සමහර කලාකරුවන් මුදල් ඉපැයීම් අරමුණු කරගෙන ජනතාව මුලාකරන බව එක්සත් කලා සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
“අද කලාකරුවන් කොටස් දෙකකට බෙදී අවසන්. සමහර කලාකරුවන් වරප්‍රසාද අරමුණු කරගෙන මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් සඳහා පෙනී සිටිමින් ජනතාව රවටනවා. රාජපක්‍ෂ පාලනය ටෙලි නාට්‍යයක් විකාශය කිරීමේ අවස්ථාව අහිමි කළා. ටෙලි නාට්‍යයක් විකාශය කිරීම සඳහා රුපියල් 50,000 ක් ලබාදිය යුතුයි.
කලාසංසදය මගින් මේ පිළිබද ජනාධිපතිවරයාට ලිඛිතව වාර්තාවක් ඉදිරිපත් කලත් ඒ පිළිබද සලකා බැලීමට ඔහු කටයුතු කළේ නෑ. මේ නිසා සමහර නිෂ්පාදකවරුන්ට තම ටෙලිනාට්‍ය විකාශය කරගැනීමට සදහා ඇතැම් ඇමතිවරුන්ටත් කොමිස් වෙන් කරීමට සිදු වෙලා. කලා ක්ෂෙත්‍රයේ ශිල්පීන් ඇගයීම සදහා ජනාධිපති සම්මාන උළෙල වසර හතකින් පවත්වා නැහැ. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට රඟපෑමත් බෑ දේශපාලනයත් බෑ. දන්නේ අනුන්නට මඩ ගහන්නයි .(හේ)
එතකොට ඔබතුමා මොකද්ද ඔය කරන්නේ? අනේ! යන්න නිකන් අපිව රවට්ටන්නේ නැතුව (නි)
සමහරුන්ට නම් හැඳිමිටක තරම්වත් දුරට හිතන්න බැහැ. මෛත්‍රී ට නළු නිළි සහයක් ඇත්තෙම නැද්ද? (නි)
ඒ වුණාට කාන්තා පක්ෂයේ කෙනෙක් මේ වෙනුවෙන් හරිම කැත වැඩක් කළා. අපි ඒක මාධ්‍ය මඟින් දැක්කා. ඩොලර් වලට එහෙම කරන්න එපා (නි)
රංජන් කියන්නෙත් ටිකක් දක්ෂයෙක් තමයි. ඒ උනාට ආන්ඩුව ඔක්කොම හොඳ කලාකරුවන්ට සපෝට් කරනවා. ඒකට ඉරිසියාවෙ ඉන්න බැරුව කියන කතානෙ ඕවා. දැන් ඔය කලාකාරුවොම මෙයිත්‍රීට සපෝට් කලා නම් රන්ජන් එ් ගොල්ලන්ගෙ හොඳ කියයි. (නදී)
මෙවැනි හේතුන් නිසා තමයි අද කලාකරුවෝ හැල්ලුවට ලක්වෙලා තියෙන්නේ. කලා කරුවා දේශපාලන ඉත්තෙක් නොවිය යුත්තේ කිව්වේ මේ නිසයි. (ර)
කලාකරුවන් කියන්නේ අතපය විසිකරන්න පුළුවන් අය නොවෙයි. ජනතාවගේ හදවතට ස්වර හා මෘදු භාෂාවන් හරහා ඇමතිය හැකි සුන්දර මිනිසුන්. තවත් කෙනෙකුගේ මෙහෙයවීමෙන් අතපය විසිකර ජනප්‍රිය වන නළුවන් නොව සිය රංගන විලාශයෙන් නිහඬව හදවත් ඇමතිය හැකි සුන්දර මිනිසුන් තමා නියම කලාකරුවන්. (ර)
කලකරුවො හරි..මේ කලාකරුවො තමන්ගෙ දක්ෂතා වලින් ඉදිරියට යන අය..ඒ ගොල්ලන්ට කඩේ යන්න ඕන වෙන්නෙ නැ..මහින්දගෙ වැරදි තිබුණත් මේ වෙලාවේ මහින්ද දිනන්න ඕන සහ නැත්තන් රට ආපහු අගාධයට යන බව දැන් ගොඩක් අයට හිතිල තියෙනවා (දිල්)
මෙතුමාට දේශපාලනය කරන්න හොඳා අනිත් කලා කරුවාට හොඳ නැහැ. එ්කාධිපති අදහස්. (නදී)
කලාකාරයෝ කියන්නේ බොරු කාරයෝ කියලත් සමහරු කියනවා. (නදී)
කලාකාරයෝ කියන්නේ බොරුවෙන් ජීවත්වෙන කට්ටියක් ද ? (නදී)
මම නම් හිතන්නෙ මේ ගායකයො කියන අය ලෝකයේ නැතිවුණා නම් අපිට බස්වල කනක් ඇහිලා ගමනක් යන්න පුලුවන් (නි)
මාතර සුනිල් , මෙයා තමා නියම කලාකරුවා (දිල්)