
(යොහාන් භාසුර)
ඉන්දීය පිතිකරු විරාට් කෝලි 49 වැනි එක්දින ශතකය රැස් කිරීමට සුභ පතන්නේ දැයි මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දුන් ආකාරය පිළිබඳ තමන් කණගාටුවන බවත් එවැනි ප්‍රශ්නයක් එම අවස්ථාවේදී බලාපොරොත්තු නොවීම නිසා එවැනි දෙයක් සිදු වූ බවත් ශ්‍රී ලංකා පිළේ නායක කුසල් මෙන්ඩිස් අද (12) පැවසීය.
බංග්ලාදේශයට එරෙහිව තරගයට පෙර දිනයේ එම තරගය පිළිබඳව අදහස් දැක්වීමට පැමිණි අවස්ථාවේදී එවැනි ප්‍රශ්නයක් යොමු වේ යැයි තමන් නොසිතූ බවත් තමන් එහිදී දුන් පිළිතුර පිළිබඳව විවේචන එල්ල වෙද්දි පිළිතුර පිළිබඳ අවධානය යොමු කළ බවත් කුසල් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී කුසල් මෙන්ඩිස් එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝලි කියන්නේ විශිෂ්ටයෙක්, ලංකාවට බොහෝ ආදරේ කරන, ඉතාමත් නිරහංකාර මහත්මයෙක් !!!අපේ මුවෙන් යම් වචනයක් පිටවුනාට පස්සේ එය නැවතත් මුව තුලට ඇදගන්න බැහැ වගේම ඒ වචනයෙන් දෙන හැඟීම අප අවට සිටින සියලුදෙනාටම දනවා අවසන්. උද්දච්ච කමට වචන පිටකලාට ඒ නිසා ඇතිවන ප්‍රතික්‍රියාවට පුළුවන් රටවල් දෙකක් ගිනිතියන්න. " ඇයි මම එයාට සුබ පතන්නේ ..? " කියන මහා ආඩම්බර එහෙත් " හිස් " උත්තරයට වඩා කොයිතරම් ප්‍රියමනාපද " ඒ වෙලාවේ " මෙහෙම කීවානම් ...." කෝ ..මට එයාව අල්ලාගන්න බැරිවුනානේ මේ කරදර අස්සේ .. ඉක්මනටම ගිහින් සුබපතන්න ඕනා.. ඒවගේ දක්ෂයෙක්ට සුබපතන්න අවස්ථාවක් ලැබීමම මම මොනතරම් වාසනාවන්තයෙක්ද කියලා හිතෙනවා.. අපිව හදන්නෙත් නසන්නෙත් කටමය කියලා අපේ පැරණි වහරකින් කියනවා නේද?
ඉතින් ඇත්තනේ කිව්වේ...!
අපි බංගලින්ට ක්‍රීඩා ගුණය ගැන කිව්වට... මේ වගේ අවස්ථා වලදීත් ඒ ගුණය පිරිහෙනවා. අනිවාර්යයෙන් සුබපතන්න තිබ්බා ක්‍රීඩකයෙක් විදිහට... නායකයෙක් හැටියට කුසල්ට ඉදි්රියට යන්න නම් මේ වගේ සුළු දේවල් පවා හිතන්න වෙනවා.
ඕක හරි බරි ගැහිලා උත්තර දෙන්න තරම් ප්‍රශ්නයක්ද? කෙටියෙන් කීවොත් තනිකරම කුහකකම. උද්දඡකම, මාන්නය... ඉතින් මේ වගේ අදහස් තියෙන අය ඉද්දී රට දිනයියෑ..!