ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි පසුගියදා චෙක් රාජ්‍යයට ගියේ සිය පෙම්වතිය අනුෂ්කා ශර්මා සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහාය. කලක් ඈත් වී සිටි මේ යුවළ සිය සම්බන්ධයට දෙවන අවස්ථාවක් ලබාදීමට තීරණය කර තිබේ. එය ඔවුන් දෙදෙනාගේම රසිකයන්ට සතුටක් බැව් ඔවුන්ගේ ප්‍රතිචාරවලින් වටහාගත හැකිය.
චාම් ඇඳුමින් සැරසුණ ඔවුන් දෙදෙනා භෝජනාගාර සහ අවන්හල්වලට ප්‍රසිද්ධ නැප්ලාව්කා පෙදෙසේ අතිනත් පටලාගෙන ඇවිද යන දර්ශන රසිකයන්ගේ කැමරාවල සටහන් වූයේය.
මේ දිනවල අනුෂ්කා සිටින්නේ චෙක් රාජ්‍යයේ ප්රාග් නුවර රූගත කිරීමකට සහභාගි වෙමිනි. ‘ද රින්ග්’ නම් වූ මෙම පේ‍්‍රමනීය චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ශාරුක් ඛාන්ය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd