IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කරුවලගස් වැව ප්‍රා. සභාපති අත්අඩංගුවට

තබ්බෝව වැවේ වාරි ක්ෂේත්‍ර සහකාර වරයකුට පහරදුන්නැයි සැකපිට කරුවලගස් වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මින් මද වේලාවකට කලින් කරුවලගස් වැව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පහරකෑ බව කියන සුපුන් දිසානායක මහතා රෝහල්ගත කරනු ලැබ සිටියි. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

 



අදහස් (0)

කරුවලගස් වැව ප්‍රා. සභාපති අත්අඩංගුවට

රොෂාන් Thursday, 04 July 2013 09:51 AM

මේ ප්‍රාදේශීය සභාවේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ පිස්සුද, උගත් මිනිස්සුනට තැනක් නැහැ මෝඩයෝ රජ වෙලා.(නදී)

:       0       0

වරුණ Thursday, 04 July 2013 10:06 AM

ලබන පාරත් වෙඩි මනාපයෙන් පත්කර යවමු. (ස)

:       0       0

ගයා Thursday, 04 July 2013 10:08 AM

රටේ මෝඩයෝ වැඩි උනාම පත්කර ගන්නෙත් මොඩයෝම තමයි. මේක අපේ රටේ නරක කාලයක්ද කොහෙද. රුපියල් 50 ට 100 ට ඡන්දෙ දෙන මිනිස්සු ඉන්න රටක් මේක. නැත්තම් කොහොමද හොර තක්කඩි මිනි මරුවෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ. අනේ අපේ රටට ගිය කලක්.(නදී)

:       0       0

සංජීව Thursday, 04 July 2013 01:44 PM

මටනම් හිතෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට ඔහොම වෙලා මදි, තව ගහන්න ඕනේ මොකද ඔය වගේ අයට ඡන්දෙ දෙනවට. මිනිස්සු විසින්ම තමාගේ වල තමන්ම කපා ගන්නවා. මම ඔය මනුස්සයව දන්නවා ඉස්සර ඉදලම. මගේ නම් කිසිම මනාපයක් නැහැ. මේක පල වෙනි වතාව නෙවෙයි. මිට කලිනුත් ඔය මනුස්සයා ඔය වගේ වැඩ කරලා තියෙනවා.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 04 July 2013 10:48 AM

මැරයන්ට මහජන නියෝජිතයන් වෙන්න ඉඩ දීම නිසා තමයි මේක වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

මොහමඩ් Thursday, 04 July 2013 02:01 PM

වගකිවයුත්තන් වහාම මැදිහත් වී අදාල පුද්ගලයා සභාපතිකමින් ඉවත් කළ යුතුයි (නි)

:       0       0

දමිත් Thursday, 04 July 2013 02:16 PM

අපේ රටේ තියෙන අඩුපාඩුව තමා අධ්‍යාපනයක් නැති අයට ඡන්දෙට නාම යෝජනා ලබා දීම. අඩුම තරමේ පිළිගත් උපාදියක්වත් තියෙනවනම් විතරක් ඡන්දෙ ඉල්ලන්න අවස්ථාව ලබා දෙන්න. සල්ලි වලට මැර බලේට ඡන්දෙ ඉල්ලන්න දෙන්න එපා.(නදී)

:       0       0

දිල්හානි Thursday, 04 July 2013 08:58 AM

මෙයාලට මේ පාරත් ඡන්දෙ දෙමු.(ස)

:       0       0

අසෝක Thursday, 04 July 2013 09:02 AM

මුදල් මත රැදෙන දේශපාලකයන් මනුෂ්‍යත්වය නොදනී. මුදල සහ බලය මත ඕනෑම වැඩක් කරනු ලබයි. (නි)

:       0       0

ධර්මසිරි Thursday, 04 July 2013 11:46 AM

කම්මැලි නිලධාරීන්ව ගහල හරි හදා ගන්න නේ මේ උත්සාහය. පුදුම තරහක් නේ තියෙන්නේ මෙතුමන් ලත් එක්ක. (ස)

:       0       0

නිමල් Thursday, 04 July 2013 09:14 AM

රජයෙ සේවයේ හෝ පෞද්ගලික අංශයේ පහලම ශ්‍රේණියක රැකියාවකට ඉල්ලුම් කිරිමට හෝ යාමකට චරිත සහතිකයකක් අවශ්‍යයි. එහෙත් ශාපලත් මනාප ඡන්ද ක්‍රමය යටතේ දේශපාලකයෙකු වීමට අවශ්‍ය මැරකම සහ මුදල් පමණි. ඉතින් මේ රටේ සාමකාමී ව රැකියාව කරන රජයේ සේවකයනි, දේශපාලකයන්ට අවැසි විදිහට රැකියාව කරන්න. නැත්නම් ගුටිකන්න හෝ දඬුවම් විදින්න. (නි)

:       0       0

නන්ද Thursday, 04 July 2013 09:14 AM

ශා! අපරාදේ ගැහුවේ, ගහක බැන්දා නම් ඉවරයිනේ. එතකොට දඬුවම් නැහැනේ (නි)

:       0       0

තිස්ස Thursday, 04 July 2013 12:02 PM

අපි බලමු ශ්‍රී-ලංකා නිදහස් පක්ෂය ගන්න තීරණය මොකක්ද කියලා. (ස)

:       0       0

ඇසළ Thursday, 04 July 2013 09:20 AM

පළාත් සභාත් එපා, පලා බබ්බුත් එපා, 13 ත් එපා. පරණ ක්‍රමේ අපේ පුංචි ලංකාවට හොදයි. රටත් රැකෙයි අපිත් රැකෙයි. (නි)

:       0       0

අචිනි Thursday, 04 July 2013 09:21 AM

ඔය ඉන්නේ අපේක්ෂකයෝ.... (නි)

:       0       0

සීලරත්න Thursday, 04 July 2013 09:30 AM

ජනපති තුමනි මේ ඔබේ අවදානය පිනිසයි ..එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ රජය පෙරලන්න උත්සහ ගන්නේ නැත. මේ රටේ පාළාත් පාලන අයතනවල ඉන්න ඔබතුමාට පක්ෂ සභාපතිවරු ඔබතුමා පැරදවිමේ කුමන්ත්‍රනයක යෙදේ සභාපතිවරු ජනතාවට එපා වන්නේ යම්සේද ඔබද එපා වේ. රටපුරා මේ කුමන්ත්‍රන්ය අරඹා ඇත.(නදී)

:       0       0

කමල් Thursday, 04 July 2013 12:34 PM

එලියට දාපු දවසට, මිනිස්සු මේ මෙයාව කර තියාගෙන ගම වටේ යයි. ඊලග ඡන්දෙන් වැඩිම මනාපෙන් නැවතත් සභාපති කරාවි.(නදී)

:       0       0

ගිම්හාණි Thursday, 04 July 2013 12:40 PM

රටේම සභාපතිලා ටික අල්ලලා එකම සැරේ දඩුවමක් දුන්නොත් නරකද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 296 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site