ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් සහ පකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් අතර සුහද හමුවක් පසුගියදා ලන්ඩනයේදී පැවැත්විණි.
පකිස්තාන අගමැති මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටියි.
වෛද්‍ය නෝනිස් ශ්‍රී ලංකාවත් පකිස්තානයත් අතර දීර්ඝ කාලයක් තිස්සේ පවත්නා මිත්‍රත්වයත් අන්‍යෝන්‍ය සහ සබැදියාවන් සිහිපත් කරමින් දෙරට අතර පවත්නා පෘථුල ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ සහයෝ තාවයෙහි වැදගත්කම ගැනද අදහස් පළ කළේය.
පසුගිය වසරේ කොළඹදී පවතී පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී පිළිබඳව ඉමහත් සොම්නසින් සිහිපත් කළ බව පැවසු පකිස්තාන අගමැති කියා සිටියේ පකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර ඇති සම්බන්ධතාවය ඉතාමත් වැදගත් බවයි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ක්‍රිස් නෝනිස් පකිස්ථාන නායකයා හමුවේ
කොස්වත්ත Monday, 12 May 2014 02:27 AM
වෛද්‍ය ක්‍රිස් නෝනිස් හැමදාම ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටි කෙනෙක්. ඔහුගෙන් අනෙක් තානාපතිවරුන් පාඩම් ඉගෙනගත යුතුයි (නි)
රම්සි Monday, 12 May 2014 09:15 PM
දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ? (නි)
සිල්වා Monday, 12 May 2014 09:26 PM
අපි දැක්ක විදිහට විනාඩියක්වත් කතා කරන්න ලැබුනේ නැහැ. (නි)
සරත් Monday, 12 May 2014 05:33 PM
උත්සවයක් අතරමඟ විනාඩියකට හමුවෙලා කතා කරලා තිබෙන දේවල්? හරි පුදුමයි. ලොකු ප්‍රසිද්ධියක්, වැඩ ටිකක්. ආශ්චර්යය!!! (නි)
සපුමල් Monday, 12 May 2014 05:35 PM
කොස්වත්තට පිස්සු. ලන්ඩන් වලට ඇවිල්ලා බලන්නකෝ (නි)
සමන්මලී Friday, 16 May 2014 03:52 PM
ඔබ තුමා හැම දාමත් රට වෙනුවෙන් පෙනී සිටියා. අපිට එක ශක්තියක්. (ස)
නෆීල් Monday, 12 May 2014 11:18 AM
ඕනෙම ප්‍රශ්නයකදී පකිස්ථානය අපේ හොඳ මිතුරෙක්. (ස)
රෝමා Monday, 12 May 2014 07:23 PM
පකිස්ථානයේ තානාපති කෙනෙක් නැද්ද? ජිනීවා වලත් කතා කරලා තියෙන්නේ නෝනිස් තුමා විතරනේ (නි)
රෙක්ස්ටන් Monday, 12 May 2014 07:52 PM
අනේ මේක හරි වැදගත්. අපිටත් මෙහෙම කරගන්න පුළුවන් කෙනෙක් ඕනෑ (නි)