IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


කැලෑ රජා නරි වැඩක් කරයි

දකුණු අප්‍රිකාවේ සාබි සෑන්ඩ් වනෝද්‍යානයේ දී ඉම්පාලා මුවකු පසුපස හඹා ගිය කොටියෙක් විනාඩි 45 ක පමණ වෙහෙස වී ඒ මුවා අල්ලා මරා ගොදුර ආහාරයට ගැනීමට අසළ තිබූ ගසකට නැග ගත්තේය. ගොදුරත් රැගෙන ගසට නගින්නට කොටියා අපමණ වෙහෙසක් දැරීය. මේ සියල්ල දෙස බලා සිටි ප්‍රවීන වනජීවී ඡායාරූප ශිල්පී ඇන්ඩෘෘ ස්ටොච්මන් ඒ සම්බන්ධයෙන් ඡායාරූප රැසක් ගත්තේය.

කොටියා ගසට නැග ගොදුර එහි කරුවක රඳවා මොහොතකින් එතැනට පැමිණියේ සිංහයන් රංචුවකි. ගොදුරු සොයා දඩයමේ යාම පසෙක තැබූ මේ සිංහයෝ ගොරවමින් දත් විලිස්සමින් කොටිය බියපත් කිරීමට නොයෙක් උත්සාහ ගත්හ. අනතුරුව එකිනෙකා පරයමින් සිංහයන් ගසට නගිද්දී කොටිය සිය ගොදුර අතහැර පලා යාම හැර කරන්නට දෙයක් නොවුණි. කොටියාගෙන් මුව කුණ පැහරගත් සිංහයෝ තම රාත්‍රී ආහාරය ඉතා පහසුවෙන් ලබාගත්හ.

ඡායාරූප ශිල්පී ඇන්ඩෘෘ පවසන්නේ තමන්ගේ වසර 14ක් පුරා වනජීවී ඡායරූප ගැනීමේ නිරතව සිටින තමන් මෙවැනි සිදුවීමක් කිසි දිනක දැක නොතිබූ බවයි.

ගොදුරු අල්ලාගන්නා කොටි ගස් මත එය රඳවා ගොදුර ගිල දැමීම සාමාන්‍ය සිරිතකි. සිංහයන් අනුන් මැරූ සතුන් ආහාරයට නොගන්නා අභිමානවත් සතකු ලෙස ප්‍රසිද්ධය. සිංහයන් හා කොටින් විසින් දඩයම් කරන සතුන්ගේ ඉතිරි මළකුණු කොටස් කා දැමීමට නරි පුරුදුව සිටිති.

article-2705871-1FF6DBD800000578-255_964x642 article-2705871-1FF6DB1A00000578-137_964x642 article-2705871-1FF6DA2D00000578-464_964x1326 article-2705871-1FF6D96100000578-630_964x642 article-2705871-1FF6D77E00000578-87_964x646 article-2705871-1FF6D71F00000578-434_964x641 article-2705871-1FF6D8A800000578-47_964x1439

 



අදහස් (0)

කැලෑ රජා නරි වැඩක් කරයි

නිහාල් Monday, 28 July 2014 12:12 AM

මේ සියල්ලෝම තිරිසනුන් නේද? උන් සියල්ල දුකින් මිදේවා ! (නි)

:       0       0

ලංකා තිලක් Monday, 28 July 2014 01:17 AM

අපොයි! මේ බවලතියෝ ටිකක් නේද? එයාලා එහෙම තමයි. සිංහයෝ කුණු නොකැවට ලැජ්ජා බයට හැදුනු එයාලා කුණු කනවා. පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ග්‍රාම්‍යා Monday, 28 July 2014 02:07 AM

පත්තරේක තිබුන "ඉස්සර දේශපාලකයෝ තමන්ගේ ඉඩ-කඩම් අනුන්ට දීල දේශපාලනය කළා දැන් ඉන්න අය අනුන්ගේ ඉඩකඩම් තමන් අරගෙන දේශසපාලනය කරනවා" කියලා. ඉතින් සත්තුත් ඒ වගෙයි නිව් ජෙනරේෂන් එක අනුවයි වැඩ (නදී)

:       0       0

මායා Monday, 28 July 2014 02:12 AM

දැන් ඉන්න බොහෝ දෙනෙක් සිංහ වේසයෙන් ඉන්න බව පෙන්නුවට නරි ක්‍රියා තමා කරන්නේ. (නදී)

