රිදී ආලේප කළ තඹ වළලූ කිලෝග‍්‍රෑම් පනහක් බැංකොක් සිට මෙරටට ගෙන ආ කොළඹ ව්‍යාපාරිකයෙකු රේගුවේ රඳවාගෙන පරික්ෂණ සිදු කරණ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
එම වළලූ බැලූ බැල්මට රිදී වළලූ ලෙස පෙනෙන අයුරින් රිදී වල සම්මත සංඛේතය කොටා තිබූ බව රේගුව කියයි.
රේගු නිලධාරීන් විසින් රසායනාගාර දෙකකට යවා වළලු පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙම ජාවාරම පිළිබද තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් වළලූ ගණන තුන්දහසකි. වළලු තොගය රුපියල් ලක්ෂ හයක පමණ මුදලටකට මිළට ගෙන ඇතැයිද යම් හෙයකින් මේවා අළෙවි කළේ නම් රුපියල් හැත්තෑපන් ලක්ෂයක මුදලක් ජාවාරම්කරුවා විසින් උපයාගැනීමට ඉඩ තිබිණැයිද රේගුව පවසයි.
ජාවාරම රට පුරා සිදුවන බවට සැකකරන රේගුව මේ පිළිබඳව සැලකිල්ලෙන් සිටින ලෙස ජනාතාවට දැනුම් දෙයි.
රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී රෝහණ සේනාධීර මහතා ඇතුළු රේගු නිලධාරීන් විසින් විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ උපාලි, අපි නොදන්න බිස්නස්. කොහොමත් වංචාවක් කරලනේ තියෙන්නේ. (නි)
වැදගත් වෙන්නෙ මේක රසායනාගාර වල පරික්ෂා කරලා ආයේ ගේනකොට ගෙනිච්ච ප්‍රමානයම ආය ගෙනාවද කියලා හොයල බලන එකයි (නි)
මට තවම තේරුනේ නැහැ මේ මිනිසා කරපු වරද මොකක්ද කියලා. රේගු බදු අඩුවෙන් ගෙවීමට උත්සාහ කරලත් නැහැ. තඹ රිදී හැටියට ප්‍රකාශ කළා නම් මිනිසා වැඩි බද්දක් ගෙවන්න එපායැ. පිටට ගියාට පස්සේ මිනිහ කීයට වික්කත් මොකද ගන්න අය ඉන්නවා නම්. පිටතදී මිනිසා වංචාවක් කරන්න හැදුවා නම් ඒකට වෙනම නීතියක තියෙනවනේ. අනේ මන්දා. (නි)
උපාලි, මට තේරන විදිහට නම් රිදී යැයි පවසා තඹ ගෙන්නවන එක හොර වැඩක්. ඔයා කියන විදිහට නියමිත විදිහට බදු ගෙවලා කුඩු, බෝම්බ ඕනෑ දෙයක් ගෙන්වන්න පුලුවන් නෙ. එහෙනම් මොකටද රේගු ආරක්ෂකයන් ඕනෑ වෙන්නේ. (නි)
තඹ වළලු රිදී හැටියට විකුණා ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් වංචා කිරමට ඉඩ ඇති හෙයින් රේගුව මෙය අත් අඩංගුවට ගෙන ඇත (ත)
රිදී ඒ තරම් වටිනවද? මගේ ආත්තම්මා මට වළලු දෙකක් සහ හවඩියක් දීල තිබුනා. දැන් තිබුනා නම් මොන තරම් වටිනවද? බොරු ඒවා නොවේ නියම රිදී. (නි)
උපාලි බිස්නස් එකේ හවුල්කරයෙක් වගේ.(නදී)
උපාලි මගේ මිතුරෙක් හිටියා හරිම දුප්පත්. මිනිහා ඉතින් පාසැල් කාලෙන් පස්සේ සල්ලි ටිකක් හදාගෙන ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තා. ඉතින් ඒකවත් කරන්න මෙයාලා ඉඩදෙන්නේ නැහැනේ. යනකොටත් අල්ලනවා. එනකොටත් අල්ලනවා. ඇයි අප්පා මෙහෙම කරන්නේ.(නදී)
ඉෂාර, තඹ හෝ රිදී ගෙන්වන්න තහනමක් නැහැ. බෝම්බ ගෙන්වීම අපට තහනම්. රිදී තඹවලට වඩා වටිනා නිසා බද්ද වැඩියි. අඩු බද්දක් ගෙවිය හැකිව තිබියදී වැඩි බද්දක් ගෙවීම වරදක් නෙමෙයි. ඒකෙ අනික් පැත්තයි වරද. වාසනා, ඔයා කියන වංචාව රේගු ආඥා පනතට අයිති නැහැ මම හිතන්නේ. ඒකට වෙනම නීති තියෙනවා පොලිසිය මගින් ක්‍රියාත්මක වන. විමල්, ඔයාගේ යාළුවා නිසි බදු නොගෙවීම හෝ තහනම් දේ ගෙන්වීම / යැවීම කරන්න හැදුවා නම් රේගුවෙන් ගැලවෙන්න බැහැ. හරියටම සිදු වුන දේ වටහා ගන්න තරම් මේ ප්‍රවෘත්තියේ තොරතුරු මදි. ඒකයි මම කලින් ලියුව අදහසේ තේරුම. (නි)