(ඩයනා උදයංගනී)
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හෙට (25) දිවයින හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින අතර ඒ හේතුවෙන් හෙට (25) සහ අනිද්දා (26) දිනවල බොහෝ ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීය.
උතුරු, නැගෙනහිර, වයඹ බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40, 50 පමණ තද සුළං හමා යන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් එම ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වෙලාව 25 උදේ හයයි තිස් අටයි අකුණු සමග තද වැස්සක් තියෙනවා කාළගුන අනාවැකිය හරි මට මතක් වෙනවා සුනාමි ආවෙත් නත්තල් දින හා පසුදින ආශ්‍රිතව කියලා අදත් එහෙම තමයි 1969 වසරේ ලංකාවෙ ලොකු නාය යාමක් වාර්තා වුනෙත් ඔය දින ආශ්‍රිතව බව සොය බැලුවොත් පෙනේවි.