:       0       0

චතුරංග සම්පත් Monday, 28 July 2014 11:01 AM

ඇත්තටම මේක දෙපැත්තේම වරදක් නෑ. (අ)

:       0       0

ටිරෝන් Monday, 28 July 2014 02:34 AM

තණකොළ නුබුදිති සිංහ පැටවූ අපේ මනුෂ්‍ය වර්ගයට ගිය කල දසාවමයි උන්ටත් ගිහින් තියෙන්නේ (නදී)

:       0       0

චතුරංග Monday, 28 July 2014 11:04 AM

දැන් කලේ මිනිස්සු කරන බලු වැඩ වල හැටියට මේක පොඩි දෙයක්.(අ)

:       0       0

ශාන්ත Monday, 28 July 2014 02:38 AM

සිංහයෝ බලු වෙනවා කියන්නේ ඕකට තමයි (නදී)

:       0       0

පෙරේරා Monday, 28 July 2014 02:44 AM

නරි වැඩ කරන සිංහයෝ ඕනා තරම් ඉන්නවා ලංකාවේ. (නදී)

:       0       0

බඩාර Monday, 28 July 2014 02:46 AM

මේ දඩයම් කරන්නේ සිංහ දේනුන්. ඔවුන් කෑම සොයා ගැනීමට අපහසු කාලවලදී මෙය සාමාන්‍යෙයන් කරන දෙයකි.(නදී)

:       0       0

ගලප්පත්ති Monday, 28 July 2014 02:48 AM

මිනිසුන්ගේ සමහර ගති සතුන්ටත් බෝවෙලා වගේ (නදී)

:       0       0

නඩේෂන් Saturday, 25 October 2014 10:39 AM

රජවරුත් බලු වෙන වෙලාවල් තියෙනවා...(අ)

:       0       0

ලලිත් - එස්.එල් Monday, 28 July 2014 03:11 AM

ශ්‍රී ලංකාවෙත් සමහර සිංහයන් කරන්නේ ඔය ටිකම තමා. (නදී)

:       0       0

හේස් Monday, 28 July 2014 01:06 PM

මම දන්නා තරමට කොටියෝ අප්‍රිකාවේ කැලෑ වල නොමැත.ලෙපර්ඩ් කෙනෙක් නේද?(අ)

:       0       0

සංදීප අලහකෝන් Monday, 28 July 2014 05:07 AM

ඔතන ඉන්නේ සිංහ දේනුවන් වගයක් . නැතුව සිංහයෝ නෙවෙයි ! (අ)

:       0       0

යොහාන් වල්පොල Monday, 28 July 2014 05:25 AM

මේ වැඩෙන් සිංහල අපිටත් ලැජ්ජාවක්.(දිල්)

:       0       0

කමල් දේශප්‍රිය Monday, 28 July 2014 05:31 AM

බවලතුන්ගෙ වැඩනේ. හිතන්න දෙයක් නෑ(දිල්)

:       0       0

රූපවතී Sunday, 27 July 2014 09:31 AM

කොටියාගේ මුව මස්ටික සිංහයා හොරකම් කළා, අපිත් ඒ ලස්සන ෆොටෝ ටික තව කෙනෙක් ගෙන් හොරකම් කළා ...? තැන්ක්ස් ..!!(නදී)

:       0       0

රොෂාන් ද සිල්වා Sunday, 27 July 2014 09:36 AM

අපෝ ඕක ලජ්ජා වෙන්න දෙයක් නැහැ. ඉදල හිටලා ඔයේ වගේ පොඩි නරක වැඩක් කරට කමක් නැහැ. ඔය ඕනෑ තරම් නරක වැඩ කරන රජවරු මේ ලෝකේ ඉන්නේ. අමතක කරන්න එපා අපි සිංහවංසයේ බව. හරිම ලස්සන සටහනක්. ලස්සන පින්තුර. සජීවට සහ ලංකාදීපයට ගොඩක්ම පින්. මම ලංකාදීප පාටක රොෂාන් (නදී)

:       0       0

සුධීර Monday, 28 July 2014 06:24 AM

සිංහයෝ ඔය වගේ වැඩ කරන්නේ නෑ. (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 27 July 2014 09:45 AM

ලස්සන දසුනක් උනාට දුක්බරයි (නදී)

:       0       0

ශ්‍රියානන්ද Monday, 28 July 2014 07:06 AM

කොටියාගේ කෑම සිංහය උදුරාගත්ත .දැන්පිල්ලෙ නෝනා මේකට මොනවා කියිද .මානව හිමිකම් කඩලද? නැත්නම් සත්ව හිමිකම් //??? (අ)

