‘දේශපාලනඥයෝ යුද සැලසුම් දන්නේ නැහැ. හමුදාවක අවුරුදු කීපයක් හිටියා කියලා ලේකම්ලා යුද සැලසුම් දන්නේ නෑ‘ යනුවෙන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ස්වාධීන රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කීවේය.
නරකම දේශපාලන සතුරන් ගැන විමසූ විට ඔහු පැවසූයේ කාලයකදී කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් තම සතුරා බවයි. කාලයකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නරකම සතුරා වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් කීයක් ලැබුනද ? (නදී)
මෙතුමා ගොඩක් බොරු කියන්නේ (නදී)
මෙතන අදහස් දාල තියෙන අයට මම කියනවා නිකන් බුරන්නේ නැතුව හමුදා තුනේම ඒ කාලයේ හිටිය අයගෙන් මෙහෙයුම් ගැන අහගන්න කියල. කවුද කලේ කොහොමද කලේ කියල නිකන් නොදන්නවා වුනාට සද්ද නැතුව ඉන්නේ නැතුව බුරන්න එපා. (නදි)
සර්පයා සර්පයාම තමයි... (නි)
යුද්දෙදි දෙවෙනි පෙල යුද නායකයොත් ඔය විදියට ලකුණු දාගන්න ගියොත් සරත් ෆොන්සේකාගේ තැන මොකක්ද? (නදී)
මට නම් පෙන්නේ ඔබගේ සතුරා ඔබම බවයි ... (නදී)
මට නම් පේන්නේ ඔබගේ සතුරා ඔබම බවයි (නදී)
සරත් පොන්සේකා, ඔබ තුමා ගැන මගේ සිතේ තිබුණු ගරු කිරීම නතරවුනා. ඔබ හීන මානයෙන් පිලෙන කෙනෙකි. (නදී)
ඔලුවක් මොලයක් නැති සිංහල ජාතිය බලු පොරයක පැටලිලා. ඔලු ඇති බුද්දිමත් මිනසුනේ ජාතියට පිහිටක් ඇත්තේම නැතිද.?. (නදී)
කෝලිත සරත් ෆොන්සේකාට දේශපාලනය කරන්න බැරි මොකද. මේකේ ලියල තියෙන දේවල් සමහර වෙලාවට කිසිම දෙයක් නොදන්නා අය බවයි මට නම් පේන්නේ. එතුමා ජාතියේ පිනට පහල උන කෙනෙක්. කාට ලකුණු ලැබුනත් යුද්දේ දිනුවේ මෙතුමා නිසයි. (නදී)
නම්බු නාම තියාගෙන හිටියා නම් ඉවරයි. ආණ්ඩුව මාරු උනාම ලැබෙන තනතුරු ආණ්ඩුව මාරු උනාම ගැලවෙනවා. (නදී)
පුදුමයි කියන්නෙ මුහමලේ ඉදිරි ආරක්‍ෂක වලල්ලට ගහන්න ගිහිල්ලා හමුදාව ලද දරුණු පරාජය ගැන සහ ඊට වගකිවයුතු පුද්ගලයා ගැන සහ සුදු වෑන් කල්ලිය ගැන රනිල් මහත්තයා පාර්ලිමේනතුවෙදී කල කථාවන් දැන් කාටවත් මතක නැහැ. (අ)
කිසි දෙයක් දන්නේ නැති හින්ද වෙන්න ඇති ඔබතුමාට හමුදාපති තනතුර දුන්නේ. ඔබතුමා හමුදාපති තනතුරට ගැලපෙන්නේ නැති බව එදා විපක්ෂයේ කට්ටිය උඩ පැන පැන කීවා මතකයි. (නදී)
කට පියාගෙන ඉන්නකම් ඔබතුමා වීර සෙන්පතියෙක් : බුද්දීමතෙක් කට ඇරපු ගමන් ඔක්කොම ඉවරයි (නදී)
එතකොට දැන් ප්‍රභාකරන් ඔබේ මිතුරෙක්ද.? (අ)
මේ දෙන්නම ඔබේ කලකදී සතුරෝ.දැන් සතුරා කව්ද? (අ)
එහෙම නම් ෆොන්සේකා මහතාව හමුදාපති ධුරයට උසස් කිරීමත් ඒ නොදන්නා කමේ ලක්ෂණයක්ද? ශාන්ත කොට්ටෙගොඩ මහතාව කලින් විශ්‍රාම යවල ඊළඟට හිටි නිශ්ශංක විජේසිංහ මහතාව අභිභවා ෆොන්සේකා මහතාට තනතුර දීම දේශපාලන දුෂණ ක්‍රියාවක් තමා. (අ)
