වනාන්තර විනාශ කරන්නේදැයි පරීක්ෂා කිරීම සහ ස්වාභාවික සම්පත් මඟින් සිදුකරන ජාවාරම් මැඩලීම ඇතුළු පරිසරය ආරක්ෂා කර ගැනීමේ කටයුතු සඳහා ආණ්ඩුව පළමුවරට ත‍්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බත්තරමුල්ලේදී අද (28) ප‍්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ප‍්‍රාදේශිය පරිසර නිලධාරින්ගේ සංගමයේ 17 වැනි මහ සමුළුව මධ්‍යම අමතමිනි.
පරිසරය රැකීම සම්බන්ධ තනතුරු දරන නිලධාරින්ට උසස්වීම් දීමේදී ඔවුන් පරිසරය විනාශ කරන්නන්ට විරුද්ධ ව කොපමණ නඩු ප‍්‍රමාණයක් පවරා තිබේ දැයි පරික්ෂා කර බැලිය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
පරිසරය රකින නිලධාරින් වෙනුවෙන් තමා පෙනී සිටින බව ද ජනාධිපතිවරයා කී ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම දෙයක් ගැන වගකීමක් බාර නොගන්නා නිලධාරීන් පිරිසක් බිහිවෙලා ඉන්නවා. ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. අනික රටේ නායකයා වුනත් මෙයා කියන දේවල් මිනිස්සුන්ට විශ්වාස නැහැ. පුලුවන්නම් කරලා පෙන්වන්න. එදාට අපි විශ්වාස කරන්නම්. (බ)
නියම පරිසරවේදීන්ට ඔය බලතල දෙන්න , එයාල බොහොම ආදරයෙන් ඔය කර්තව්‍ය කරයි (බ)
කියන විදියට වෙනවද?(හේ).
මෙතුමා මීට මස 9 කට කලින් මෙයම කරනවා කියල පුවත්පත් වල තිබුණා. මම හිතුවේ කරලා ඉවරයි කියල (බ)
කළ කෙරුවාවක් නම් අදටත් නැත. (නි)
අපි බලමු මේ වැඩේවත් හරියයිද කියලා (නි)
කොපමණ කාලයකටද?(හේ)
විල්පත්තුවත් මීට අදාල වියයුතුයි. (ර)
දැන් විල්පත්තුව ගැන කාටවත් ගානක් නැහැනේ. ඉස්සරවෙලා ඒ ගැන හොයලා බලමු. (ර)
ඔය ගැයුම් වැයුම් අපිට නුපුරුදු දේවල්යෑ? (නි)
විල්පත්තුව වගේම සංවර්දනය මුවාවෙන් කැපූ ඒවත් මීට අදාල විය යුතුය.(හේ)
අලි ඇතුන් පරසරයේ කොටසක් වනවා සේම ජාතිය සතු වස්තුවකි. අලි හොරුන් දැනට තිබෙන නීති රීතිවලින් රිංගන එක වහන්නත් මොනවා හරි කෙරෙන්න ඕන. (ර)
අවිධිමත් ලෙස වැලි ගොඩදාන ඒවා එහෙමත් මේකට අයිතියි නේද? එතකොට ඒවා නවත්වන්නේ කවදාද? (නි)
විල්පත්තුවත් මේකට අයිතියි නේද? (නි)
විල්පත්තුව අමතක කරන්න එපා (නි)
එතකොට විල්පත්තුව පරිසරයට අයිති නැද්ද? (නි)
අදත් තිබුන ඇමතිකෙනෙක් මිනිසුන්ගේ ඉඩම් බලෙන් අරගෙන අලිමංකඩ ඒ වෙනුවට වනාන්තරයක් කපල ගෙවල් හදන්න අක්කර ගණනාවක් දේශපාලන බලය මතු කරනවා කියල මේවත් ඔබතුමා සැලකිලිමත් වන්න ගරු ජනාධිපතිතුමනි. (බ)
කටින්නම් බතල කොළ හිටවනවා. විල්පත්තුව වැනසුවට නඩුදාළ නැවත එම ප්‍රදේශ වල කැලේ වවන්නකෝ (බ)