:       0       0

තිලක් Monday, 28 July 2014 07:08 AM

දක්ෂ රූපගත කිරීමක් .හැම ගින්නකටම වඩා ලොකුබඩගින්නයි. සිංහදෙනුන්ට මෙය සුළු දෙයක්නේ. ඇරත් ගැහැනියකට කරන්න බැරි දෙයක් නැනේ.(අ)

:       0       0

සත්‍යපාල කටාර් Sunday, 27 July 2014 10:31 AM

මේ නරි සිංහයෝ කරලා තියෙන වැඩේ බල්ලට පවා අවනම්බුවක්. (නදී)

:       0       0

මොහාන් Monday, 28 July 2014 07:08 AM

නරි වැඩ කරන සිංහයො හැම තැනම. (අ)

:       0       0

රොෂාන් ද සිල්වා Sunday, 27 July 2014 10:48 AM

ඉසුරන්දි, ඔයා දුක්වෙන්න එපා. වනයේ සිටින සතුන් වනයේ සිටින සතුන්ම මරා ආහාරයට ගත යුතුයි. එතකොටයි ලෝකය පවතින්නේ. නමුත් බෞද්ධයෙක් විදියට ටිකක් දරාගන්න අමාරුයි තමයි (නදී)

:       0       0

ගයාන් Sunday, 27 July 2014 11:01 AM

මේක තමයි සොබාදහමේ හැටි. ප්‍රභලයා හමුවේ දුබලයා පසුබැසීම හෝ විනාශ වීම​. මේ කොටියෙක් නෙමෙයි, දිවියෙක්. (නදී)

:       0       0

සුගන්ද Sunday, 27 July 2014 11:05 AM

වෙනස මේකයි . මේ සිංහ දේනුන් ටිකක්. සිංහ මල්ලිලා මෙහෙම කරනවද? (නදී)

:       0       0

එරංග Monday, 28 July 2014 07:30 AM

අපේ සිංහයෝ මීට හපන් (නි)

:       0       0

කුමාර Monday, 28 July 2014 07:31 AM

අපේ සිංහයෝ කරන ඒවත් එක්ක ඕවා මහ ලොකු දෙවල් නොවෙයි (නි)

:       0       0

ධම්ම Monday, 28 July 2014 07:33 AM

සිංහ ධේනුව තමයි දඩයම් කරන්නේ සිංහයාටත් එක්ක. සිංහයා දඩයම් කරන්නේ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 28 July 2014 07:36 AM

මේ කැලේ සිංහයින්ට ඇබෑර්තු තිබේ. නරකද රණසිංහ, සුබසිංහලා ටිකක් ලංකාවෙන් ඇරියොත් (නි)

:       0       0

අනුපම Monday, 28 July 2014 08:02 AM

සිංහයො ගත්තෙ අනුන්ගෙ මළකුණක්, කොටියා ගත්තේ අනුන්ගෙ ප්‍රාණයක්. (නි)

:       0       0

දාස් Sunday, 27 July 2014 12:46 PM

මුන් නම් 88-89 කලේ එලොව ගිය දේශපලුවෝ ටිකක් වෙන්න ඕනා (නදී)

:       0       0

යසිත Monday, 28 July 2014 08:16 AM

තිරිසනුන්ගෙ වැඩ කරන මිනිස්සු ඉන්න අද කාලෙ සිංහයො ඔය වගෙ දෙයක් කළාට පුදුම වෙන්න දෙයක් නෙමෙයි. (නි)

:       0       0

ඩී.උපුල් Sunday, 27 July 2014 01:47 PM

සුගන්ද, මමත් දැකලා තියෙනවා සිංහ දෙනුන් දඩයම් කරන ගොදුර සිංහ මල්ලිලා විසින් බලෙන් උදුරා ගන්න දසුන්. (නි)

:       0       0

කරුණාජීව Monday, 28 July 2014 08:40 AM

මෙතනත් ඉන්නවා නම් දෙකකින් අදහස් දාන නරියෙකුට වඩා හපන් එක්කෙනෙක්. (නි)

:       0       0

නිහාල් විතානගේ Sunday, 27 July 2014 02:01 PM

සිංහයා අහිංසක සතෙක්. මරාගන්නවා, කනවා, නිදියනවා, ඈනුම් අරිනවා (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 27 July 2014 02:11 PM

