කිරියා හා සාලිය නමින් හදුන්වන මුවෝ දෙදෙනක් කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමියන්ගේ සුරතලූන් බවට පත්ව සිටිති. සෑම උදෑසනකම කොබවක හිමියන්ගේ සුරතින් කිරි බීමට හුරුවී සිටින මුවන් දෙදෙනා ඉමහත් ආදරයෙන් රැක බලාගැනීමට සේවක පිරිසක්ද නායක හිමියන් විසින් පත් කරනු ලැබ සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි පන්සල් වත්තට වීසි කරල ගිය මුවෝ දෙන්නෙක් වෙන්න ඇති. (බ)
සිද්ධිය වෙන වෙන පැති වලට ගෙනියන්න බොහෝ දෙනෙක් හදන බව පේනවා. අද රටේ තත්වය ඒකයි. හොඳට පැහැදිලියි. ඔන්න වෙනස (නි)
මුවන් විසින්ම පන්සලට ඇවිල්ලද දන්නේ නැහැ (නි)
අන්ත අසරණ දරුවෝ දැක්කම අහක බලාගෙන යන අපේ සමාජයේ අලිපැටවුන් දරුවන් සේ හදා ගන්න ප්රසිද්ධියේ මුවන්ට කිරි පොවන අයගෙන් නම් අඩුවක් නැහැ වගේ. (බ)
හාමුදුරුවනේ, අද කාලේ සතුන්ට කන්න බොන්න දීලා බලාගන්න එකත් හිරේ යන වරදක් (නි)
සිරි, මේ මුවාවත් කාටහරි අමතකවෙලා පන්සලේ දාලාගිය එකෙක්ද කොහෙද නේද? (නි)
අනේ හාමුදුරුවනේ පරිස්සමෙන්. බල පත්රයක් ඕනෙද කියලා හොයලා බලන්න. (හේ)
හාමුදුරුවනේ සත්ව කරුණාව භයානකයි. නඩුවක් වැටෙන්න පුළුවන්. (ම)
දැන් මේකටත් ප්රශ්නයක් එයිද දන්නේ නෑ.(හේ)
වන සත්ත්ව හා වෘක්ෂ ලතා පනත අනුව මුවන් ඇති කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. (ම)
පරිස්සමෙන් අපේ හාමුදුරුවනේ, සත්ව කරුණාව නීති විරෝධී වෙන්න පුළුවන්. (ර)
කතරගම වනජීවී කාර්යාලයයේ නිලධාරීන් පංසලේ බුදිද? (ම)
කොබවක ධම්මින්ද හිමියන් දෙපැත්තකින් පරෙස්සම් වෙන්න ඕනෑ. මෙම පින්වත් කාර්යයට එරෙහිව රජයේ නිලධාරීන් උන්වහන්සේට එරෙහිව පැමිණිලි කරන්නත් බැරි නැහැ. අනිත් පැත්තෙන්, ඔය පළාතේ ඉන්න මස් වැද්දන්ගෙන් මේ අසරණ සතුන් දෙන්නා බේරාගන්නත් ඕනෑ. (නි)
අපූරු දර්ශනයක්. කාටහරි අමතකවෙලා දාලා ගිහින්ද දන්නෙත් නැහැ (නි)
මේ කරන දේ අගය කළ යුතුයි.(හේ)
සුන්දර දසුනක්.(හේ)
ගොඩක් දෙනා මේ වන සතුන්ගේ ප්රශ්නය දිහා බලන්නේ ඉතා වැරදි විදියට. වන සතුන්ට මිනිස්සු කෑම දෙන එක සත්ව කරුණාව නොවේ. එය සතුන්ට කරන අපරාධයක්. මෙහෙම මිනිසුන්ගේ කෑම වලින් යැපෙන්න පුරුදුවුණාම ඒ සතුන්ගේ ස්වභාවික චර්යාරටා වලට හානි වෙනවා. සමහර ලෙඩ රෝග හුවමාරු වෙන්නත් පුළුවන්. මෙහෙම වෙලා අන්තිමට ගහණ පිටින් සතුන් වඳවෙලා ගිය අවස්ථා ඕනෑතරම් ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වෙලා තිබෙනවා. අප සතුට ආදරය කරනවා කියන්නේ ඔවුන්ගේ දීර්ඝකාලීන සුරක්ෂිතතාවය තහවුරු කිරීම විනා ඔවුන් අපේ සුරතලුන් කරගැනීම නොවේ. (නි)
සිරි, ජයම්පති වැනි අය අදහස් ලියන්න පෙර පානදුර කෙසෙල්වත්තේ දිග්ගල පිහිටි කැලේ පන්සලට යන්න. එවිට සියලු කරුණාව පහළවේවි. (නි)
කැලේ ඉන්නවට වැඩිය පන්සලේ ඉන්න එක නම් ආරක්ෂිතයි. .(හේ)
අපේ හාමුදුරුවනේ, ඔය මුවන් ඇති කරන්න බලපත්රයක් තියනවද? බලාගෙන! (නි)
මතකයි නේද සත්ව කරුණාව පෙන්වන්න ගිහින් අපේ රටේ හිමි නමකට වුණ කරදරේ එහෙම විපතක් නොවේවා (බ)