තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ‍්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය වන අද (02) තේ විවේකය ස`දහා තරග නතර කරන විට වයඹ බ්ලැක්ස්, යාපනය චැලෙන්ජර්ස් සහ බස්නාහිර වෝරියස් යන කණ්ඩායම් සහභාගි වූ තරග දෙකම ජය ලබා අපරාජිතව සිටියහ. දෙවැනි අදියර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග ප‍්‍රතිඵල

  • වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (31-7)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (28-21)
  • යාපනය චැලෙන්ජර්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (19-14)
  • බස්නාහිර වෝරියස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී (24-19)
  • නැගෙනහිර ඊගල් පිල විසින් උතුරු මැද ටයිපෝන්්ස් පිල පරාජය කරන ලදී (31-0)
  • වයඹ බ්ලැක්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (19-12
  • යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (21-19)
  • බස්නාහිර වෝරියස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී (33-21)