පොදුවේ ගත්තම ඉහලින් ඇති ප්‍රතිචාර වලින් කියන්නේ අපේ සිංහල ජාතියේ හැටි. හැමෝටම මුල අමතක වෙනවා. අපි පොදුවේ පිළිගතයුතු කරුණ නම් යුද්ධය නිමකිරීමේ කාර්යයෙහි ප්‍රධානතම සෙන්පතියන් දෙදෙනෙක් සිටිනවා. එක අයෙක් දේශපාලනමය වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමත් යුධමය වශයෙන් සරත් ෆොන්සේකා මහතාත් මතක් කලයුතුයි. එක අයෙක් පමණක් මෙයින් ඉස්මතු නොවිය යුතුයි. යුධ,ගුවන්,නාවික ත්‍රිවිධ හමුදාවම යුද්ධය නිම කරලීමේ දී විශාල මෙහෙයක් කල බව සැවොම මතක තබා ගතයුතු කරුණකි.(නදී)
මාත් මෙම වැඩසටහන බැලුවා. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සෑම ප්‍රශ්නයකටම ඉතා අවංකව සහ කදිමව පිළිතුරු දුන්නා. පුළුවන් අය මෙතන ලංකාදීපේ දමා ඇති වීඩියෝව හරහා ගොස් සම්පුර්ණ වැඩසටහන බලන්න. මම ජෙනරාල්තුමාගේ බලපු හොදම ඉන්ටවිව් එකක් තමයි මේක. ලංකාදීපේටත් ස්තුතියි මේ පුවත ගැන අවධානය යොමු කිරීම පිලිබදව. (අ)
යුධ ජය ලැබුවේ නාවුක,ගුවන්,යුධ හමුදා සියල්ලේම ශක්තිය නිසි පරිදි කලමණාකරණය කොට නිවැරදිව මෙහෙයවපු නිසයි. ඒ දෙය කලේ ජනපති මහින්ද සහ ගෝඨාභය මහතා යන දෙදෙනායි. ඔය හමුදාපතිවරු වැඩ පෙන්නුවේ ඒ දෙන්නා නිසයි.(නදී)
ඔබ තුමා ඔබ තුමාගේ නම්බු නම තියාගෙන පාඩුවේ හිටියනම් ඉවරයිනේ. දේශපාලනයට එන්නේ මොකටද. ඔබ තුමාගේ කටින්මයි මහින්දගේ හොද කිව්වේ ඒ කාලේ.අපිට නම් මතකයි. (අ)
ඉල්ලන් කාල දැන් අඩනවා. යුද්දේ කාලෙ නාවික සහ ගුවන් හමුදාවේත් හිටියනේ හමුදාපතිවරු අදටත් ඒ අය තත්ත්වේ තියාගෙ ඉන්නවා. (අ)
ඉල්ලන් කාල දැන් අඩනවා. යුද්දේ කාලෙ නාවික සහ ගුවන් හමුදාවේත් හිටියනේ හමුදාපතිවරු අදටත් ඒ අය තත්ත්වේ තියාගෙ ඉන්නවා. නොදන්නා දෙශපලනයක් කරන්න අනුන්ගේ ලනු කාල ඇවිත් නහින දෙහින කාලේ විදින දුකක්. (අ)
එඩිතර කතාවක් අවංක කතාවක් (අ)
දේශපාලකයෝ යුධ සැලසුම් දන්නේ නැත්තන් කොහොමද ඔහේ හමුදපති වුණේ? මෑත ඉතිහාසයේ දේශපාලකයෙක් කරපු හොඳම යුධ සැලසුම කළේ මහින්ද! (අ)
දේශපාලකයන් යුද්ද කරන්න දන්නෙත් නෑ, හමුදා නිලධාරින්දේශපාලනේ කරන්න දන්නෙත් නෑ (අ)
අනුන්ට වෛර කරන්නා ඒ ආත්මය තුළදීම විනශවී යන බවයි බුදුවදනේ සටහන් වෙන්නේ. (අ)
මෙතුමා යුධ හමුදාපතිකමට විතරක් නෙවේ කන්න දීපු අත හපාකෑමේ නායක තනතුරටත් සුදුසු බව නේද මේ පෙන්වන්නේ. කොට්ටෙගොඩ සහ විජේසිංහලට විතරක් නෙවෙයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩටත් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර නොදුන්නේත් ගෝඨාභය මහතා එකටත් ෆොන්සේකා මහතාව ඉදිරිපත් කරපු නිසා. මේ සියල්ලම පසු ගිය රජයේ වංචාකාරී වැඩ. (අ)
ඇයි මගේ අදහස ?
