(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
ඇතැම් කලා නිර්මාණ සඳහා වාරණ හා සීමා පැනවීමට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් නැවත වරක් සිතා බලන්න යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාවරයාගෙන් තමන් ඉල්ලා සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (23) පැවැසීය.
කලාකරුවන්ට හිතුමතේ සීමා පනවන්නට ගියහොත් එයින් ප්‍රජාතන්ත්‍රවාදයට ද බාධා ඇතිවිය හැකි යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
විවිධ ආකාරයේ කලා නිර්මාණ බිහිවිය යුතු බව කී අමාත්‍යවරයා ඒවායේ රටට ගැළපෙන අසභ්‍ය දේ ඇත්නම් තීරණයක් ගත යුතු බව තමාද පිළිගන්නා බව කීවේය.
නමුත් පසුගිය කාලයේ වාරණයට ලක්වූ තරුවන් සරණයි ගුවන් විදුලි නාට්‍යයේ බුදු දහමට හානියක් වන කිසිත් අන්තර්ගතව නැතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එහි ඇත්තේ තෙරුවන් සරණ යා යුතු ජනතාව රියැලිටි ආදී තරු පසුපස හඹායාමෙන් සංස්කෘතියට සිදු වූ හානිය සම්බන්ධයෙන් බව කී ඇමැතිවරයා එයින් බුදු දහමට හානියක් වන බවට භික්ෂූන් වහන්සේ නමක් කර තිබූ ප්‍රකාශයෙහි සත්‍යයක් නැතැයි ද කීවේය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව පැවැසුවේ සුරාබදු (සංශෝධන) හා අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පිළිබඳ පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයයි චන්ද්රිකයිනේ ඕව කරන්නේ. ඉතින් ඇඩෙනව ඇති නතර කරාම. කොහොමත් ඕව ඡන්දෙ ඉවර වුනු ගමන් ආපහු පටන් ගනී.
නෑ නෑ ඒක සහජීවනේ වැඩි වෙන්නත් එක්ක වෙනත් ආගමක් එක්ක සම්බන්ධ කරගෙන දාන්නකෝ. දාල සතියක් ජීවත් වුනොත් ඇති.
තමන්ගේ අමාතයාංශය හරියට කරගෙන යන්න බැරි එකා අදාල නැති දේවල් වලට කට දාන එක විතරමයි කරන්නේ.
මංගල සමරවීර රටටම පිළිලයක්.
ඇමතිතුමා ඔය කියන "තරුවන්සරණ" කාරයාගේ නාට්‍ය ටික අහලා නැත නම්, ඔහුගේ නාට්යපොත කියවලා නැත නම් මෝඩ ප්රකාසවලින් වැළකී සිටීම වැඩ හොඳයි. NGO එකක සල්ලි ලක්ෂ ගණනින් ලබාගෙන, මේ රටේ ජනතාවට, සාරධර්මවලට කෝචෝක් කිරීම සඳහා පවුද්ගලික මට්ටමින් නිපදවා ඇති කාසි කබල් නාට්‍ය පෙලට රාජ්‍ය මට්ටමින් ඔබතුමාගේ සහාය ලැබීම කනගාටුවට කරුණකි. රජයේ ආයතන NGO කාක්කන්ගේ කෙළිබිම් බවට පත් වුවොත් වැඩි කල් නොගොස්ම රටේ පාලනයද NGO කාරයන්ටම පැවරෙනු ඇත!
ඔහේ ආපහු ඡන්දෙ ඉල්ලන එකත් ගැන ආපහු හිතුවොත් නරකද?