කදුකරයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු විවෘත කොට කොත්මලා ඔයට ජලය මුදා හැරීමට කටයුතු යොදා තිබිණි.
මේ හේතුවෙන් කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලා ඔයට හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොළ වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල ප්‍රදේශය දක්වා ජනතාව මහවැලි ගඟට බැසීම අනතුරුදායක බැවින් දිය නෑමට හෝ වෙනත් කටයුතු සඳහා ගඟ පරිහරණය කිරීමෙන් වළකින ලෙස කොත්මලේ ජලාශ භාර ඉංජිනේරු ඩබ්ලිව් ඒ චන්ද්‍රතිලක මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ චන්දි වතුර අඩුවෙලා යනකම් නාන්න යන්නේ නැහැ කියලද? කමක් නැහැ, වතුර බහිනකම් එහෙනම් ලිඳෙන් නාන්න! (නි)
චන්ද්‍රතිලක මහතාණෙනි,අනතුරුදායක බව කලින් දැනුම් දීම ගැන ඔබට මගේ ස්තුතිය. (ත)
ඒ වුණාට තව ටික කාලෙකින් විදුලිය දෙන්න ජලය නැහැ කියාවිද දන්නේ නැහැ (නි)