IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කිලෝ අටේ ගෙඩිය සැත්කමින් ඉවතට

ආගරපතන වතුකම්කරු පස්දරු මවකගේ ඩිම්බකෝෂයේ වැඩි තිබූ කිලෝ අටක් බර ඇති ගෙඩියක් කපා ඉවත් කිරීමට දික්ඔය මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සී.යූ.කුමාරසිරි මහතා සහ ශල්‍ය කර්ම විශේෂඥ වෛද්‍ය මහානාම දිසානායක මහතා ඇතුළු දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු සහ හෙදියෝ කණ්ඩායමක් අද (26)සමත්වූහ.

මෙම කාන්තාව දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ වෛද්‍යවරුන් එය පිළිකාවක් බවට සැකකර පසුව එම කාන්තාව මහනුවර රෝහලට යවා සීටීසී ස්කෑන් පරීක්ෂාවකින් පසු එය ඩිම්බකෝෂයේ හටගෙන ඇති ගෙඩියක් බවට වටහා ගැනීමෙන් පසු සැත්කම කැරිණි.

දික්ඔය රෝහලේ හදිසි අනතුරු වාට්ටුවක් හෝ නොමැතිව අවම කාර්ය මණ්ඩලයකින් යුතුව දැඩි වගකීමක් ගෙන මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදුකර ඇත.

ඉන්දියා ආධාර යටතේ අංග සම්පූර්ණ රෝහල් සංකීර්ණයක් ඉදිකර තිබුණත් එය මෙතෙක් විවෘත කර නොමැති බවත් පළාත් සභාව යටතේ පවතින මෙම රෝහලේ අවම පහසුකම් පවතින බවත් වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය විශාල අඩුවක් පවතින බවත් මෙම රෝහල මධ්‍යම රජයට ගන්නේ නම් රෝගීනට ලොකු සහනයක් බවත් කියති.

 



අදහස් (0)

කිලෝ අටේ ගෙඩිය සැත්කමින් ඉවතට

අබය Tuesday, 26 January 2016 09:30 PM

කිලෝ අටක් වෙනතුරු ඇයට මෙය දැනුනේ නැති එක තමයි පුදුමය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site