
(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය කාල්ටන් වත්තට එල්ල වූ ප්‍රහාරය අතර තුරදී බලු පැටවකු සන්තකයේ තබා ගෙන සිටි තරුණියක වීරකැටිය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
තම නිවස ඉදිරිපිට සිටි බලු පැටියා රැගෙන ආ බව එම තරුණිය පවසා ඇතත් කාල්ටන් වත්තේ සිටින ආරක්ෂක නිළධාරීන් අදාල තරුණිය පොලීසියට යොමු කොට ඇති බවත් දැනගන්නට තිබේ.
තරුණියගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති පොලීසිය ඇය අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට පත් තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්ත ඉස්සරහට ආපු කුක්කාට කවන්න පොවන්න ගත්ත කියන්නේ හොඳ ක්‍රියාවක්. අපේ ගෙදරත් ඉදිරිපිට පාරේ අයිතිවාසිකම් නොකියන පූසෝ ඕනෑතරම් ඉන්නවා අරගෙන හදාගන්නවනම් පිනක්
පුහුල් හොරා කරෙන් දැනේ කියන එක වගේ අලුත් ප්‍රස්ථා පිරුලක් හැදේවිද
බහුතරය අරගල කරන්නේ ගෑස් , තෙල් නැති නිසා මිසක සිස්ටම් චේන්ජ් එකකට නොවේ. බහුතරය හරි ආත්මාර්ථකාමියි. දේශපාලකයින් නම් 100% ම ආත්මාර්ථකාමියි. නැතිනම් මෙවැනි තත්වයක් යටතේ පාර්ලිමේන්තුවම සාමුහිකව ප්‍රතිපත්තිමය තීරණ ගොඩක් අරගෙන රටේ සුභසිද්ධිය වෙනුවෙන්. ගාමිණි ලොකුගේ, ජොන්ස්ටන්, චමල් ල ගෙවල් වල තියාගෙන හිටපු යුරියා, ගෑස් ටැංකි ගැන ඇහුවහම ඒ මිනිස්සු කොතරම් කුහක ද කියල හිතෙනවා.
අලි පන්සල්වල අමතක වෙලා දාලා යන රටේ...
ඒක සාධාරණ නැහැ. ඕනෑම කෙනෙකුට මෙම බලු පැටවා පෝෂණය කර ආරක්ෂා කළ යුතුය