‘මුලාවෙන් මිදෙමු‘ මැයෙන් වීදි නාට්‍යයක් පෙන්වමින් සිටි තරුණ කලාකරුවන් පිරිසකට කුරුණෑගල කුඹුක්ගැටේ දී කිසියම් පිරිසක් පහර දුන් බව තරුණ කලාකාරිනියක වන සමනලී ෆොන්සේකා මෙනවිය කියන්නීය.
‘නිල් පාට ඇඳගත් තිස් දෙනෙක් විතර ගැහැණු පිරිමි ඇවිත් අපට පරුෂ වචනයෙන් බැන්නා. කිහිප දෙනෙක් අපට පහර දුන්නා. අපි දැන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයයට යනවා පැමිණිලි කරන්න.‘
මෙම තරුණ කලාකරුවන් පිරිස අතර මොහාන්රාජ් මඩවල, ජගත් මනුවර්ණ, ඉන්ද්‍රචාප ලියනගේ ඇතුළු පිරිසක් ද සිටිති.
ඔවුහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරු ප්‍රබාකරන්ට වුනත් ප්‍රතිපත්තියක් තිබුනා. ඒකට දැන්? (නදී)
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ (නි)
ජගත්-මිලානෝ, ප්‍රබාකරන් හිටිය කාලේ ඔය නිල් පාට ඇඳුම් ඇඳ ගත්ත චන්ඩි හිටියෙත් නැහැ. (ර)
පසු බහින්න එපා. කිව්වට තරහ වෙන්න එපා. ඔතනදි නොගැහැව්වා නම් ඔයාල මෛත්‍රි එක්ක ඉන්න බව දැනගන්නේ කුඹුක්ගැටේ උදවිය විතරයි. දැන් මුළු ලංකාවම දන්නවා.(ර)
ඉවසන්න ඔබේ ගමන හොඳයි. ඔබ සියලු දෙනාට අපේ ප්‍රණාමය !(හේ)
අපේ රටේ මිනිස්සුන්ට තඩි බබා ඉන්දියාවෙන් නැට්ටුක්කාරයෝ ගෙන්වනවා. (හේ)
ඇත්තට දැන් මේක මැරයන්ට ගිය රටක්ද ? ඔය නිල් පාට ඇඳුම් ඇඳ ගත්ත කට්ටිය කාගේද කියලා අපිට හිතා ගන්න පුළුවන්. (හේ)
බැරි වැඩ නොකරන් අඹරෝ කිව්වලු.(හේ)
මේ කළා කරුවෝද නලා කරුවෝද? කළා කරුවොනම් කලාවේ නිරතවෙනවා මිසක් කඩේ යනවද? (නදී)
ගුටිකන තරමට තමා ඩොලර් මලු පිරිලා ඉතිරිලා ලැබෙන්නේ ගහපු අයත් වීති නාට්‍ය කාරයෝද කියල කවුද දන්නේ? ලැබෙන ගණන දෙකට බෙදෙනවද කියල කවුද දන්නේ ගුටිකන සහ ගහන අය අතරේ (නදී)
අපි මෙය තරයේ හෙළාදකිමු (නි)
මහින්ද චින්තනේ තුළ අන් මත දැරීමට අවස්ථාවක් නෑ(දිල්)
මංගලිකා අක්කේ ඔයා ඇඳගෙන ඉන්නෙත් නිල් පාට ටී ෂර්ට් එකක් කියල පේනවා. (දිල්)
ලොකු අම්මාව 'මුලාවෙන් මුදවාගන්න' සමනළීට තාම බැරි වුනානේ.(හේ)
හෙට අනිද්දා වන විට පවතින රජය දිනුවොත් ඉන්දියාවෙන් කළා කරුවන් ආනයනය කර , මොවුන්ට හොඳ පාඩමක් උගන්වනවා , (හේ)
ප්‍රබාකරන් හිටිය කාලේ මේ එක්කෙනෙවත් වීදි නාට්ටියක් පෙන්නුවේ නෑ. (ර)
මේ අය ස්වාධීන කලාකරුවෝද? (නි)
කැතයි නේද ඔහොම මඩගහනකොට? (නි)
ඔහොම පාරට බැහැල නටන්න නිදහස ලැබුනෙ කවුරු හන්දද කියල පොඩ්ඩක් හිතල බලන්න.(නදී)
පරාජයේ වියරුව (නදී)
රටක නීතියක් නොමැති තැන මිනිසුන් වනචාරී ලෙස හැසිරෙයි. (නි)
මේ අවස්ථාවේ එක අපේක්ෂයකුට පමණක් විරුද්දව වීදි නාට්‍ය පෙන්වීම මෙවන් දේවල් වීමට හේතු සාධක වනබව දන දැනත් මෙම කලාකරුවෝ අත්තනෝමතික ලෙස කටයුතු කිරීම කණගාටුදායකයි.(නදී)
මේ මහත්තය ගැන පහුගිය ටිකේ අපි දැක්කනේ සම්මාන උලෙලකදී තමුන්ට සම්මානයක් නොලැබුණු නිසා මහාචාර්යවරයෙක්ට ගහන්න ගිය කතාව. (නදී)
අපි නම් හැම කාලෙකම වීදි නාට්‍ය දැක්කා. රටින් පිට ඉන්න අය නොදැක්කට. දැන් තමයි වීදි නාට්‍යයක්වත් කරන්න බැරි.හරිම දරුණු කාලයක්.ඉක්මනටම යහ පාලනය ඇති කරන්න වෙනවා.(හේ)
ලොව දිනන මඟ......... (නි)