IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කාලෝගේ පෙත්සමට පොලිස්පතිගේ විරෝධතා

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප‍්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා ලබන පෙබරවාරි 25 වැනිදා තෙක් පොලිස්පතිවරයාට කල් දීමට අභියාචනාධිකරණය ඊයේ (11) තීන්දු කළේය.

සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ එච්.සී.ජේ. මඩවල මහත්මිය ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

ඇල්ලේ ගුණවංශ හිමි, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ රොහාන් වැලිවිට යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සම්හි වලඋත්තරකරු ලෙස පොලිස්පති නම් කරනු ලැබ සිටියි.

පසුගිය රජය සමයේ සිදුකළ වංචා දූෂණ පිළිබඳව විමර්ශණය කිරීම සඳහා ඉකුත් 2015 පෙබරවාරි 13 වැනිදා පොලිස්ලතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යන නමින් වෙනම පොලිස් ඒකකයක් පිහිටවූ බවත්, ඒ සඳහා වන ගැසට් නිවේදනය 1901/20 දරණ අංකය යටතේ නිකුත් කර ඇතැයි පෙත්සමේ සඳහන්වේ.

පොලිස් ආඥා පනතකින් 55 වගන්තිය අනුව එම කොට්ඨාසය පිහිටවූ බව සඳහන්වේ.එහෙත් පොලිස් ආඥා පනතේ 55 වන වගන්තිය අනුව එවැනි ඒකකයක් පිහිටුවීමට පොලිස්පතිවරයාට එවැනි බලයක් නොමැති බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වා දේ.පොලිස් නිලධාරීන් සහ ඔවුන්ට අදාළ කාරණා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීම සඳහා වන බලය පමණක් 55 වැනි වගන්තිය මඟින් ලබා දී ඇති බවද ඔවූහු පවසති.

එසේම අගමැතිවරයා යටතේ ඇති කැබිනට් අනු කමිටුව එම පොලිස් ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දෙනු ලබන නියෝග අනුව විමර්ශන සිදු කිරීම පවතින නීතියට සම්පූර්ණයෙන්ම පටහැනිව කටයුතු කිරීමක් බව පෙත්සම්කරුවන් කියා සිටී.

එබැවින් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස එම ගැසට් නිවේදනය ක‍්‍රියාත්මකවීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටී.



අදහස් (0)

කාලෝගේ පෙත්සමට පොලිස්පතිගේ විරෝධතා

කපිල Monday, 11 January 2016 02:32 PM

ගණන් ගන්න එපා අපේ කාලෝ සර්..මේක යහපාලන කාලෙනේ....(බ)

:       0       0

චන්න Monday, 11 January 2016 06:48 PM

ඔය කාගෙ කාගෙත් හැටි අපි දන්නවා (නි)

:       0       0

කෙනත් Wednesday, 13 January 2016 02:58 PM

ඕනෑම දෙයක දෙපැත්තක් තිබෙනවානේ (නි)

:       0       0

දුම්න්ද Monday, 11 January 2016 12:28 PM

නීතිය යහපාලනයට ඉහලින්ද (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site