බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්” ඉතා චන්ඩ සුළිකුණාටුව අද දහවල් ඉන්දියානු ගොඩබිමට ඇතුල් වූ අතර ඉදිරි දින තුල දී ක්‍රමයෙන් දුර්වල වනු ඇත. කෙසේ වෙතත් එහි බලපෑම නිසා දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළයාමට හැකියාව තව දුරටත් (අද දිනයේ) පවතී. විශේෂයෙන් උතුරු මුහුද රළු වීමේ හැකියාව ද පවතී. හෙට දිනයේ සිට සුළං වේගය අඩු වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. වයඹ පළාතටද මෙම වැසි පැතිර යා හැක.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, නැගෙනහිර සහ උතුරු පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ වාර්ථාවට අනුව කියන දේ වෙන්නේ නෑනේ.(හේ)
අද අපේ රටේ කාලගුණය විතරක් නෙමෙයි මේ මුලු ලෝකෙම කාලගුණය රෑට කියන දේ නෙමෙයි බොහෝවිට උදේට සිද්ධවෙන්නෙ. ඒ නිසා කාලගුණ වාර්තා කියන ඒවා විෂයක් ලෙස හදාරපු, ඒ වාර්තා හැකි පමණින් හරි මහජනයාට දන්වන ඒ මහත්ම මහත්මීන්ට අපි ගරුකළ යුතුයි. (නි)
කාලගුණය යනු අපෙි සැමගේම සොහාදහමයි. අවට පරිසරයයි. අප විසින් පරිසරයට හා සොහාදහමට දක්වන්නා වු අාදරය සැළකිලි අනුව තමයි එයින් අපිට ලැබෙන ප්‍රතිඵලත්. දැන් මේ ලෝකය පුරාවටම වන ස්වභාවික විපත් දැනට දශකයකට පෙර සිට අාරම්භ වෙමින් පවතිනවා. (නි)
ලංකාවෙ වාර්තා කොහොමත් ? (බ)
මේ කාලගුණ වාර්තාව(පෙබරවාරි.13.2015) වැඩියෙන්ම බලපාන්නේ අපේ රටේ ධිවර සහොදරයන්ටයි. ඔවුන් හැමවිටම බැලිය යුත්තේ සහ සවන් දිය යත්තේ මෙවැනි මාධ්‍යයටයි. අනුන්ගෙ වල්පල්වවලට නොවේ.සිහි ණුවනින් වැඩකලොත් ඔබත් ඔබෙේ දරැපවුලත් රැකෙණු නියතය... (අ)
කාලගුණ වාර්තා නම් සියයට සීයක්ම හරියටම කියන්න ලෝකයේ දියුණු රටවල් වලටවත් තවම බැහැ. (නි)
කාලගුණය හරියට කියන්න බැරි ඇයි (දිල්)
කාලගුණයත් දේශපාලකයන් වගේ (නදී)