
(අංජුල මහික වීරරත්න)
ලංකා කලා මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලලිත කලාවන්ගේ අභිවෘද්ධියත්, ආවේණික කලා හා කර්මාන්තයන් සංවර්ධනය හා දිරි ගැන්වීමත්, අදාළ කුමන කරුණක දී හෝ රජයේ දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය බලමණ්ඩල හා ආයතන වලට උපදෙස් ලබා දීමත් අරමුණු කර ගනිමින් (278 වන අධිකාරිය වූ) 1952 අංක 18 දරන ලංකා කලා මණ්ඩල පනත මඟින් ලංකා කලා මණ්ඩලය පිහිටුවා තිබේ.
මේ වන විටත් කලා ක්ෂේත්‍රයන්හි ඇතිවී තිබෙන හා ඇති වෙමින් පවත්නා අවශ්‍යතා හා පුළුල් වීම් පදනම් කර ගනිමින් කලා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධියට අත්‍යාවශ්‍ය කලා අධ්‍යාපන හා කලා සංරක්ෂණ වැඩසටහන් පවත්වා ගෙන යෑමට මෙන්ම ප්‍රමිතියෙන් යුතු කලා පර්යේෂණ හා නිෂ්පාදන ව්‍යාපෘති උදෙසා අනුග්‍රාහක අරමුදලක් පවත්වා ගෙන යෑම ඇතුළු මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගෙන යාමට හැකි වන අයුරින් වර්තමාන කලා මණ්ඩල පනතට සංශෝධන හඳුන්වා දීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත.
එමෙන්ම, කලාකරුවන්ගේ වෘත්තීය ආරක්ෂාව, ගෞරවය සහ යහ පැවැත්ම තහවුරු කිරීම උදෙසා මැදිහත් වීම සඳහා ඉඩකඩ ලබා ගැනීම ද මෙම පනත සංශෝධනය කිරීම මඟින් අපේක්ෂා කෙරේ.
මීට අදාලව ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් සංශෝධන කිහිපයක් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය පිහිටු වීමේ දී පැවති අරමුණු හා අභිමතාර්ථයන්ට වඩා පුළුල් වපසරියක විහිදුණු අරමුණු හා අභිමතාර්ථයන් ඉටු කර ගැනීම සඳහා (278 වන අධිකාරය වූ) 1952 අංක 18 දරන ලංකා කලා මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසිත් කමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කලා මණ්ඩල පනත සංශෝධනය වෙයි