‘මුලාවෙන් මිදෙමු‘ මැයෙන් කුරුණෑගල කුඹුක්ගැටේ දී සංවිධානය කළ වැඩසටහනට සහභාගී වූ කලා කරුවන්ට පහර දීමට 150 දෙනකු පමණ පැමිණි බවත්, ඔවුන්ගේ තර්ජන හමුවේ තම කටයුතු අතර මඟ නවතා කුඹුක් ගැටේ නගරයට එද්දී බිත්තරවලින් ද පහර දුන් බවත්, සමනලී ෆොන්සේකා ඇතුළු කිහිප දෙනකු සුළු තුවාල ලබූ බවත් රංගන ශිල්පී ජගත් මනුවර්ණ කියයි.
පසුගිය සතියේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ කලාකරුවන් කීවේ වත්මන් පාලනය වෙනස් කරන්නට තමන් වෙහෙසෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා උපතින්ම දේශපාලන ජීවියෙක්. එබැවින් සෑම මිනිසෙකුටම දේශපාලන මතයක් දැරීමේ අයිතියක් ඇත. කලාකරුවන් යනු සමාජයේ නොපෙනෙන පැතිකඩ තුලින් සමාජය විග්‍රහකරන අර්ථාන්විත පිරිසක් වේ යන්න මගේ මතයයි. එබැවින් කුමන හෝ දේශපාලන පක්ෂයකට කලාකරුවන් සම්බන්ද කර ප්‍රචාරක කටයුතු කිරීම සුදුසු නොවේ යන්න මගේ මතයි. කලාකරුවන් දේශපාලනීකරණය වීම යනු අර්ථාන්විත කලා නිර්මාණ දේශපාලනීකරණය වීමක් වැනිය. එමෙන්ම සම්භාව්‍ය කලාකරුවන්ගේ නිර්මාණ බිහිනොවිම තුලින් රසිකයන්ගේ නිර්මාණ වින්දනයට සිදු කරන්නාවූ අසාධාරණයක් වේ. (ර)
මෙතන කව්ද වැරදිකාරයෝ කියා හොඳට තේරෙනවා (නදී)
ස්වාධීන අදහස් දැරීමට ඇති අයිතිය පිළිගැනීමට නොකැමැති අයගේ ක්‍රියා පිළිකුලෙන් හෙලා දැක වෙනසකට මුල පුරමු.(නදී)
මේවා කාටද කියන්නේ? (නි)
කලාකරයො කියන්නෙත් මේ රටේ මිනිස්සු. එයාලට තමන් කැමති දේශපාලන අදහස් දරන්න අයිතියක් තියෙනවා. හැම දෙනාම එකම මතයක් දරන්නේ නැහැ. (ර)