IMG-LOGO

කොරියාවට යනවනම් උපදෙස් මාලාවක්

(විනීතා එම් ගමගේ)

දකුණු කොරියාවේ සේවක කරමින් සිටියදී නිවාඩු ලබා මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු එරටට යාමට බලාපොරොත්තු වන්නේ නම් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.
 
එසේ කොරියාවට යන සේවකයින් තම සේවාස්ථානයට ගිය වහා නිරෝධායනයට ලක් කරන බවට සේවා යෝජකයා විසින් වගකීම බාරගන්නා බව සඳහන් සහතිකයක් ගෙන්වා ගත යුතු අතර ඒ සඳහා වන ෆෝරමය කාර්යංශයේ www.slbfe.lkවෙබ් අඩවියට පිවිස පුරවා ඊ.පී.එස් (EPS) මධ්‍යස්ථානයට යොමු කළ යුතුය.
 
එසේ උඡී මධ්‍යස්ථානය වෙත ලැබෙන පෝරමය කොරියානු මානව සම්පත් සංවර්ධන ආතයනය විසින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව නැවත කාර්යංශය වෙත එවනු ලබන බවත් අදාල තහවුරු ලිපිය මෙරට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය හා ඊ.පී.එස් (EPS) ආයතනය මගින් අනුමත කොට අදාල රැකියාලාභියාගේ ඊමේල් ලිපිනයට යොමු කරනු ලබන බව ද මෙකී අනුමැති ලිිපිය ගුවන් තොටුපල වෙත යාමේ දී ලඟ තබාගැනීම අනිවාර්ය වන බව ද එම උපදෙස් මාලාවේ සඳහන්වේ.
 
ඊට අමතරව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය වෙතින් විද්‍යුත් ලිපිනය ලැබුන බවට තහවුරු කිරීමේ ලිපියේ පිටපතක්, ගමන්බලපත‍්‍රයේ ඡායරූපය සහිත පිටුවේ පිටපතක් වීසා බලපත‍්‍රයේ පිටපතක් සහ කාර්යංශයේ ලියාපදිංචි ගාස්තුව වශයෙන් රුපියල් 3456 ක් ද කාර්යංශය වෙත ඉදිරිපත් කළ යුතුය.
 
ගුවන් තොටුපලට යාමේ දී කාර්යංශයෙන් තහවුරු කිරීමේ ලිපියක්, ගමන් බලපත‍්‍රයේ පිටපත් දෙකක්, නැවත කොරියාවට ඇතුළු වීමේ වීසා කාඞ්පත  (Re-entry Alien Card) ගෙන යායුතු අතර සෙසු නීති සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක වේ.
 
මේ පිළිබඳ වැඩි විස්තර කාර්යංශයේ 1989 ක්‍ෂණික ඇමතුම් අංකයෙන් ලබාගත හැකිවේ. 

 



අදහස් (1)

කොරියාවට යනවනම් උපදෙස් මාලාවක්

Mangala Monday, 18 May 2020 12:41 PM

ඔක්කොමත් හරි අර 3456 තමා දිරවන්නේ නැත්තේ. මම ඉන්නේ කොරියාවේ නෙවෙයි. නමුත් මේ ලෝකේ වෙනත් කිසිම රටක් මේ විදියට විදේශ රැකියාවකට යන තමන්ගේ පුරවැසියන්ගෙන් ගසා කන්නෙ නැහැ. විශේෂයෙන් මැදපෙරදිගට යන අයගෙන්.

:       1       376

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site