ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා දෙදෙනා එක්ව මුම්බායි නුවර හෝටලයකදී රාත්‍රී ආහාරය ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය මේවන විට වාර්ථා කරනු ලබන අතර, ඔවුන් දෙදෙනා එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරතවී ඇති බවයි හෙළිවී ඇත්තේ. එම සාකච්ඡාවෙන් පසු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා ඉතා සතුටින් සිටි බවයි ඔවුන් සඳහන් කරනු ලබන්නේ.කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ බිඳ වැටී ඇති ප්‍රේමය යළිත් ඇතිකර ගැනීමට ඔවුන් දෙදෙනා උත්සාහයක නිරත වෙමින් සිටින බවයි.
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා අතර පැවති ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටී ඇති බවටයි පසුගියදා ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබුණත්, එම කරුණ සත්‍යයක් ද යන්න සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ.
ක්‍රීඩාවේදී විරාත් කෝලිගේ ඇතැම් පසුබැසීම්වලට හේතුව අනුෂ්කා ශර්මා හේතු වන බවට ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් චෝදනා කර තිබුනේ. ඊට ප්‍රතිචාර දක්වමින් විරාත් කෝලි සඳහන් කර සිටියේ එවැනි ප්‍රචාර පිළිබඳ තමා දැඩිව කණගාටුවට පත්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd