සිකුරාදා (15) රාත්‍රියේදී කලේගාන වටරැක නිවාස 2ක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇතැයි පෝද්දල පොලීසිය පවසයි.
එම නිවාස 2 හි තිබු රන් භාන්ඩ හා මුදල් සොරකම් කර ඉන් අනතුරුව මෙම ගිනි තැබීම සිදුකරන්නට ඇතැයි නිවැසියෝ කියති.
ගින්න හටගන්නා අවස්ථාවේ නිවාස 2 හි නිවැසියන් සිට නොමැති අතර පෝද්දල පොලිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පරීක්ෂණ රහස් පොලීසියට භාරදෙන එක හොඳයි මට හිතෙන හැටියට (නි)
දැන් මොනතරම් ගින්දරක් මේ මිනිසුන්ට ඇද්ද? මෙවන් තිරිසනුන්ට සොබාදහමින් දඬුවම් ලැබේවි (නි)
ගමේ මිනිස්සු මේ චණ්ඩින්ට බයයි. ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ (නි)
මෙහෙම වැඩක් වටරැක නිවසකට කරපු කෙනෙක් තමයි මාස කිහිපයකට පෙර මරා, දරුණු ලෙස පුළුස්සා ගාල්ල අධිවේගී මඟෙහි ගෙනයමින් තිබියදී ඇල්ලුවේ. (නි)
නිවැසියන් පිටතට ගියාම හොරෙන් ගෙවල් පුච්චන අය චන්ඩි වෙන්නේ කොහොමද ?අතට අහු උනොත් මුන්ගෙ හතර හන්දි කඩා ගන්න වෙන්නේ .පොලීසියෙ අකාර්යක්ෂමතාවය නිසා මේ පළාතේ අපරාධ වැඩි වෙලා .නිවාස ගිනි තබීමෙන් බරපතල හාණියක් සිදුවී ඇති බැවින් මෙම අපරාධ විමර්ශනය කිරීමට රහස් පොලීසියට බාරදෙන මෙන් නව පොලිස් පති තුමාගෙන් ඉල්ලා සිටිමු .(අ)