දඹුල්ල, තිත්තවල්ගොල්ල පදිංචි චන්න ඕපාත මහතා සිය අක්කර භාගයක කිරිවදින ගොයම අද (29) සිය මෑණියන්ට දිර්ඝායුෂ පතා අලින්ට හා හරකුන්ට දානයක් ලෙස දුන්නේය.
දඹුල්ල, තිත්තවල්ගොල්ල පදිංචි චන්න ඕපාත මහතා සිය අක්කර භාගයක කිරිවදින ගොයම අද (29) සිය මෑණියන්ට දිර්ඝායුෂ පතා අලින්ට හා හරකුන්ට දානයක් ලෙස දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන මහා ලොකු අස්වැන්නක් නැහැ. අනික මේක ප්‍රසිද්ධ වෙන්න කරන දෙයකුත් නෙමෙයි. (හේ)
දැන් රට යන්නේ අභිධර්මයෙන් (හේ)
කුරා කුහුම්බියෙකුට හෝ ආහාරයක් දීම හොඳ වැඩක් නමුත් මිනිසාට පරිභෝජනයට ගත හැකි සහල් අමු අමුවේ සතුන්ට කන්න දැමීම මහා පාපයකි. හරිහමන් ආහාරයක් සපයා ගන්න බැරි, දොස්තර ලියලා දෙන බෙහෙත් ටික මිලදී ගන්න බැරි කීදෙනෙක් රටේ ඉන්නවද? ඔය සහල් ටික මහලු මඩම් කිහිපයකට දුන්නේ නම් සිදුවන්නේ මහා පිනක් සහ සේවයකි. සියල්ලන්ගේම ප්‍රඥාව වැඩේවා...! (අ)
ෂා හොඳ පින්කමක්. සාදු! සාධු! (අ)
මා නම් මෙය අනුමත කරන්නේ නැහැ. මේක ජාතික අපරරාධයක් සේ මා සලකනවා. (අ)
ප්‍රසිද්ධිය තකා කරන වැඩ (බ)
අනේ බයිලා කියනවා වී විකුණාගන්න බැරුව ගොවියෝ දුක් විදිනවා මෙහෙම දෙයක් කරන එක හොදයි (බ)
ධම්ම, පිටිගල, මනුස්ස තිරිසන් කියල නැහැ. බුදු දහම අනුව අපි සියල්ලෝම සත්වයෝ. අපි හැමෝටම වේදනාව, මරන බය සහ බඩගින්න පොදුයි. වැදගත් දෙය තමාගේ චේතනාව පමණයි. තමන් හිතනවානම් දානය දියයුත්තේ බඩගින්නේ සිටින තිරිසන් සතෙකුට කියා, එහි කිසිම වරදක් නැහැ. කොහොමත් මෙය අවබෝධ කරගැනීමට යම් බුද්ධියක් සහ උසස් මනසක් අවශ්‍යයි. (බ)
ධම්ම හිතන්නේ තමන්ගේ බඩ ගැනයි තමන් ගැන විතරයි. මේ ලෝකයේ අහිංසක සත්ව කොට්ටාශයක් ඉන්නවා කියන එක දන්නවනේ. සතුන්ට කන්න, ජීවත් වෙන්න තිබෙන කැලෑබද ප්‍රදේශ මිනිසුන් අත්පත් කර ගත්තහම කෝ සතුන්ට ආහාර. කෝ වාසස්ථාන. මේවගේ දෙයකදී මැදහත්ව හිතන්න පුරුදුවෙන්න. මේක කළා කියල මිනිස්සුන්ට කෑම නැතිවෙන්නේවත්, මහලු නිවාසවල මිනිස්සු බඩගින්නේ ඉන්නෙත් නැනේ. (බ)
ඉතාම පිනවන්ට හොද වැඩක් - සත්තුන්ට කන්න දෙනවා තිය උන් දුටු තැන මරණ කාලකන්නි මිනිස්සු ඉන්න රටේ (ම)
ධම්ම,ඔයාට බඩගිනි වෙලාවට මිනිසෙකු වශයෙන් කතාකරලා කෑම ටිකක් ඉල්ලාගෙන කන්න පුළුවන්. තිරිසන් සතුන්ට එහෙම බැහැනේ. මේක මහඟු පින්කමක් (නි)
ධම්ම සමඟ මමත් එකඟයි (නි)
අනේ මේ වගේ අය (බ)
මටත් හිතුන වැඩේ එච්චරම නුවණට හුරු නැහැ කියල. හැබැයි එක දෝමනස්ස සහගත ස්ම්ප්‍රයුක්ක්ත සිතක්ද දන්නේ නැහැ.(ම)
ධම්ම කියලා තිබෙන කතාව 100% ඇත්ත. බුදුදහමේ කියන්නේ බුද්ධියෙන් කටයුතු කරන ලෙසයි. සතුන් ගැන දයාව අනුකම්පාව දක්වන එක හොඳ වැඩක්. එහෙත් මෙහෙම වැඩ කරන එක තවත් දෙයක්. (නි)
අපි දන්නවා ධම්ම, පිටිගල වගේ අය බුදුදහමට විරුද්ධ කට්ටිය බව, ඒගොල්ලන්ගේ කතා ගණන් ගන්න එපා. (බ)
රටම අලින්ට කන්න දුන්න අපට මේක මොකක්ද ? (ම)
