IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොරියාවෙන් ලංකාවට ඩොලර් මල්ලක්

(අංජුල මහික වීරරත්න)

ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා- කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා සහ ආයතනයේ  දැනට පවතින පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම පිණිස ඇමරිකා ඩොලර් ලක්ෂ පහළොවක මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට කොරියානු අපනයන ආනයන බැංකුව විසින් එකඟතාවය පළකර තිබේ.

කොරියානු අපනයන ආනයන බැංකුව විසින් සපයන ලද රුපියල් මිලියන 2900ක මූල්‍ය ආධාරයක් යටතේ ශ්‍රී ලංකා- කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය ඉදිකරනු ලැබ ඇත.

මාස 16ක කාල සීමාවක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ මෝටර් රථ තාක්ෂණය, නිෂ්පාදන තාක්ෂණය,පෑස්සුම් තාක්ෂණය, විදුලි තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ස්වයංක්‍රීය හා රොබෝ තාක්ෂණය, තරල බල තාක්ෂණය, මෙකා ට්‍රොනික් තාක්ෂණය ඇතුළු සියලුම පාඨමාලාවන් වල පොදු අවශ්‍යතාවයන් සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂිතය.

යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස දෙපාර්ශවය අතර අත්සන් තැබීමට නියමිත කෙටුම්පත් සහ අවබෝධතා ගිවිසුම සඳහා නීතිපති අවසරය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ එකඟතාවයද කැබිනට් අනුමැතිය ද ලැබී තිබේ.



අදහස් (4)

කොරියාවෙන් ලංකාවට ඩොලර් මල්ලක්

Perera Wednesday, 27 March 2024 12:25 PM

ඩේසි ආච්චි දැන් කොරියාවේද ඉන්නේ?

:       6       9

Bamunuarachchi Wednesday, 27 March 2024 03:42 PM

දෙන ලද මුදල් අදාළ කාර්යට යෙදෙව්වාද කියලා කොරියානු බලධාරීන් සොයාබලනවා නම් හොඳයි. නැතිනම් මේ මුදල් එකිනෙකාගේ ගිණුම් වලට යනවා ෂුවර්. මේ රටේ හැටි එහෙමයි...

:       2       7

chandima Wednesday, 27 March 2024 05:37 PM

මූල්‍ය ප්‍රදානයක් කියන්නේ ණයක්ද? නැතිනම් ණයක් නොවන ආපසු නොගෙවන ප්‍රදානයක්ද? හරියට කියන්න...!

:       2       2

Bamunuarachchi Thursday, 28 March 2024 12:42 AM

ඩේසි ආච්චි ඉන්නේ වලේ ඉක්මනට වලට ගියොත් හම්බවෙන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site