තමන්ට කොටුව දුම්රිය ස්ථානයේ පාලමේදී කැරලි මර්දන පොලීසිය නිකරුණේ පහරදීමෙන් සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 50 ක ඉල්ලා දුම්රිය මඟියෙකු කොළඹ දිසා අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ විභාගය අවසන් විය.
නඩුව නොවැම්බර් 03 වැනි දා යළි කැඳවන ලෙසද නියෝග කළේය. කොළඹ අතිරේක දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ නඩුව විභාග කැරිණි.
දුම්රිය මඟියකු වන දුමින්ද හපුආරච්චි මහතා විසින් ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, නීතිපති නම් කරනු ලැබ සිටිති. ඉකුත් වසරේ අපේ‍්‍රල් 22 වැනි දා කොටුව දුම්රිය පාලමෙන් ගමන් කරමින් සිටියදී කැරලි මර්දන ඒකකයේ පහර කෑමට ලක් වු බව පෙත්සමේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අන්තර්ජාල පුවත වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම තුළින් රටේ ජීවත්වන පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අදහස් පළකළ සැමට තුති.සැබවින්ම පුරවැසියන් වශයෙන් අප අපගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සදහා ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක වියයුතු බව මා මුහුණදුන් සිද්ධියේදී අවබෝධ විය. පුරවැසි අයතිවාසිකම් මතු පරපුරට ආරක්ෂා කරදීම සඳහා අපගේ අයිතිවාසිකම් කඩවූ අවස්ථාවක ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීම ඉතා වැදගත්ය. ඒ තුළින් එවැනි අවස්ථා ඉදිරියේදී ඇතිවීමට ඇති ඉඩකඩ අවම කිරීම සදහා යම්කිසි දායකත්වයක් දැක්වීමට අපට හැකිවේවි. ඒ වාගේම පුරවැසි අයිතිවාසිකම් කිසියම් පාර්ශවයක් විසින් උල්ලංඝනය කළවිට නිහඬව සිටිමින් කිසිදු නීතිමය පියවරක් නොගෙන සිටීම තුළින් තවදුරටත් එවැනි ක්‍රියා සිදුවීමට ඇති ඉඩකඩ විවර කිරීමක් සිදුවේ. පුරවැසි අපගේ අයිතිවාසිකම් සුරැකීමට අපි එකමුතු වෙමු (නි)
ඔබට 2016 ඵල බර වසරක් වේවා! (බ)
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළයුතුය (නි)
නීතියේ ඇති සිදුරුවලින් රිංගලා කාකි කබායේ හයියෙන් අහිංසකයන්ව තලාපෙලන අැතැම් පොලිස් නිළධාරීන් නිසා මුළු පොලිස් සේවයටම නිග්‍රහයක් සිදුවුන මෙම සිද්ධිය මුළු රටම විද්‍යුත් මාධ්‍ය හරහා දැක්කා.අනිවාර්යයෙන්ම දුමින්ද ඔබට සාධාරණය ඉෂ්ඨ විය යුතුයි.අපි ඒගැන බලාගෙන ඉන්නවා.(බ)
සාධාරණයක් ඉෂ්ටවේවා! (නි)
මෙව්වා හොඳ වැඩ. (ම)
ඔබට ජය පතනවා (බ)
අපි ඔක්කොම එකතුවෙලා දුමින්ද මහත්තයට සහය දෙන්න ඕන මේ කටයුත්ත ඉදිරියට ගෙනියන්න .. තරු පටි තියෙන්නේ මිනිස්සු රකින්න මිස නස්සන්න නොවන බව අපේ බදු මුදලින් පඩි ගන්න පොලීසියට කියල දෙන්න ඕන.. (බ)