IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැරලි මර්දනයෙන් ලක්ෂ 50 ක් වන්දි ඉල්ලයි

තමන්ට කොටුව දුම්රිය ස්ථානයේ පාලමේදී කැරලි මර්දන පොලීසිය නිකරුණේ පහරදීමෙන් සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 50 ක ඉල්ලා දුම්රිය මඟියෙකු කොළඹ දිසා අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ විභාගය අවසන් විය.

නඩුව නොවැම්බර් 03 වැනි දා යළි කැඳවන ලෙසද නියෝග කළේය. කොළඹ අතිරේක දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ නඩුව විභාග කැරිණි.

දුම්රිය මඟියකු වන දුමින්ද හපුආරච්චි මහතා විසින් ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, නීතිපති නම් කරනු ලැබ සිටිති. ඉකුත් වසරේ අපේ‍්‍රල් 22 වැනි දා කොටුව දුම්රිය පාලමෙන් ගමන් කරමින් සිටියදී කැරලි මර්දන ඒකකයේ පහර  කෑමට  ලක් වු  බව පෙත්සමේ දැක්වේ.



අදහස් (0)

කැරලි මර්දනයෙන් ලක්ෂ 50 ක් වන්දි ඉල්ලයි

දුමින්ද හපුආරච්චි Thursday, 17 September 2015 04:27 AM

මෙම අන්තර්ජාල පුවත වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම තුළින් රටේ ජීවත්වන පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අදහස් පළකළ සැමට තුති.සැබවින්ම පුරවැසියන් වශයෙන් අප අපගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සදහා ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක වියයුතු බව මා මුහුණදුන් සිද්ධියේදී අවබෝධ විය. පුරවැසි අයතිවාසිකම් මතු පරපුරට ආරක්ෂා කරදීම සඳහා අපගේ අයිතිවාසිකම් කඩවූ අවස්ථාවක ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීම ඉතා වැදගත්ය. ඒ තුළින් එවැනි අවස්ථා ඉදිරියේදී ඇතිවීමට ඇති ඉඩකඩ අවම කිරීම සදහා යම්කිසි දායකත්වයක් දැක්වීමට අපට හැකිවේවි. ඒ වාගේම පුරවැසි අයිතිවාසිකම් කිසියම් පාර්ශවයක් විසින් උල්ලංඝනය කළවිට නිහඬව සිටිමින් කිසිදු නීතිමය පියවරක් නොගෙන සිටීම තුළින් තවදුරටත් එවැනි ක්‍රියා සිදුවීමට ඇති ඉඩකඩ විවර කිරීමක් සිදුවේ. පුරවැසි අපගේ අයිතිවාසිකම් සුරැකීමට අපි එකමුතු වෙමු (නි)

:       0       0

සිරි Wednesday, 16 September 2015 10:14 AM

ඔබට 2016 ඵල බර වසරක් වේවා! (බ)

:       0       0

වසන්ත Wednesday, 16 September 2015 10:36 AM

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළයුතුය (නි)

:       0       0

අමිත Wednesday, 16 September 2015 06:22 AM

නීතියේ ඇති සිදුරුවලින් රිංගලා කාකි කබායේ හයියෙන් අහිංසකයන්ව තලාපෙලන අැතැම් පොලිස් නිළධාරීන් නිසා මුළු පොලිස් සේවයටම නිග්‍රහයක් සිදුවුන මෙම සිද්ධිය මුළු රටම විද්‍යුත් මාධ්‍ය හරහා දැක්කා.අනිවාර්යයෙන්ම දුමින්ද ඔබට සාධාරණය ඉෂ්ඨ විය යුතුයි.අපි ඒගැන බලාගෙන ඉන්නවා.(බ)

:       0       0

යෝනක Wednesday, 16 September 2015 06:41 AM

සාධාරණයක් ඉෂ්ටවේවා! (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 16 September 2015 06:53 AM

මෙව්වා හොඳ වැඩ. (ම)

:       0       0

ලුම්බිණි Wednesday, 16 September 2015 07:17 AM

ඔබට ජය පතනවා (බ)

:       0       0

ශ්‍රීලාල් Wednesday, 16 September 2015 07:52 AM

අපි ඔක්කොම එකතුවෙලා දුමින්ද මහත්තයට සහය දෙන්න ඕන මේ කටයුත්ත ඉදිරියට ගෙනියන්න .. තරු පටි තියෙන්නේ මිනිස්සු රකින්න මිස නස්සන්න නොවන බව අපේ බදු මුදලින් පඩි ගන්න පොලීසියට කියල දෙන්න ඕන.. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site