
( රොමේෂ් මධූෂංක)
යාපනය සහ මන්නාරම් දිස්ත්‍රික්කයන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් මිලියන 90 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 228 ක් සමගින් සැකකරුවන් අද ( 03) දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාව පැවසීය.
යාපනය අනලතිව් දූපත අසල වූ මුහුදු සීමාවේදී අද (03) අලුයම් කාලයේදී උතුරු නාවකි විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බොට්ටුවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් මිලියන 78 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 197 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සැකකරුවන් සතුව තිබූ බොට්ටුවද නාවික හමුදා භාරයට ගනු ලැබූ අතර අත්අඩංගුවට ග්ත සැකකරුවන් මන්නාරම සහ පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් යාපනය කයිට්ස් පොලීසිය වෙතට භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ තීරණයක්