දඩයම කර ඇත්තේ කොටියෙක්. උදුරාගෙන ඇත්තේ සිංහ දෙනුන් තිදෙනෙක් (නි)

:       0       0

තිලක් Sunday, 27 July 2014 03:12 PM

මගේ අම්මේ ..! මේ බවලතියන් ටිකක් නේද? එයාලා එහෙම තමයි. (නි)

:       0       0

නිහාල් විතානගේ Sunday, 27 July 2014 03:14 PM

තිරිසන්නු ඔහොම තමා,බළල් පවුලේ කට්ටියනේ (නි)

:       0       0

මහීපාල Sunday, 27 July 2014 03:21 PM

පවු අහිංසක සත්තු.... (නි)

:       0       0

මාලිකා Sunday, 27 July 2014 03:30 PM

මේකත් අපේ දේශපාලනය වගෙයි (නි)

:       0       0

කේ .කේ. දීප්ත Sunday, 27 July 2014 03:44 PM

සුගන්ද, මේවා මොනවද, අපේ සිංහ මල්ලිලා කරන වැඩ බැලුවම?

:       0       0

මංගල Sunday, 27 July 2014 04:20 PM

සිංහධේනුවන් මේ වැඩේ නිතරම කරනවා. (නි)

:       0       0

ඇසළ Sunday, 27 July 2014 04:35 PM

ගැහැණු සත්තු කොහොමත් ඔහොම තමයි. (නි)

:       0       0

තිවංක Monday, 28 July 2014 09:33 AM

සිංහයන් නෙමෙයි මේ වැඩේ කරලා සිංහ දෙනුන්නේ (නි)

:       0       0

සමන් Sunday, 27 July 2014 04:49 PM

ලංකාවේ ඔය වගේ දේවල් හොඳට වෙනවනේ (නි)

:       0       0

ප්‍රනීත් Sunday, 27 July 2014 04:49 PM

මෙතන ඉන්නේ සිංහ දෙනුන් ටිකක්නේ. සිංහයෝ කවදාවත් අනුන්ගේ කෑම එකට විදින්නේ නැහැ (නි)

:       0       0

පද්මිණි Sunday, 27 July 2014 05:26 PM

නිශ්චල රාත්‍රිය, බියකරු ඝන අන්ධකාරය කැටිවුණු සොබාදහමේ අපුර්වත්වය පෙන්වන දසුන් පෙළක්... ලංකාදීපයට ගොඩක් ස්තුතියි. (නි)

:       0       0

ජයන්ත Sunday, 27 July 2014 05:36 PM

අම්මෝ! අපේ නමත් ඉවරයි.කොඩියෙත් මේකා ඉන්නවා නේද? (නි)

:       0       0

පහන්දී Sunday, 27 July 2014 06:39 PM

අනේ නැහැ සුගන්ද, සිංහ මල්ලිලා කවදාවත් කොහෙදිවත් එහෙම කරන්නේ නැහැ. ඔය සිංහ ධේනුවන් තමයි ඔය වගේ වැඩ කරන්නේ...!! (නි)

:       0       0

සනත් Sunday, 27 July 2014 06:48 PM

සුගන්ද ,ඔබ පමණයි නිවැරදි දේ කිවුවේ (නි)

:       0       0

මාලනී Sunday, 27 July 2014 09:39 PM

වැඩේ නම් හරිම කැතයි (නි)

:       0       0

ඩෙන්සිල් Sunday, 27 July 2014 10:06 PM

දැන් කාලේ සමහර රටවල රජවරු, රාජ කුමාරවරු කරන වැඩවල හැටියට මෙය සුලු දෙයක්. (නි)

:       0       0

නලීන් Sunday, 27 July 2014 11:00 PM

මෙයාලා හොරෙන් කන එක මට නම් අමුත්තක් නැහැ (නි)

:       0       0

නිහාල් විතානගේ Monday, 28 July 2014 10:23 AM

නරිය සිංහයා තරම් මිලේච සතෙක් නොවෙයි .මේ ලගදි මි හරකෙක් සිංහයෙක් මරල තිබුනේ .වතුරේදී කිබුලට අහුවනු වෙලාවට සුන් (අ)

:       0       0

පෙරේරා Monday, 28 July 2014 10:29 AM

ඔය සිංහයෝ ටික ලංකාවේ දේශපාලනේ කරන්න නියම සුදුසුකම් ලබල තියෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 749 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 1494 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 741 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 1080 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1544 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 674 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1308 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1552 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 402 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site