හොඳ ලිපියක් (නි)
එතකොට පාලිත ඒ දෙන්නා විතරද වැඩකාරයෝ? (නි)
ඔන්න දැන් කොටියට අවශ්‍ය ඉතිරි ටිකත් කළා.යුද්ධයට නායකත්වයට දුන් සියලුම රණවිරුවන් ඉවත්කළා.මේක පුදුම රටක්.අපි නැවතත් "අ' යන්නේ ඉදලා පටන්ගන්නයි යන්නේ.(දිල්)
මට පේන විදිහටනම් මෙතුමාගේ එකම සතුරා මහින්ද මහත්තයා විතරයි වගේ. මේ කතාවෙන් පවා මෙතුමා උත්සාහ ගන්නේ ප්‍රභාකරන් සහ මහින්ද එකම බෝට්ටුවේ තියන්නයි. හුගාක් කලකිරෙනවා.!(දිල් )
මන් හිතුවේ මෙතුමාට ආරක්ෂක ඇමති කම හෝ නියෝජ්‍ය ඇමතිකම හෝ ආරක්ෂක ලේකම් කම ලැබේවි කියලා. (ර)
මහින්දයට කඩේ ගියපු අය තාමත් මෙතන කමෙන්ට්ස් දානවා. ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයා තමයි මහින්දගේ දුෂිත පවුල් පාලනයට බයනොවී එඩිතරව නැගී හිටියේ. එ් ශක්තිය තමා සිරිසේන මහත්තයට අඩිතාලම උනේ (නදී)
"පරසිඳු පබු දන් සෙව් පමණින් මහරු බෙලනිඳු මඳ වුවත් නොකරති රුපුන් සරු බරනිඳු ගෙල වසන නාරද වෙමින් ගරු ගුරුළිඳු අතින් ඇසි කිම යහලු තොරතුරු" (සුභාෂිතය) "උසස් ගුණාංග වලින් හෙබි සත් පුරුෂයෝ ආශ්‍රය කළ පමණින්ම දුලබයෝ තමන් බලවත් යැයි සිතති. ඊශ්වරයාගේ බෙලෙනි වසන නාග රාජයා ඊශ්වර බලයෙන් උදම් වී ගුරුලාගෙන් සැප දුක කෙසේදැයි ඇසීය"(නදී)
වාස්, නිදහසෙන් පස්සේ දේශ පාලකයෝ තමයි රට මේ තරමට කෑවේ ලජ්ජා තියෙන බය නැති දේශපාලුවන්ට ආදර්ශයක් ජෙනේරල් ෆොන්සේකා (නදී)
දේශපාලනය ඔලුවේ තියාගෙන යුද්ධය දින්නේ කවුද කියලා ඇහුවොත් පාලිත දීලා තියෙන උත්තරය හරි. (නි)
පනස් අටලක්ෂයක් ඡන්ද දායකයන්ගේ අවදි වීමට ඉතා හොද සංවාදයකි.(දිල්)
ඉතින් මහින්ද බලයට එනතුරුම හිටියේ ඇයි යුද්ධය දිනන්න? (නි)
තමන්ගේ තත්වේ තියාගෙන හිටියනම් ඉවරනේ (දිල්)
මෙතුමා හමුදාපතිවරයා වශයෙන් අගනා සේවයක් ඉටුකළ බව ඇත්ත වුණත් දේශපාලනය ගැන එතරම් දැණුමක් නැති බව පෙනෙනවා. (දිල්)
මේ මිනිහ ලංකාවට වසංගතයක් මෙයා රටට ආදරේ ඇති කෙනෙක් නෙවෙයි. බල තන්හාව රෝගය එයටෙ හැදිලා (නදී)
