ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් සහ පකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් අතර සුහද හමුවක් පසුගියදා ලන්ඩනයේදී පැවැත්විණි.
පකිස්තාන අගමැති මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටියි.
වෛද්‍ය නෝනිස් ශ්‍රී ලංකාවත් පකිස්තානයත් අතර දීර්ඝ කාලයක් තිස්සේ පවත්නා මිත්‍රත්වයත් අන්‍යෝන්‍ය සහ සබැදියාවන් සිහිපත් කරමින් දෙරට අතර පවත්නා පෘථුල ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ සහයෝ තාවයෙහි වැදගත්කම ගැනද අදහස් පළ කළේය.
පසුගිය වසරේ කොළඹදී පවතී පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී පිළිබඳව ඉමහත් සොම්නසින් සිහිපත් කළ බව පැවසු පකිස්තාන අගමැති කියා සිටියේ පකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර ඇති සම්බන්ධතාවය ඉතාමත් වැදගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය ක්‍රිස් නෝනිස් හැමදාම ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටි කෙනෙක්. ඔහුගෙන් අනෙක් තානාපතිවරුන් පාඩම් ඉගෙනගත යුතුයි (නි)
දැන් අපිට මොකක්ද කරන්න කියන්නේ? (නි)
අපි දැක්ක විදිහට විනාඩියක්වත් කතා කරන්න ලැබුනේ නැහැ. (නි)
උත්සවයක් අතරමඟ විනාඩියකට හමුවෙලා කතා කරලා තිබෙන දේවල්? හරි පුදුමයි. ලොකු ප්‍රසිද්ධියක්, වැඩ ටිකක්. ආශ්චර්යය!!! (නි)
කොස්වත්තට පිස්සු. ලන්ඩන් වලට ඇවිල්ලා බලන්නකෝ (නි)
ඔබ තුමා හැම දාමත් රට වෙනුවෙන් පෙනී සිටියා. අපිට එක ශක්තියක්. (ස)
ඕනෙම ප්‍රශ්නයකදී පකිස්ථානය අපේ හොඳ මිතුරෙක්. (ස)
පකිස්ථානයේ තානාපති කෙනෙක් නැද්ද? ජිනීවා වලත් කතා කරලා තියෙන්නේ නෝනිස් තුමා විතරනේ (නි)
අනේ මේක හරි වැදගත්. අපිටත් මෙහෙම කරගන්න පුළුවන් කෙනෙක් ඕනෑ (නි)