IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජ ක‍්‍රීඩකයෝ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් ශූරතාව දිනති

කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ (2012) ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට සමත්විය. සිංහල ක‍්‍රීඩා සමාජය (එස්. එස්. සී.* අනු ශූරයන් බවට පත්විය. කොළඹ පැරණිතම ක‍්‍රිකට් සමාජයක් වන කෝල්ට්ස් ක‍්‍රීඩා සමාජය පළමු පෙළ ලීග් ශූරතාව දිනූ 6 වැනි අවස්ථාව මෙය වේ. අවසන් වරට 2009/2010 තරගයේ වාරයේ ලීග් ශූරයන් වූ කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය පසුගිය වසරේදී අනු ශූරයන් බවට පත්විය. කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය ප‍්‍රසාද ලකුණු 116.69 ක් ද, එස්. එස්. සී. පිල ප‍්‍රසාද ලකුණු 107.07 ක් ද හිමිකර ගත්තේය. රාගම ක‍්‍රිකට් සමාජය ප‍්‍රසාද ලකුණු 95.495 ක් හිමිකර ගනිමින් තෙවැනි ස්ථානයට පත්ව සිිටියි. කොළඹ ප‍්‍රධානතම ක‍්‍රිකට් සමාජයක් වන එන්. සී. සී. පිල (39.12) ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වීමෙන් ලබන වසරේ ‘බී’ කාණ්ඩයට පහත වැටීමට නියමිතය. කුමාර් සංගක්කාර, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් සහ ලසිත් මාලිංග යන ප‍්‍රබල ක‍්‍රීඩකයන් එන්. සී. සී. පිල නියෝජනය කළද ජාතික කණ්ඩායමේ සංචාර හේතුවෙන් එම ක‍්‍රීඩකයන්ට මෙම තරගාවලියට සහභාගි වීමට නොහැකි විය. එන්. සී. සී. පිල මෙම තත්ත්වයෙන් ගලවා ගැනීමට ක‍්‍රිකට් පිටියෙන් සමුගෙන මේ වන විට පුහුණුකරුවකු ලෙස කටයුතු කරන උපුල් චන්දන අවසන් තරගයට ක‍්‍රීඩා කිරීම කැපී පෙනුණි. මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී බදුරලිය පිල පළමු ඉනිම 235 (රුවින්ද ශාමේන් 72, තිලකරත්න සම්පත් 85, සජීව වීරකෝන් 73/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 308 (නිලූෂාන් නෝනිස් 120, සහන් විජේරත්න 69, සජීව වීරකෝන් 122/4) කෝල්ට්ස් පිල පළමු ඉනිම 338 (ශිහාන් කමලීන් 97, මාපා බණ්ඩාර 55, තිලකරත්න සම්පත් 84/4) බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම 361 (ඩිල්ෂාන් මුණවීර 79, චාමර සිල්වා 86, සංජය ගංගොඩවිල 67, ෂෙහාන් ජයසූරිය 95/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 295 (චාමර සිල්වා 108, දමින්ද රණවීර 53, චින්තක ජයසිංහ 84) මුවර්ස් පිල පළමු ඉනිම 350 (කාංචන ගුණවර්ධන 85, ෂෙහාන් ජයසූරිය 77, දිල්හාර ලොකුහේට්ටිගේ 58, චතුරංග ද සිල්වා 53, නුවන් ප‍්‍රදීප් 76/4, සුරාජ් රන්දීව් 134/4) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ට 257 (ෂෙහාන් ජයසූරිය 60, භාතිය පෙරේරා 79, සුරාජ් රන්දීව් 129/4) මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී මේරියන්ස් පිල පළමු ඉනිම 302 (මිලින්ද සිරිවර්ධන 63, ජනක ගුණරත්න 63) සහ දෙවැනි කඩුලූ 5 ට 247 (මිලින්ද සිරිවර්ධන 90, ජනක ගුණරත්න 67) ලන්කන් පිල පළමු ඉනිම 150 (මාලින්ද පුෂ්පකුමාර 61/4) සහ දෙවැනි ඉනිම 144 (මාලින්ද පුෂ්පකුමාර 46/9) එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී එස්. එස්. සී. පිල පළමු ඉනිම 209 (තිලාන් සමරවීර 102, උපුල් චන්දන 44/4) සහ දෙවැනි 186 (තිලාන් සමරවීර 52, සොහාන් බොරලැස්ස 57/5, උපුල් චන්දන 49/4) එන්. සී. සී. පිල පලමු ඉනිම 138 සහ දෙවැනි ඉනිම 231 (මයිකල් වැන්ඩොට් 65, ජෙහාන් මුබාරක් 57, තිලාන් සමරවීර 54/4, කෞෂාල් ලොකුආරච්චි 42/4) පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී රාගම පිල පළමු ඉනිම 601 (උදාර ජයසුන්දර 120, ඉයන් ඩැනියල් 121, රුමේෂ් බුද්ධික 52, ඉන්දික ද සේරම් 67, සමීර ද සොයිසා 62, කෞෂල්‍ය වීරරත්න 59, ඉසුරු උදාන 129/4, ජීවන් මෙන්ඩිස් 157/5) ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 308 (ගයාෂාන් වීරසේකර 58, ජීවන් මෙන්ඩිස් 63, සහන් විජේසිරි නොදැවී 59, රුෂාන් ජලීල් 113/6) සහ දෙවැනි ඉනිම 200 (කිත්රුවන් විතානගේ 43, රමේෂ් කුමාර් 43, රුෂාන් ජලීල් 51/5)



අදහස් (0)

කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජ ක‍්‍රීඩකයෝ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site