ජෙනරාල් තුමෙනි, ඔබගෙන් නින්දිත ලෙස පළිගත් ඒ දුෂ්ඨයින්ට ඔවුන් කල ඒ පව පලදීමට පටන් ගත්තා පමණි. (නදී)
අපි හිතුවේ මෙතුමාට ආරක්ෂක ඇමති කම හෝ නියෝජ්‍ය ඇමතිකම හෝ ආරක්ෂක ලේකම් කම ලැබේවි කියල..නැහැ කියල කියන්නේ යහපාලනෙත් දන්නවා තරම (අ)
ඔබතුමාට මහින්ද මහත්තයා එන්න කළින් යුද්ද කරන්න බැරි වුණේ මොකද?(දිල්)
එකට හිටපු අය කොටවල හිනා වෙන එක තමා විරුද්ධ වාදීන්ගේ හැටි..ඔබතුමාත් තාමත් හොද සිහිය ඇවිත් නෑ වගේ.. (දිල්)
නිශාන්ත..රනිල් මහතා යුද්දේ ගැන කියපු කතා ඔබට මතක නැති වුණාට මුළු රටම දන්නවා..(දිල්)
යුද හමුදාවේ හිටපු කෙනෙක් යුද සැලසුම් දන්නේ නැතිනම් ඔබත් ඒ කොටසටම අයත් නේද? හිටපු ආරක්ෂක ලේකම් කළේ සැලසුම් සකස් කිරීමම නොවෙයි නේද? ඊට අවශ්‍ය සහයෝගය දීමත්, ඔබට වඩා ජ්‍යෙෂ්ට එම තනතුරට සුදුස්සන් සිටිද්දී වක්‍රකාරව නීතියට පටහැනිව එම තනතුරේ ඔබව පිහිටවීමත් නේද? එසේම ත්‍රිවිද හමුදාවේ පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ හා සිවිල් රටවැසියාගේ සම්බන්ධතාවය වර්ධනය කරමින් මුළු රටම එකම අවශ්‍යතාවයකට පෙළගැස්සුවේ ඔය කියන ආරක්ෂක ලේකම්ගේ සැලසුම් නොවෙයිද? විශාල ප්‍රශ්නයක්ව පැවතී පාසල් දරුවන්ගේ ආරක්ෂාවට සැලසුම් සකස් කළේ කවුද? මම මේ කොටස ලියුවේ ඔබගේ කතාව අසා නොවෙයි. මොකද මම ඔබගේ කතා ශෛලියට ප්‍රිය නොකරමි. මෙහි අදහස් දක්වා ඇති වැඩි ප්‍රතිශතයක්ම ඔබව තක්සේරු කර ඇති ආකාරය ගැන සිතන්න. ඒ අතරින්. දිනේෂ්, වාස්, රාජා යන අයගේ අදහස් වල ඇති අරුතත් ඔළුවට ගෙන කෝලිත, අසලගේ අදහස් අනුව හිටියනම් ඔබට මෙවන් තත්වයක් ඇතිවන්නේ නැහැ නේද? (බ)
ෆොන්සේකා මහත්මය කියන්නේ අපේ රට ජාතිය බේරා ගත්ත ජාතික වීරවරයෙක්. ඔබ තුමාට දීර්ඝායුෂ පතමි!! (බ)
මන් හිතුවේ මෙතුමාට ආරක්ෂක ඇමති කම හෝ නියෝජ්‍ය ඇමතිකම හෝ ආරක්ෂක ලේකම් කම ලැබේවි කියලා. නැහැ කියල කියන්නේ යහපාලනෙත් දන්නවා (නදී)
