පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ අද අලුයම සිදුවු රිය අනතුරකින් එක් අයකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි කරුවලගස්වැව පොලීසිය කියයි.
මුලතිව් සිට උඩප්පුව දක්වා යමින් තිබූ කරවල හා හාල්මැස්සන් පැටවූ කැබ් රථයක් පෙරලී, මාර්ගයේ ගමන් කළ සිමෙන්ති පැටවූ ලොරී රථයක වැදීමෙන් සිදුවූ මෙම අනතුර කැබ් රථයේ රියදුරුට නින්ද යාම නිසා සිදුවී ඇතැයි පොලිසිය සැකකරයි.
අනතුරින් කැබ් රථයේ ගමන් කළ ශෂි කුමාර් (30) රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බවත් , තුවාල ලැබූ දෙදෙනා පුත්තලම රොහලේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි කියයි..





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd