IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කලා කටයුතුවලින් පොඩි බ්‍රේක් එකක් ගත්තා

2016-04-12-ent-184

මේ දිනවල පුංචි තිරයේ නිතර දකින ලැබෙන යොවුන් නිළියක ලෙස පබසරා මධුෂානි කාරියවසම් හට විශේෂිත තැනක් හිමිවේ. දැනට ස්වාධින රූපවාහිනි නාළිකාවේ විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකම දකින ඇය මේ දිනවල කලා කටයුතුවලින් තාවකාලිව ඉවත්ව සිටියි. ඒ පිළිබඳව "සාරවිට" අපි පබසරාගෙන් විමසුවෙමු.

"පසුගිය කාලේ එක දිගටම වැඩ කළ නිසා කලා කටයුතුවලින් පුංචි විවේකයක් ගන්න හිතුවා. පසුගිය කාලේ වැඩ කරපු ටෙලි නාට්‍යය කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා. ඒ අතර, ස්වාධින රූපවාහිනී නාළිකාවේ විකාශය වන "භව චක්‍ර" ටෙලි නාට්‍යයේ "සුද්දි" කියන චරිතයත්, එම නාළිකාවේම විකාශය වන "අංගනා" ටෙලි නාට්‍යයේ "මංගලිකා" කියන චරිතයත්, "දුටු නොදුටු මල්" කියන ටෙලි නාට්‍යයේ "ටීෂා" කියන චරිතයත් බොහෝ පිරිසක් අතර ජනප්‍රියවෙලා තියෙනවා. ඊට අමතරව පසුගිය කාලේ වැඩ කරපු තවත් ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. මේ ටෙලි නාට්‍ය විකාශය වෙන නිසා මගේ තාවකාලික ඈත්වීම මගේ ආදරණීය රසික, රසිකාවියන්ට දැනෙන්නේ නැතිවේවි කියලා මම හිතනවා. කොහොම වුණත්, තවත් මාසේකින් විතර යළිත් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩකරන්න අදහස් කරමින් ඉන්නවා. දැනටමත් ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා කරලා තියෙනවා සම්බන්ධ වෙන්න කියලා. කලා කටයුතුවලින් ඉවත්වෙලා විවේකයක් ගන්න හිතුවත්, පසුගිය ටිකේම රූපවාහිනි නාළිකා කිහිපයකම තිබුණ අවුරුදු වැඩසටහන් කිහිපයකටම සහභාගිවෙන්න මට සිදුවුණා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප අන්‍රග්‍රහය - පබසරාගේ ෆේස් බුක් ගිණුම

 

2016-04-12-ent-187
2016-04-12-ent-186
2016-04-12-ent-185
 



අදහස් (0)

කලා කටයුතුවලින් පොඩි බ්‍රේක් එකක් ගත්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site