දේශගුණ විපාර්යාස වලට ගොදුරු වන ජනතාව මුහුණ දෙන ගැටලූ සහ පොදුවේ සිදුවෙන සංවර්ධන හා නාගරික ක‍්‍රියාවලීන් ඔස්සේ මුහුණ පෑමට සිදුවන ගැටලූ ගැන රටක් ලෙස පිළියම් සෙවීම හැකි ඉක්මනින් කටයුතු කළ යුතු යැයි බස්නාහිර පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පැවසුවේය.
විශේෂයෙන්ම ඊට අදාළ ප‍්‍රතිපත්ති හා ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කිරීම, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම ආදී කටයුතු කිරීමේදී බස්නාහිර පළාත වශයෙන් ලෙස නොව මුළු රටම එකතු කර ගැනීමට අපේක්ෂා කරන බව බස්නාහිර පළාත් අමාත්‍යවරයා කීවේය.
දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ අවසන් දිනය සනිටුහන් කරමින් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම අදහස් දැක්වීය. මෙම සමුළුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.
ලොව පුරා පවතින රාජ්‍යයන් තිරසාර සංවර්ධනය කිරීම පෙරදැරිව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, අප‍්‍රිකා,ඇමෙරිකා, යුරෝපීය, ආසියා සහ ආසියා පැසිෆික් කලාපයන් නියෝජනය කරමින් රටවල් කිහිපයක නියෝජිතයෝ සහභාගීවී සිටියහ.
තිලකසිරි මහතා කියා සිටයේ බස්නාහිර පළාතේ අධික ජනගහනය හේතුවෙන් විවිධ කාලගුණ විපර්යාස වලට මුහුණ පාන හෙයින් මෙවැනි සමුළුවක් පැවැත්වීම රටේ තිරසාර සංවර්ධනයට රැකුලක් වන බවය.
මෙරට පළාත් මට්ටමින් තිරසාර සංවර්ධනය ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ජෛව විවිධත්වය , ජල සම්පත් කළමනාකරණය ,සනීපාරක්ෂක ක‍්‍රම හා දේශගුණික විපර්යාස අවම කිරීම සම්න්ධයෙන් සංවාදාත්මක විග‍්‍රහයක් සිදු කළ බවත් එමඟින් එළැඹි තීරණ ඉක්මණින් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම කියා සිටියේය.
බස්නාහිර පළාත් කෘෂිකර්ම හා පරිසර අමත්‍යාංශ ලේකම් නයනානන්ද නිල්වල මහතා කියා සිටියේ මෙම සමුළුවේදී ස්වභාවික සහ මිනිසුන් විසින් සිදුකරන ආපදා අඩුකර ගැනීම සම්බන්ධයෙන් විදෙස් නියෝජිතයින් සමඟ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවයි. පොදුවේ සිදුවන සංවර්ධන ක‍්‍රියාවලිය හා නාගරික හැ අර්ධ නාගරික කෘෂිකර්මාන්තය අඩුවීම, ජලයට අපද්‍රව්‍ය එකතුවීම වැළැක්වීම ආදි ලංකාවට බලපාන කරුණු ගැනද සමුළුවේ විශේෂ අවධානය යොමු කෙරුණු බවද කීවේය.
සමුළුව ආරම්භක දිනයවූ පෙරේදා (8) දිනයේදී තිරසාර සංවර්ධනයේදී දේශගණ විපර්යාස වලට අනුගත වීමේ සැලැස්මක් සහ 2015 ‐ 2018 කාල පරාසය සඳහා දේශගුණ විපර්යාසයන්ට අනුගතවීම පිළිබඳ බස්නාහිර පළාත් සභාවේ ඉදිරි වැඩපිළිවෙළ එළිදැක්වීමද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වූ අතර අදාළ සැලැස්ම බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි සහ බස්නාහිර පළාත් සභා ආණ්ඩුකාර කේ.සී.ලෝගේෂ්වරන් යන මහතවරුන් විසින් විසින් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාලගුණ විපරියාසෙට උත්තර සොයයි