ජෙනරාල් තුමාව දකිද්දී බඩ කට පුට්ටු වෙන පිරිසක්නේ මෙතන අදහස් දමල තියෙන්නේ. ෆොන්සේකා මහත්තයට ජයවේවා!!! (බ)
මෙතුමා ආප්ප කෑවේ නැහැනේ...ලංකාවේ දේශපාලන නායකත්වය හෙල්ලෙන දතක් කරලා ඉදිරිය කළු මිදුමකට කුණාටුවකට ලක් කළා විතරයි (බ)
ජනරාල්තුමනි ඹබ තුමන්ට මා ඉතා ගරු කරමි. ඒ අප රට සාපරාධී යුද්ධයෙන් රට මුදාගැනීමේ අභීත මහා සෙබලානන් ඹබ නිසාය. අද මෙම වැඩ සටහන ඇසීමෙන් පසු ඹබතුමන් දැඩි භක්තියක් ද ඇති වුනෙමි.(හේ)
එතුමා ජාතික වීරයෙක්.කියන දේ කරන .යුද්දේ ඉවර කරනවා කියලා දින වකවානු ඇතිව කියලා කරපු කෙනෙක්.එතුමාගේ පිහිටෙන් දේශපලඥයෝ යුද්දේ විකුණගෙන කෑවට,රට වෙනුවෙන් තමාගේ රුධිරය පොළොවට හෙලපු වීරයාට දේශපාල කෝණ වලින් විවේචන නෝදාම ඉන්න.(හේ)
ඒ වගේම තමා දේශපාලන සැලසුම් ගැන හමුදාපතිලත් දන්නේ නැහැ එහෙම නේද????(දිල්)
මහත්තයෝ කන්න දීපු අත හපා කන්න හොඳ නැහැ. දැන් යහාපාලනය ගඳ ගස්වන වැඩ හොඳ නැහැ. ඔයා බුද්දාගමේ නේද ? අනුන්ට වෛර කරන්න එපා. මේක හරිම වෛර පාලනයක්නේ (නදී)
කොටි ගහන කාලේ එක බල්ලලෙක්වත් හිිටියෙ නැහැ දැන් මහින්දට ගහන්න ඕන තරම් ඉන්නවා. මහින්ද කියන්නෙ තමන් ඉපදුන ජාතියට ලොකුම සේවාව කරපු මිනිහා. රටට මෙලෝ දෙයක් කරලා නැති රටට බරක් වුන අය දැන් ඒ මිනිහට අපහාස කරනවා. (නදී)
රටක යුද්දය හෝ සාමය ප්‍රකාශ කරන්නේ දේශපාලන නායකත්වය මිස යුද නායකත්වය නෙමේ. ඒ බව මෙතුමා දන්නවා (නදී)
අදහස් පලකරන එකයි සංවාද මණ්ඩපයේ කැත කරන එකයි දෙකක් නේද? (බ)
මේ දලා තියෙන ප්‍රතිචාර දුටුවම හිතෙනවා අපි යුද්ධ කලේ මොන තරම් කුහක මිනිසුන් වෙනුවෙන්ද කියලා. අපි යුධ බිමේ සෙබළු විදිහට හොදටම දන්නවා මේ ජෙනරාල් යුධ වැදුන ක්‍රමය. කරුණාකරලා මේ ගැන නොදන්නා මිනිස්සු තමන්ගේ නොදැනුවත්කමින් දාන මේ ප්‍රතිචාරවලට කතාකරන්න රට බේරාගත්තු අපේ නායකයා වෙනුවෙන්. (නදී)
මේ තමයි යුගයේ වෛරීත්වය පිලිබිඹු කරන දේශපාලකයකු නොවන දේශපාලඥයා,? (නදී)