මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා නව හමුදාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 36 ක සේවා කාලයක් සපුරා ඇති මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා 2013 අගෝස්තු මස සිට 2014 මැයි මාසය දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බල සේනාවේ සේනාධිනායක ලෙසද ඔහු කටයුතු කළේය.
ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට උණුසුම් සූබ පැතුම්.(හේ)
ගොඩක් හොඳයි.රටට වැඩක් කරන්න.මගේ සුභ පැතුම්.(හේ)
ජය වේවා.(හේ)
අර රඔුක්පොත ගැන ලොකු කතා කියපු කෙනා කෝ මොකද සද්ද නැත්තේ ලොකු කතන්දර කීවා නේද (නදී)
සුදුස්සාට තැන දුන්නට අපේ ජනාධිපති තුමාමාට බොහොම ස්තුති (අ)
රබුක්පොත ට මොකද වුණේ (අ)
මෙතුමා ගැන පසුගිය දිනවල වෙබ් අඩවිවල සදහන් වී තිබුනා හමුදාපති පදිවියට වඩාත් සුදුසු පුද්ගලයා ලෙස ,එවැනි අයෙක් පත්වීම ගැන අප ඉතා සතුටට පත්වන අතර යුද හමුදාවේ හා තනතුරේ ගෞරවය රැකගෙන පදවියේ කටයුතු කරගෙන යාමට ධෛර්ය හා ශක්තිය ලැබේවා යයි ප්‍රර්ථනා කරමු. (අ)
සුබපැතුම්, අවංක ,ගුණගරුක,නීතිගරුක,නිලදාරියෙක් ,කලකට පෙර මමත් මෙතුමා යටෙතේ සේවය කලා. (අ)
සුදුස්සාට සුදුසු තැන . (අ)
ඔබ තුමාට සුබපතමි .දක්ෂ නිලධාරියෙක් 88 89 කාලයේදී හමුදා මූලස්ථානයේ වැඩකළ කෙනෙක් සතුටුවේමි . (අ)
ඔබතුමාවත් මේ රට ඒකීය භවෙන් එක්සත් බවට පත්කිරීමට යන වැඩ පිළිවෙලට එරෙහි වන්න..අපේ මව වැනි මාතෘ භූමිය රැකගන්න..(අ)
අපේ නම් වලින් ලියන උදවිය වැහි වහලා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. (නදී)
ඉහත දිලාන් දැනට අවුරුදු 4 ක සිට මෙතැන් ලියන මම නම් නෙවෙයි. අලුතෙන් ලියනවා නම් ඇයි තමන්ටම ආවේනික නමක් තෝරාගන්න බැරි. ? මම නිතර මෙතන ලියන කෙනෙක් . මගේ අදහස් නිතර මේ නමින් පලවෙනවා. (නදී)
හොද නිලදාරියෙක්. (ර)
ඔබතුමාටවත් රට මේ තත්වයෙන් , මුලින් ගෙනගිය ආකාරයට කරගෙන යන්න හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා.දිනු රටට ජය! (නි)
හරිම සතුටුයි මට ඔබට සුබ පැතුම් (දිල්)
දර්ශන මොනවද මේ 88 89 කාලයේ කතාවක් කියන්නේ ? ඒ කාලේ ලකී අල්ගම , ජනක පෙරේරා වගේ අයත් මුලස්ථානවල හිටියනේ. (දිල්)
මෙයා හොදයි , එතකොට දය රත්නායක මහත්මයා , විශ්‍රාම ගැන්නුවද? යැව්වද? (දිල්)
කලින් නම් කල රබුක්පොතට මොකද වුනේ ,එයා හංස පැටියෙක් නොවේද (නදී)