝධ කර ගත්තේය. ඒ 1963 ජූනි මස 5 වැනිදාය. වෙදමුල්ල ගමේ තරුණයන් ගජරාමෙට වෙහෙස මහන්සි වී කටයුතු කළේ කැලණියට තරු පා යයි උත්සවය වෙනුවෙනි. කැලණි  කල්‍යාණි ඒ උත්සවයේම  සුවිශේෂ  අංගයක් විය. ඒ තරගය වෙන්කර තිබුණේ ගමේ ලස්සන යුවතිය තෝරා ඇයට ඔටුණු පළඳවන්ටය. ඒත් හැඩරුව ඇති තම දියණිය මේ තරගයට යනවාට අම්මාගේ එතරම් කැමැත්තක් නැත. මුලදී මාලිනියද එහෙන් මෙහෙන් අකමැත්ත ප‍්‍රකාශ කළත් පසුව මාලිනිය ඇවිටිල්ලකින් තොරව කැලණි කල්‍යාණි තරගයට  ඉදිරිපත් වූවාය. අවුරුදු 16ක පුංචි කෙල්ල මින් පෙර සාරියක් ඇඳ තිබුණේ  නැත. කොණ්ඩයත්  දිග මදිය. අසල්වැසි ප‍්‍රනාන්දු ඇන්ටි ඒ කඩිමුඩියේ  මාලිනියට සාරියක් අන්දවා  හැඩවැඩ  කිරීමේ කටයුත්ත බාර ගත්තාය. ජීවිතයේ පළමු වතාවට මාලිනි අත් කපපු කළුපාට හැට්ටයකින්  හා සාරියකින් සැරසුනාය. වේදිකාව නුහුරු නොවුණත් ගමේ දන්නා කියන උදවිය මැද වේදිකාවට ගොඩවෙද්දී යුවතියගේ සිත තරමක් තිගැස්සිණි. වට කිහිපයකින් යුත් තරගයේදී මාලිනි අවසන් වටයටද තේරුණාය. ඇන්ද සාරිය, බැන්ද හවරිය මේ වනවිටත් ඒ සියල්ල නුහුරු නුපුරුදු මාලනියට මහා වදයක් වී තිබුණි. තවත් තත්පර කීපයක් ගෙවී ගියේය. තිගැස්ම, පුදුමය සමඟ සම්මිශ‍්‍රණයවූ නොඉවසිළිමත් තත්පර කිහිපයක්  ගෙවී යද්දී කැලණි කළ්‍යාණි තරගයේ ප‍්‍රතිඵල සටහන නිවේදනය කෙරුණි. කැලණි කල්‍යාණි ලෙස ඔටුණු පැළැඳීමට වරම් ලබා තිබුනේ මාලිනීය. අත්පොළසන් හඬ නිමක් නැත. ඉවරයක් නැත.  මාලනිගේ අම්මාගේ සිතද සතුටකින් පිරී ගියාය. වටිනා ත්‍යාගයක්ද කිරුළු පළන් කැලණි කුමරියට හිමිවී තිබුණි. ඒ රිදී ඩෙසර්ට් කප් සෙට්  එකකි. මාලිනියගේ කතාවේ තවත් පරිච්ඡේදයක් ඊළඟ සතියේදී. මනෝහාරි  හේවාවසම් ගේ මාලිනී අභිනය පෙළහර නම් ග‍්‍රන්ථයද පාදක කර ගැනුණි.

සටහන - සංජීවිකා සමරතුංග

පුංච් කාලෙ මම හරිම දඟ මල්ලක් (මගේ කතාව 1)

කැලණි කල්‍යාණි ලෙස කිරුළ පැළඳි දින දොරට වැඩිය මුතු කිරිල්ලි



අදහස් (0)

‘කැලණි කල්‍යාණි’ කිරුළ මාලිනීට

සුදු මාටින් Thursday, 14 June 2012 12:15 PM

අනේ මාවත් සතුටු කරන්නකෝ...........

:       0       0

ජානකී Tuesday, 12 June 2012 08:24 PM

මට පුළුව්න් නම් තව කෙනෙක් සතුටු කරන්න ආය මොනතරම් වාසනාවක්ද ....එය ඔබ සතුයි.. ඔබ පිං වන්ත කාන්තාවක්..

:       0       0

දොම්පේ මල්ලි Saturday, 09 June 2012 02:41 AM

බුදු අම්මෝ, අපේ දුටුගැමුණුගෙන් අවසර ගත්තද?

:       0       0

මාෂි Sunday, 10 June 2012 12:27 AM

මම ගොඩක් කැමති නිලියෙක් තමයි මේ.. මගේ දුවත් එ වගේම කැමතියි. මාලනී අක්ක තරම ලස්සන කෙනෙක් තවම සිනමාවෙ නෑ.. ඔබට ජේසු පිහිටයි..

:       0       0

මොනිකා Monday, 11 June 2012 08:33 PM

මාලනී අක්කගේ විලාසිතා හරිම ලස්සනයි...

:       0       0

රජතුමා Thursday, 14 June 2012 11:42 AM

කැලණි නෙමෙයි කල්‍යාණිවත් මට නම් එපා

:       0       0

අනූ Monday, 11 June 2012 09:54 PM

මාලනී අක්ක අපේ රටට ලොකු වස්තුවක් , චිරාත්කාලයක් ජීවත් වේවා !!!

:       0       0

කිරිමාටින් Thursday, 14 June 2012 12:45 PM

ඇත්තටම සහ අවංකවම කියන්නම්.දැන් ඔයාගේ කාලේ ඉවරයි.දැන් තරුණ අයට උදවු කරලා නම තියාගෙන ඉන්න බලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site