මේවගේ සිද්ධියක් මීට කලිනුත් වාර්තා වුනා. මම නම් මෙම කටයුත්ත දකින්නේ අනුවන ක්‍රියාවක් ලෙසයි. අලින්ට හරකුන්ට මේවගේ කුඹුරක් දැන් දීම කිසිම ගොවි මහතෙක් අනුමත කරන්නේ නැහැ. මේවා බුද්ධ භෝග කියලයි ගොවීන් හඳුන්වන්නේ. මීට නරකද අලියට කිතුල් ගස් දෙක තුනක් හොයා දීල හරකුන්ට තණකොළ ගෝනි 3 - 4 ක් කපල දුන්න නම්. පින් ලබා ගන්න ඕන තරම් මීට වඩා හොඳ කටයුතු තිබෙනවා නේ කරන්න. මේක මහා මෝඩ වැඩක්. (බ)
දානයක් දෙනවා කියන්නේ අතහැරීම කියන එකයි. අනිත් එක තිරිසන් වුනත් සතෙක් කියන්නේ තවත් ජීවයක්. ඉතින් දෙන දානය උවමනාව තියෙන ලබාගන්න බැරි තිරිසනෙකුට දෙන එකේ වැරැද්ද මොකක්ද. තව කෙනෙක් දීපු දානය දරාගන්න බැරි මිනිස්සු තමන්ගේ කුඹුරට පැනල ගොයම් ටික කන හරකෙකුට දෙන වදය ගැන හිතාගන්න බැහැ. (බ)
තුවාල ලත් බැටළු පැටවාගේ වේදනාවත්, කුසගින්නෙන් පෙලෙන වෘකයාගේ වේදනාවත් තේරුම් ගනිමු. තම කුඹුරේ "කුරුළු පාළුව" නමින් කොටසක් කුරුල්ලන් වෙනුවෙන් වෙන් කළ අපේ මුතුන්මිත්තන්ගේ ත්‍යාගශීලි මහා කරුණාවෙන් බිඳක් ඕපාත මහතා පෙන්වීම මෝඩකමක් වෙන්නේ කෙසේද? වන සතුන් ගේ ගොදුරු බිම් උදුරා ගත් මිනිසුන් වෙනුවෙන් සංකේතිය වන්දි ගෙවීමක් ලෙස සලකමු. (බ)
මෙතන දාලා තිබෙන කොමෙන්ට්ස් දැක්කම හිතා ගන්න පුළුවන් මේ ඉන්නේ මිනිස්සුද කියලා. ධර්මය ගැන අල්පයක්වත් නොදන්න මෝඩයෝ. පින් කියන හැම දෙයක්ම ඉතා සද්ධාවෙන් කරන දෙය තමා පින. ඒකට මිනිසාට කියලා වෙන්කරලා නෑ. අපා දෙපා සිවුපා හැමදෙනා පොදුයි (බ)
පාලිත , අභිධර්මය ඉගෙනගන්නවා වගේ (බ)
අනුන් දීපු දානයක් දිහා සතුටු සිතින් නොබැලියහැකි මිනිසුනේ උබලා කවදා දානයක් දෙන්නද (බ)
මේ ක්‍රියාව ඉතාම සංවේදියි. දෙනෙතට කඳුලකුත් ඉනුවා. අපි කවුරුත් සත්වයෝ. (ම)
මේක නම් මහම මහා මෝඩ වැඩක් අලින් කන්නේ පොල් අතු කිතුල් අතු වැනි විශාල ප්‍රමාණයේ ශාක කොටස් හරක් කන්නේ තණකොළ නොගැලපෙන දේ කන්න දීමෙන් මෙම සතුන් රෝගාතුර විය හැකිය මෙම ක්‍රියාව බුදු දහම අනුමත කරන්නේ නැහැ (බ)
මාත් හිතුවේ, අලින් කන්න කැමති කෙසෙල්,පොල්, කිතුල් අතු වැනි විවිධත්වයෙන් සපිරි ආහාරයක් දුන්නොත් වටිනවා කියලයි.අපිත් කැමතියි නේ විවිධත්වයට.(ම)
දානෙන් උතුම් දානය නම් ධර්ම දානයයි. නමුත් අහිංසක සතෙතෙකුට ආහාර දන් දීමත් උතුම් පින්කමක්. මෙතන පින වැඩි කෝකද කියන එක නෙවෙයි ප්‍රශ්නය කොයි විදිහෙන් නමුත් පින්කම් කරගැනීමයි වැදගත්. පිනෙහි ස්වභාවයට ලෝභ කිරීම එක්තරා ආකාරයට ආත්මාර්ථකාමී බවක්. පිනෙහි කුසලය බලවත් වන්නේ ආත්මාර්ථකාමී චේනතාව අත්හැරිය ප්‍රමාණයට මිසක් එය දෙන කෙනාගේ පාට පැහැය අනුව නෙවෙයි (බ)
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි (බ)
අලින්ට හාල් කන්න පුරුදු කරලා අලි හාල් හොයාගන ගොවිතැන් පාළු කරනකොට වෙඩි තියල මරල දායි. (බ)
ඔය මොඩ වැඩේට වඩා වී ටික අරගෙන පවුල් 10 විතර බෙදලා දුන්නානම් මිනිස්කම හරි මතුවෙනවා දැන් වෙලා තියෙන්නෙ තිරිසන්කම මිනිසා මිනිසාගේ කුසගිනි නිවනවා තරම් දෙයක් මෙලොව නැත (බ)
ඔය ගොයම අස්වනු නෙලාගෙන විකුණා ලැබෙන මුදලින් අම්මට අවශ්‍ය වෙලාවට බෙහෙත් සහ වෛද්‍ය උපදෙස් ලබා දුන්න නම් ආයුෂ වැඩි කරගන්න තිබුන .සතුන්ට ආහාර ඔවුන් සොයාගන්න දන්නවා . ආගමික භක්තියෙන් කළ මෝඩ වැඩක් ..අපේ රටෙන් මිත්‍යාව දුරුවන්නේ නැත්ද ? (බ)
අපොයී ... කොච්චර හොඳ වැඩක්ද.(හේ)