පළමු සිනමා රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
'උලත් එකයි පිළත් එකයි' චිත්‍රපටය තිරගත වෙලා තව වැඩි දවසක් නැහැ. නමුත්, හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. මම රඟපාන චරිතයට. ඒ ගැන ගොඩක් සතුටුයි. රොෂාන් රණවනගේ නංගී විදිහට තමයි මම මේ චිත්‍රපටයේ රඟපාන්නේ. රොෂාන් කියන්නේ මැර චරිතයක්. ඉතින් මගේ චරිතය ගොඩ නැගිලා තියෙන්නේ දාමරික පන්තියේ චරිතයක් විදිහට. මේ චිත්‍රපටයේ මගේ කතා කරන විලාසය වගේම ඇඳුම් පැලඳුම් පවා මුළුමුනින්ම වෙනස්. මම ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹලා මගේ රංගනය ගැන ප්‍රතිචාර දක්වන්න කියලා.
මේ රුකිගේ පළමු චිත්‍රපට රංගනය?
ඔව්. මේ චිත්‍රපටයට රඟපාන්න ලැබෙන කොට මම එතරම් ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. මම ටෙලිනාට්‍යය 2ක 3කට වඩා රඟපාලා තිබුණෙත් නැහැ. මේ චිත්‍රපටය වෙනුවෙන් සුදර්ශි එකේ තිබුණ ස්ක්‍රින් ටෙස්ට් එකකට මම ගියා. ස්ක්‍රින් ටෙස්ට් එකට මුහුණ දුන්නාට මාව ඒ වෙලවේ තෝර ගත්තෙ නැහැ. එදාම හවස කෝල් කරලා ඔවුන් මට කතා කරලා කිව්වා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියලා. නමුත්, චරිතය ගැන මට ඔවුන් කිව්වේ නැහැ. මම හිතුවේ පොඩි චරිතයකට මාව තෝර ගෙන ඇති කියලා. චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු පටන් ගන්න කොට තමයි මට දැනගන්න ලැබුණේ මෙහි ප්‍රධාන චරිතයට මාව තෝර ගෙන තියෙන්නේ කියලා.
'උලත් එකයි පිළත් එකයි' චිත්‍රපටයෙන් පස්සේ?
වී. සීවගුරුනාදන් මහත්මයා අධ්‍යක්ෂණය කරන අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව දැනට ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපටයේ වැඩ පටන් ගත්තාහම ඒ ගැන කියන්නම්.
මේ දවස්වල රූකිව අපිට දකින්න ලැබෙන්නේ?
සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන 'ආදරේ සුවඳ අරන්', ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙන 'මතු සබැඳි' හා ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'දඩකෙළි අරන්' කියන ටෙලි නාට්‍යය හරහා මාව දකින්න පුළුවන්. ඊට අමතරව ඉදිරියේදී මා රංගනයෙන් දායක වුණ බොහෝ ටෙලි නාට්‍යය ප්‍රමාණයක් විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා.
දැන් ඔබ වෘත්තිය මට්ටමේ නිළියක්ද?
අනේ නැහැ. මේ ක්ෂේත්‍රය තුළ තව මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. තව අත්දැකීම් ගොඩක් අරගන්න ඕනා. තවම මම මේ ක්ෂේත්‍රය තුළ ඉන්නේ ප්‍රාථමික මට්ටමේ. ඉතින් රංගනය ගැන තවදුරටත් හැදෑරීම් කරලා අත්දැකීම් අරගෙන තමයි වෘත්තියක් විදිහට මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න මම කැමති.
ක්ෂේත්‍රයට ආපු මේ කාලය දෙස ආපසු හැරිලා බලනවා නම්?
ගොඩක් සතුටු වෙනවා. ඒත්, තව ගොඩක් දුර මේ ක්ෂේත්‍රය තුළින් මට යන්න තියෙනවා. තව හොඳ නිර්මාණ හා හොඳ චරිත හරහා ප්‍රේක්ෂකයන්ට යමක් දැනෙන්න කරන්න ඕනා කියන අදහස මට තියෙනවා. ඒ වගේම කලාවට ලොකු සේවයක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.
බුද්ධික සේනාධීර / ඡායාරූප - රුක්ෂානාගේ ෆේස්බුක් ගිණුමෙනි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කලා ක්ෂේත්‍රයේ තවමත් මම ඉන්නේ ප්‍රාථමික මට්ටමේ